X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


බැල්ලියකගේ දරු දුක උතුරයි

සැබෑ මවගේ රැකවරණය අහිමි සයිබීරියා ව්‍යාඝ‍්‍ර පැටවුන් තිදෙනකුට මවක වී සිටිනා බැල්ලියෙක් පිළිඹදව චීනයේ හගසු සත්වෝද්‍යානයෙන් වාර්තා වේ.

මෙම ව්‍යාඝ‍්‍ර පැටවුන් තිදෙනා යන්තම් මසක් වයසැතිය.උපතේ පටන් ඔවුන්ට රැුකවරණය සැළසීම සැබෑ මව ප‍්‍රතික්ෂේප කිරීම නිසා සත්ත්වෝද්‍යාන භාරකරුවන් පත්වූයේ මහත් අසීරු තත්ත්වයකටය.මන්ද ළදරු වියේදී මෙම වර්ගයේ ව්‍යාඝ‍්‍ර පැටවුන්ට මවකගේ රැුකවරණය අත්‍යාවශ්‍යම වන බැවිනි.

ලැබුණු ආරංචියක් අනුව අසල ගම්මානයක සිටි මෑතකදී පැටවුන් ලැබූ බැල්ලක ඇයගේ පැටවුන් දෙදෙන සමගම සත්ත්වෝද්‍යානයට කැදවා ගෙන එන්නට සේවකයන් කටයුතු කරන්නේ මේ සමගය.අඩු තරමේ පැටවුන්ගේ අගය දන්නා මේ මවවත් මව් සෙනෙහස අහිමි ව්‍යාඝ‍්‍ර පොඞ්ඩන් තිදෙනාට සරණ වේ යැයි සිතාය.

ඔවුන්ගේ අදහස ඵල ගන්වමින් බැල්ල තම පැටවුන්ට සේම ව්‍යාඝ‍්‍ර පැටවුන්ටද සෙනෙහස පාන්න ගත්තීය.තම පැටවුන් වෙනුවෙන් එරෙන කිරි ඔවුන්ද හනි හනිකට උරා බොන විටදී ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් ඇයගෙන් පළ නොවුණි.

ප‍්‍රමාණයෙන් කුඩා වුවත් ව්‍යාඝ‍්‍ර පැටවුන් තිදෙනාට සැළකිය යුතු තරමේ කිරි ප‍්‍රමාණයක් අවශ්‍ය වේ.මෙනිසා පහර වැදී ඇත්තේ බැල්ලගේ සැබෑ පැටවුන් දෙදෙනාට බව සේවකයින් කියයි.කිරි උරාබොන තරගයේදී ඔවුන්ට ව්‍යාඝ‍්‍ර පැටවුන් හා හරි හරියට ගැටීමට සිදුව ඇත.

රුසියාවේ නැගෙනහිර ප‍්‍රදේශයන්හි වාසය කරන සයිබීරියානු ව්‍යාඝ‍්‍රයින් වදවී යාමේ තර්ජනය මුහුණපා සිටින සත්ත්ව කොට්ඨාශයකි.වාර්තා වන අන්දමට දැනට ස්වභාවික පරිසරයේ වාසය කරන්නේ 400 - 500 පමණ කුඩා අගයක සතුන් පිරිසකි.

මාස 18 ක් පමණ වන තෙක් සයිබීරියානු ව්‍යාඝ‍්‍ර පැටවුන්ට මවගේ රැුකවරණය අත්‍යාවශ්‍යම වන අතර වසය අවුරුදු 2 - 3 පමණ වන විට ඔවුන් තනි තනිව ජීවත් වීම අරඹන බව සදහන්ය.

 



අදහස් (0)

බැල්ලියකගේ දරු දුක උතුරයි

සුසන්ත ඉන්ද්‍රජිත් Wednesday, 25 December 2013 12:10 PM

බැල්ලිව බලහත්කාරයෙන් අල්ලාගෙන කිරි පෙවීමේ ඇති සෙනෙහස මොකක්ද? (නදී)

:       0       0

නුවන් කුමාරසිරි Wednesday, 25 December 2013 07:47 PM

කළකට පස්සේ සංවේදී ප්‍රවෘත්තියක් (දිල්)

:       0       0

සුමංගල - ඇල්පිටිය Wednesday, 25 December 2013 08:40 PM

මාස දෙකක් ඔහොම තියලා බලන්න. සෙනෙහසත් නෑ බැල්ලිත් නෑ.(නදී)

:       0       0

උපාලි Wednesday, 25 December 2013 09:07 PM

ව්‍යාඝ‍්‍ර පැටවුන් ට පිටි කිරි දෙන්න තිබුනා. (අ)

:       0       0

රෝසා Friday, 27 December 2013 12:37 AM

මිනිසුන් තරම් සත්තු නපුරු නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site