බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වන ජනමත විචාරණය අද පැවැත්වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ ප්‍රතිපක්ෂ යුරෝපා සංගමයට විරුද්ධ පාර්ශව අවසන් සටනට වැද ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසයි.
එංගලන්තය, වේල්ස්, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තයේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත අතර යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට තීරණයක් ලැබුණහොත් බ්‍රිතාන්‍ය මූල්‍ය අර්බුදයකට ලක්විය හැකි බවත් විදේශ විනිමය පහත වැටිය හැකි බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
යුරෝපා සංගමයෙන් ඉවත්වීම ඔබේ පවුලේ අනාගතය අවදානමේ හෙළීමක් වනු ඇති බවත් බ්‍රහස්පතින්දා ඡන්දය ඒ සඳහා පාවිච්චි කළහොත් එය සිකුරාදාට වෙනස් කළ නොහැකිවනු ඇති බවත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.
මේ අතර යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතුය යන ස්ථාවරයේ සිටි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද පසුගියදා ඝාතනය කැරිණි.
එසේ හෙයින් ජනමත විචාරණය ඉතා උණුසුම් එකක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
ඡන්ද විමසුම සඳහා බ්‍රිතාන්‍ය පුරවැසියන්ට මෙන්ම එරට පදිංචිව සිටින ආසියාතිකයන්ටද සහභාගී විය හැකි නමුත් එරට වෙසෙන යුරෝපා ජාතිකයන්ට එම අවසරය ලබාදී නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්‍රිතාන්‍යයට තීරණාත්මක දවසක් උදාවෙයි
සේරම් පැරිස් Thursday, 23 June 2016 09:01 AM
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ නම් එම රටට හොඳක් වාගේම, යුරෝපයටත් හොඳක් වන්නේය, මා කැමතියි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වෙනවට. (ර)
ජයම්පති Thursday, 23 June 2016 10:08 AM
වෙන්වීම බ්‍රිතාන්‍යට පමණක් නෙවෙයි, ආසියනුවන්ටත් හොඳයි. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. (ර)
බණ්ඩා Thursday, 23 June 2016 10:34 AM
දැන් යුරෝපා සංගමය කියන්නේ ජර්මන් කොලනියක් එංගලන්තයත් දැන් ඉන්නේ ජර්මනියට ඕන විදියට. (ර)
බණ්ඩාර Thursday, 23 June 2016 10:36 AM
එංගලන්ත අගමැති කියන්නේ නියම නායකයෙක්. (ර)
කරු Thursday, 23 June 2016 02:57 PM
එංගලන්තය්‍ෙ සිටින කළු සුද්දාෙ යුරා්‍ෙපා හවුලෙන් ඉවත් විය යුතුයි කියන්නේ ආමාර්ථකමට සහ අනවබා්‍ෙධය නිසා. එහි සිටින ආසියාතිකයන් තවමත් වහල් යුගය්‍ෙ පසුවන්න්‍ෙ ඹවුන්ට තවමත් පිට පලාත්වලට ගිහින් ජීවත් වෙන්න බැහැ සුද්දාෙ හිරිහැර කරනවා. (බ)
ලලිත් Thursday, 23 June 2016 04:47 PM
සුද්දන්ට වෙන්නොවී එකට හිටියොත් ආර්ථිකයට හොඳයි කියන කට්ටිය අපේ රටේ මිනිසුන්ට එකතුවෙලා ඉන්න නොකියන්නේ අපේ ආර්ථිකයට පහරදෙන්නද? (නි)
රමණි Saturday, 25 June 2016 07:15 AM
එංගලන්තය දැන් අච්චාරු හැලියක් වාගේ. (ර)
ඩිල්ෂාන් Saturday, 25 June 2016 11:49 AM
යහපාලනයටත් පාඩුයි කැමරන් ඇද වැටුනහම. හිතාගෙන හිටපු සෙල්ලම් කරන්න අමාරුයි දැන් (නි)
පිටිගල මිලානෝ Saturday, 25 June 2016 07:53 PM
එංගලන්තය මොනවගේ රටක්ද කියලා මම දැනගත්තේ මේ ප්‍රතිඵල අැහුවහමයි. (නි)
මිනිපෙ Sunday, 26 June 2016 03:14 PM
මෙයට එකගව ඡන්දෙ දුන්නේ, ජාතිවාදය නිසා.සාමාන්‍ය ජනයා, මෙහි ප්‍රතිපල ගැන අවබෝධයකින් සිටියේ නැ.වෙන්වීමට කැමැත්තෙන් ,වැඩිපුර ඡන්දය දුන්නේ මහලු උදවිය. (බ)
ලලිත් Sunday, 26 June 2016 04:56 PM
මේ අදහස මම ලියද්දි ඔය ඡන්දෙ අවසන් වෙලා බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් වෙන්වෙන්න තීරණය කරලා හමාරයි. ඒ විතරක් නොවෙයි අයර්ලන්තයත් බ්‍රිතාන්‍යයෙන් වෙන්වෙලා යුරෝපා හවුලට එක්වෙන්න උත්සාහ ගනිමින් සිටින තත්වයක් ඇතිවෙලා තිබෙන අවස්ථාවක්. ලෝකයේ නාවික ගමනාගමනයත් වෙළඳාමත් පාලනය කිරීමේ අරමුණින් ලංකාව අවුරුදු තිහක යුද්ධයකට තල්ලු කර අවුරුදු තිහක් යුද්ධය දික්ගස්සවපු ඔය අධිරාජ්‍යවාදී බලලෝභින්ට ඔහොම වෙලා මදි. (නි)