තායිලන්තයේ බැංකොක් අගනුවරට බලපා ඇති දරුණු ජල ගැලීම්වලට එරට නව අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා වගකිව යුතු යැයි තායිලන්ත විපක්ෂ කණ්ඩායම් චෝදනා කරයි.
තායිලන්තයේ බැංකොක් අගනුවර උතුරුදිග දිස්ති‍්‍රක්කවලින් සියයට 90 ක් මේ වනවිට මුළුමනින්ම පාහේ ජලයෙන් යට වී ඇති අතර ලක්ෂ ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇත.
විපක්ෂ කණ්ඩායම් අගමැති යිංග්ලක් ෂිනවාත‍්‍රාට සහ රජයට චෝදනා කරන්නේ ජල ගැලීම් ගැනත් මහ වැසි ගැනත් තායිලන්ත රජය නිසි වේලාවට අනතුරු ඇඟවීම් නොකළ බවත් එම නිසා ජීවිත හානි රැසක් සිදුවූ බවත්ය.
ජල ගැලීම්වලට හසුවීමෙන් මේ වනවිට 600 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
විපක්ෂයෙන් එල්ල වන එම චෝදනාවලට පිළිතුරු දක්වමින් අගමැති යිංග්ලක් ෂිනවාත‍්‍රා ප‍්‍රකාශ කළේ සොබාදහමට එරෙහි වෙන්න තමාට හෝ තම රජයට හෝ හැකියාවක් නැති බවය.
තායිලන්තයට මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ පසුගිය ජූලි මාසයේ සිටය.
මේ වනවිට බැංකොක් නුවර ප‍්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇත. බැංකොක් ගුවන්තොටුපොළ ද වසා දැමීමට බලධාරීහු තීරණය කර ඇතැයි ද වාර්තා විය.
විපතට පත්වූවන්ට ආධාර ලබා දීමටත් ගංවතුර හේතුවෙන් කොටුවී සිටින පිරිස් බේරා ගැනීමටත් හමුදාව යොදවා ඇතැයි වාර්තා වේ.
බැංකොක් නුවර ආසියා කලාපයේ ප‍්‍රමුඛ වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් වන අතර ජල ගැලීම් හේතුවෙන් එම වෙළෙඳ ගනුදෙනු සියල්ල ඇණහිට ඇත. එයින් තායිලන්තයට සිදුවී ඇති පාඩුව අති මහත්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැංකොක් ගංවතුරින් යටවුණාට විපක්ෂයෙන් අගමැතිනියට දොස්