හාස්‍යමය දුෂ්ඨයින් සහ සුපිරි වීරයන් යොදා ගෙන ආරාධිතයින් පුදුම කරවන විවාහ උත්සවයක් පැවැත්වීමට ඇමරිකානු යුවළක් සමත් වූහ. ඔවුන් වීඩියෝ කාටුන් නිෂ්පාදකයෙක් වන ඇඩම් බෝන් සහ ඔහුගේ බිරිඳ මිචෙල් චෙන්ග්ය.
ඔවුන් දෙදෙන විවාහ උත්සවය සංවිධානය කිරීමේදී කුඩා ළමයින් ආදරය කරන ප‍්‍රසිද්ධ චරිත තෝරා ගනිති. ඒ ආරක්ෂක ඇඳුම් ඇඟලා සිටින නියිට්වරුන්, නින්ජා, බැට්මෑන් සහ අයන් මෑන් ආදි චරිතයි.
ඇඩම් සහ දෙවැනි මනමාලයන්ද ආරක්ෂක ඇඳුම් ඇඳ සිටිති. විවාහ උත්සවය ආරම්භයේදී සාමාන්‍ය විවාහයක මෙන් චාරිත‍්‍ර සිදු කැරෙයි. ඒවා අවසන් වනවාත් සමගම එතෙනට කඩුවකුත් රැගෙන නයිට්වරයෙක් එයි. මනාලිය තමා ළඟට ගනිමින් ආදරය බේරා ගැනීමට සටන් කරන්නැයි ඇඩම්ට කියයි.මිචෙල් දුන් කඩුව අතට ගත් ඇඩම් ඔහු සමග සටන් කර මිචෙල් බේරා ගනී. ඒ සමගම පැමිණි නින්ජාවෙන් දෙදෙන් දෙවනි මනාලියන්ද සටන් කරති.
බැට්මෑන් පැමිණ අනාගතයේදී ඔහුට සෑම දෙයකටම උපකාර කරන බව පවසනනමුත් අයන් මෑන් පැමිණ ඔහුට පහරක් ගසා ඒ සඳහා තමා ඉදිරිපත් වන බව කියයි. මේ ආකාරයෙන් අනෙක් කාටුන් චරිතද ඔවුන් අසලට පැමිණි විවිධ රැගුම් ඉදිරිපත් කරයි.
සිදුවන සියල්ල බලා සිටි ආරාධිතයන් විටෙක ඉතා බියට පත් වූ අතර විටෙක සිනා සෙති. එපමණක් නොව සිදුවන දෙය වටහා ගැනීමට නොහැකිව හොටලයේ කළමනාකරුද බියට පත් වෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැට් මෑන් මඟුල් ගෙදර වැඩ පෙන්වයි
දර්ශන් Tuesday, 10 December 2013 04:27 PM
අපේ අයත් මෙවැනි නිසාරණ වැඩ පටන් ගනීවිද? (ස)
අකිල Tuesday, 10 December 2013 05:32 PM
අළුත් වැඩක් කරන්න ගත් උත්සාහයක් (නි)
කමල් Tuesday, 10 December 2013 06:23 PM
නියමයිනේ (නි)
රණේ Tuesday, 10 December 2013 07:55 PM
නියම වැඩක් (නි)
කෆ්ජි රාසා Tuesday, 10 December 2013 11:47 PM
කෝලම් (ස)
ගයාන් Wednesday, 11 December 2013 06:08 AM
ඵලක් නැති වැඩක් (නි)
අශාන් Wednesday, 11 December 2013 07:47 AM
ගයාන්, අපේ කට්ටිය ලක්ෂ ගණන් වියදම් කරගෙන මගුල් ගෙවල් වල කොච්චර පලක් නැති වැඩ කරනවද? (නි)
පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 08:05 AM
අශාන් මාත් එකඟයි. (නි)
නිසංසලා Wednesday, 11 December 2013 09:33 AM
විකාර වැඩක් වුනත් ආරාධිතයො නම් ගොඩක් සතුටු වෙන්න ඇති. (නදී)
කුමාරි Wednesday, 11 December 2013 10:17 AM
මේ ලඟදි මගේ හොඳ යාලුවෙක් විවාහ උනා. මංගල උත්සවයෙන් පස්සේ එයා කිව්වා, මට දැන් හොඳට රගපාන්න පුළුවන් කියලා.මොකක්ද ඒ කතාවේ තේරුම බැලුවම කැමරාකරුට ඕන විදියටලු දවසම හිටියේ.පස්සේ ඔක්කොටම හොරෙන් කුස්සියට ගිහින් හොඳට කෑවලු. (ස)