ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කධිමියා සහ ෂියා ප්‍රදේශ වලට එල්ල වූ කාර් බෝම්බ තුනකින් 80කට ආසන්න පිරිසක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂියා පළාතේ සද්‍ර නගරයේ වෙළදසැලකට එල්ල වූ ප්‍රහාරයකින් 64 දෙනෙක් මිය ගොස් තවත් ප්‍රහාර දෙකකින් 20කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත. ප්‍රහාරයේ වගකීම සුන්නි ජිහාඩ් නමැති අයි එස් කල්ලිය භාරගෙන තිබේ.සද්‍ර නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කාන්තාවන් සහ ළමුන් වැඩි බවට සදහන් වේ. බෝම්බය අටවා තිබුනේ එළවලු සහ පලතුරු රැගෙන ආ ට්‍රක් රථයක බවත් එහි රියදුරා එම රථය නැවතූ විගස අතුරුදහන් වූ බවත් ඇසින් දුටු අයෙකු ප්‍රකාශ කර ඇත.එම බෝම්බ වලින් දිවි ගලවාගත් බොහෝ අය එරට දේශපාලකයන්ට දොස් නැගු බවට එරට මාධ්‍ය වාර්තා කළේය.
තම ජනතාව ආරක්ෂා කළ නොහැකි දේශපාලන නායකයන්ගෙන් ප්‍රයෝජනයක් නොමැති බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ. මේ වසරේ මුල් මාස හතර තුල සිවිල් වැසියන් 1885ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංගමය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැග්ඩෑඩ් නුවර බෝම්බ පුපුරයි : 80ක් මරුට
රුසිතා Friday, 13 May 2016 09:55 AM
උඹලට හොඳ වැඩේ. සදාම් ව පාවල දුන්නට.(අ)