බ්‍රිතාන්‍ය යේ ප්‍රථම නිල අජඨාකාශගාමී මේජර් ටිම් පීක් රැගත් යානය සහිත රොකට්ටුව කසකස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෝයුස් අභ්‍යාවකාශ කැප්සුලය මගින් රුසියානු ජාතික අජඨාකාශගාමි යුරි මිලෙන්චෙන්කෝ, ඇමරිකානු ජාතික අජඨාකාශාගමි ටිම් කොප්රා ද සමගින් මේජර් ටිම් එක්ව ගමන් කරයි. මෙම අජටාකාශගාමින් තිදෙනා අභාවකාශ මධ්‍යස්ථානයේ මාස හයක් ගත කිරීමට නියමිතය. ටිම් පීක් කලින් යුධ හමුදා ගුවන් නියමු ලෙස සේවය කර තිබේ.
1961 අජඨාකාශයට ගිය පළමු මිනිසා වන යුරි ගගාරින් රැගත් රොකට්ටුව යැවූ ස්ථානයෙන් ම මේ රොකට්ටුව අභ්‍යාවකාශගත කිරීම විශේෂත්වයකි.
සොයුස් යානය ගුරුත්වා කර්ෂණය ශුන්‍ය ලක්ෂයට ලගාවන්නේ මෙම ගමනේ නමවන මිනිත්තුවේදීය.
පීක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගතකරණ කාලයේදී විද්‍යාත්මක පර්යේෂණ කීපයක් සහ තරුණයන් විද්‍යාවට නැඹුරුකිරීමට සැලසුම් කර ඇති අධ්‍යාපනික ව්‍යාපෘති කීපයක්ද සිදු කිරීමට නියමිතය.
අභ්‍යවකාශ ගමනට ප්‍රථමයෙන් පීක් තම බිරිඳ රෙබෙකා, සහ වයස අවුරුදු 6 ක් වන වැඩිමහල් පුතු තෝමස් සහ සිව් හැවිරිදි ඔලිවර් සහ පවුලේ හිතවතුන්ට සමුදීමටද අමතක නොකලේය.
මේ අවස්ථාවේදී ටිම් ගේ පියාගේ උරහිසේ වාඩි වි සිටිමින් ඔහුගේ බාල පුත් මහ හයියෙන් හඩමින් පවසා ඇත්තේ තමාටද පියා සමග යාමට අවශ්‍ය බවයි.
චිචෙස්ටර් හි උපත ලද ටිම් බ්‍රිතාන්‍යයෙන් ජාත්‍යන්තර අභ්‍යාකාශ මධ්‍යස්ථානයට යාමේ කණ්ඩායමට එක්වු පළමු පුද්ගලයා වන අතර යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ (ඊසා) හි රැකියාව ලත් පළමු පුද්ගලයා ලෙස ද ඉතිහාස ගතවූයේය.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලඟාවන ටිම් සහ ඔහුගේ සගයන් දෙදෙනා නාසා හි අජටාකාශ ගාමි ස්කොට් කෙලී සමග එක්වෙති. කෙලී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වසරක කාලයක් ගත කරණ අතර ඔහු මෙහිදි වෙද්‍ය පර්යේෂණ වැඩසටහන් වලට එක්වෙයි.
මීට කලින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගමනට එක්වු බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් වු රිචර්ඩ් ගැරියට් සහ මාර්ක්ෂට්ල්වර්ත් ඒ සඳහා එක්වී ඇත්තේ ඇමරිකානු පුරවැසි භාවය ලබාගැනීමෙන් පසු නාසා ආයතනයෙනි.
අනෙක් බ්‍රිතාන්‍යයේ උපත ලද අජටාකාශ ගාමියා වු මයිකල් ෆෝලේ තම මව මාර්ගයෙන් ඇමරිකානු බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසි භාවය ලබා ඇත.
1991 දි සොවියට් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කල හෙලන් ෂාර්මන් අභ්‍යාවකාශ ගතවු ප්‍රථම බ්‍රිතාන්‍ය කාන්තාව ලෙස වාර්තා වි තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්‍රිතාන්‍යයත් අභ්‍යාවකාශයට මිනිසකු යවයි
රිචි බාලසුරිය Tuesday, 15 December 2015 06:50 PM
අපේ රටෙත් මෙවැනි රොකට්ටු සහ කෘතීම චන්ද්‍රිකා යැවිමට, කලින් රජයේ සැළසුමක් තිබුනත් රජය වෙනස්වීම නිසා අපේ ඒ සියල්ල බලාපොරොත්තු විනාශවුණා (නි)
ලලිත් Wednesday, 16 December 2015 12:22 AM
මට නම් පෙනෙන්නේ බ්‍රිතාන්‍ය මිනිසෙකු අභ්‍යවකාශයට යවලා නෙමෙයි, රුසියන්කාරයෝ බ්‍රිතාන්‍ය මිනිසකු අභ්‍යවකාශයට එක්කගෙන ගිහිල්ලා වගෙයි. (නි)
ආනන්ද දොඩන්ගොඩ Wednesday, 16 December 2015 10:20 AM
අපේ රෝහිත පුතා හැදුවෙත් ඔය දෙයම කරන්න , එහෙත් අවාසනාවට ඒවා ඔක්කොම දුවිලි වෙලා ගියා (ම)
ලකී Wednesday, 16 December 2015 10:53 AM
සතපහකට වැඩක් නැති හිස් මිනිසුන් ගැන කතා නොකර මේ වීර අජටාකාෂගාමින්ට සුබ පතමු.සුබ ගමන් ඔබ සැමට !! (බ)
විශ්ව Wednesday, 16 December 2015 06:19 PM
මිනිස්සු තාමත් හිතාගෙන ඉන්නේ පෘථිවිය ගෝලාකාරයි කියලා වුණත් කරුණාකර "යූටියුබ් ප්ලැට් අර්ත් (youtube flat earth)" බලන්න. (නි)
කමල් Thursday, 17 December 2015 01:44 AM
අපිත් මෙහෙම මොනවාහරි කරමුකෝ (නි)
ප්‍රියංකර Thursday, 17 December 2015 09:59 AM
අනේ සිංහල අපිවත් එක්කරගන යමල්ලකෝ, අපට කියල රටක් නැති කොට අභ්‍යාවකාශයට යන්න තියනවනම්.......??? (බ)
සාමා මොර්ඩන් Thursday, 17 December 2015 10:17 AM
කමල් අපි මොනවද කරන්නේ, ලංකාවේ ඔය ටික කරන්න හදන කාලේ එයට විරුද්ධව කොපමණ අවලාද නැගුවද ? (ර)
ගජේන්ද්‍ර Thursday, 17 December 2015 07:45 PM
මේ තමයි ලෝකය තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ආකාරය (නි)