බ්‍රිතාන්‍යයෙන් මෙතෙක් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන කොකේන් ටොන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් උතුු මුහුදේ යාත්‍රාකරමින් තිබූ ටග් යාත්‍රාවක් වටලා අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය පවුම් කෝටි 50ට වඩා වැඩි වටිනාකමකින් යුතු මේ කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජකීය නාවික හමුදාව විසිනි.
විදෙස් මාධ්‍ය පවසන්නේ මේ යාත්‍රාව තුර්කි ජාතිකයන් පිරිසක් විසිනි ගෙන යමින් තිබූ බවයි. එය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇබඩන්ෂයර් වෙරළට නාවික සැතපුම් 100ක් නැගෙනහිර මුහුදේදීය. මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි තුර්කි ජාතිකයන් නම දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය පැවසුවේ පළමුව කොකේන් ටොන් 2 ක් හමුවු බවත් පසුව කරණ ලද විමර්ෂණයේදී තවත් ටොන් එකක් සොයාගත් බවයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණු ඇමරිකාවේ නිෂ්පාදනයක් බවත් කැනරි දූපත් වලදී බෝට්ටුවලට පටවා ඇති බවත් විශේෂඥ මතයයි මීට ප්‍රථමයෙන් 2014 සැප්තැම්බර් මාසයේදී අයර්ලන්තයේ වයඹ දිග මුහුදේ දී යොට් එකක ප්‍රවාහනය කරමින් තිබු පවුම් කෝටි 15ක් වටිනා කොකේන් තොගයක් අත් අඩංගුවට ගෙන තිබිණි.
බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ විමශන නිලධාරි ජෝන් මැක්ගොවන් මාධ්‍යයට පවසා තිබුනේ ඉහළම පුහුණ්වක් ලත් නිලධාරින් කණ්ඩායමක් විසින් ඉතාමත් අසීරු තත්වයන් යටතේ මෙම ටග් යාත්‍රාව පරික්ෂාවට ලක්කල බවයි. ඒ අනුව විශාල ප්‍රමාණයක කොකේන් අත්අඩංගුවට ගැනීමට හැකිවු බව හෙතෙම පැවසීය.
බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය මගින් මෙම වැටලීම සිදු කර ඇත්තේ ප්‍රංශ රේගුව මගින් ලබාදුන් ඔත්තුවක් අනුව මත්ද්‍රව්‍ය තිබු යාත්‍රාව ඇබර්ඩින් වරාය වෙත ගෙන ගොස් සිදුකරණ ලද පරික්ෂාවකදීය.
සැකකරුවන් සියළුම දෙනාටම අපරාධ නීතිය (ජාත්‍යන්තර සහයෝගිතා ) 1990 පනත මගින් පාලන කරණ ලද මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ වරදට නඩු පවරණ බව බ්රිතාණ්ය රජය පවසයි.
මෙම පනත මගින් එක්සත් රාජධානියට නිති විරෝධි අන්තරාකාර මත්ද්‍රව්‍ය පිලිබඳ වියානා සම්මුතියට අනුව වෙනත් රටවල් හා එක්ව කටයුතු කිරීටම අවස්ථාව සැලසි තිබේ.
ප්‍රංශ රේගුව නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ ස්කොට්ලන්තයට නාවික සැතපුම් 60 ක් නැගෙනහිරින් ටොන් 2 කට වඩා වැඩි ප්‍රමාණයක් පටවා ගත් යාත්‍රාවක් ඇති බවට තමන් විසින් බ්‍රිතාන්‍ය බලධාරින් දැනුම්ත් කළ බවයි. එක්සත් රාජධානියට විශාල ලෙස කොකේන් සැපයීම සිදුවන්නේ කොලොම්බියාව, හෝ වෙනිසියුලාව හෝ ඉක්වදෝරයෙන් බව එරට ආරක්ෂක අංශ පවසයි.
බ්‍රිතාන්‍යය යුරෝපයේ මත්ද්‍රව්‍ය සඳහා වැඩිම ලාභදායි වෙළඳ පොලක් ඇති රටයි. බ්‍රිතාන්‍යයට වසරකට කොකේන් ටොන් 25 ක් හෝ 30 ක් පමණ නීති විරෝධි ආකාරයෙන් ගෙන එනු ලබන බව ගණන් බලා තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්‍රිතාන්‍යයෙන් කොකේන් වාර්තාවක්