පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුණේ ඔහුගේ හිසට වෙඩි තැබීමෙන් යැයි එම මෙහෙයුමට සම්බන්ධ ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භට කණ්ඩායමට අයත් එක් සෙබළකු ලියූ ‘නෝ ඊසි වේ’ නමැති කෘතියේ සදහන් වෙයි. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා 2011 වසරේ දී කළ ඝාතන මෙහෙයුමේ සවිස්තරාත්මක විස්තර මෙම කෘතියට ඇතුළත් වන අතර එය ලබන 4 වැනිදා එළිදැක්වීමට නියමිතය. කෘතිය රචනා කර ඇත්තේ බින්ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වී, මේ වනවිට හමුදාවෙන් විශ‍්‍රාම ගොස් සිටින නේවි සීල් භටයෙකි. මාක් ඕවන් යන නමින් ඔහු මෙම කෘතිය රචනා කර ඇත්තේ ඇමෙරිකා මාධ්‍යවේදියකු වන කෙවින් මොරර් සමඟ ද හවුල් වෙමිනි. අනන්‍යතාව හෙළි නොකරන එම සෙබළා පවසන්නේ බින් ලාඩන් මෙහෙයුම ගැන නොයෙක් දෙනා නොයෙක් විධියේ කතා පතුරුවන බවත් ඒ ගැන සැබෑ තොරතුරු ලොවට හෙළි කිරීමට තමා බලාපොරොත්තු වන බවත්ය. බින් ලාඩන් ඝාතන මෙහෙයුම ඇසුරින් ‘සීරෝ ඩාක් තර්ටි’ නමින් ත‍්‍රාසජනක කි‍්‍රයාදාම හොලිවුඞ් චිත‍්‍රපටයක් ද නිර්මාණය වී ඇති අතර එය මේ වසරේ දෙසැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බින් ලාඩන් මරා දැම්මේ හිසට වෙඩි තැබීමෙන්
අමිල කටුනායක Friday, 31 August 2012 11:56 AM
ඇමෙරිකාව තමයි ලෝක ත්‍රස්තවාදය ඇති කළේ. (නි)
සිල්වා Friday, 31 August 2012 02:51 PM
බලාගෙන. සෙබළත් අමාරුවේ වැටෙන්න පුලුවන්. (නි)
නිමල් Friday, 31 August 2012 04:35 PM
මරුනේ. මම හිටියා නම් තව දේවල් කරනවා. (නි)
ෂහාන් දියානායක Friday, 31 August 2012 08:40 PM
කොහොම වූණත් දැන් මැරිලා ඉවරයි.
බණ්ඩාර Friday, 31 August 2012 09:37 PM
ප්‍රභාකරන්ට වුණෙත් මේ ටිකම තමයි (අ)
රවිමල් Saturday, 01 September 2012 07:49 AM
ඇමෙරිකාව ලෝක ත්‍රස්තවාදය ගෙනෙන්න මුල් වුණත් දැන් ඒකේ පළවිපාක විදිනවා. (නි)
රිෂාඩ් Saturday, 01 September 2012 10:21 AM
බින් ලාඩන් කියෙන්නේ අහිංසක ඉංජිනේරුවෙක්. ඔහුව ත්‍රස්තවාදියෙක් කළේ ඇමෙරිකාවයි. අපි මුස්ලිම්වරුන් වශයෙන් සාමයෙන් ජීවත් වෙන්න කැමතියි. (නි)
ෆාරුක් Saturday, 01 September 2012 11:43 AM
දැන් ඉතින් වැඩක් නැහැ මැරිලා ඉවරයි නේ (දී)
ඩියෝ Saturday, 01 September 2012 02:45 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
පාලිත Saturday, 01 September 2012 10:26 PM
මෙයා ඉන්නකම්ම හොද වැඩනම් කළේ නැහැ..!!(නු)
පාලිත Saturday, 01 September 2012 10:21 PM
රිෂාඩ් බින් ලාඩන්ගේ අහින්සකකම ගැන කතා කරන්න තමුන්ට ලැජ්ජා නැද්ද?(නු)
මධු Sunday, 02 September 2012 02:02 AM
එක අතකට මරලා මුහුදට දාපු එක හොදයි කරලා තියෙන දේවල් වල හැටියට..!!(නු)
කුමාර Sunday, 02 September 2012 10:46 AM
රිෂාඩ්ට පිස්සු. (නි)
රිම්සි Monday, 03 September 2012 11:31 AM
මේක නිසා නේටෝ හමුදාව ඉල්ලන් කනවා..(ස)