අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇමෙරිකන් සෙබළුන් අතින් ඝාතනය වී වසරක් ගත වීම නිමිත්තෙන්, පෙරේදා (2) පාකිස්තානයේ ක්වෙටා සහ ඇබොට්ටාබාද් නගරවල ඇමෙරිකා විරෝධී පෙළපාළි පැවැත්වුණු අතර දහසකට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ.
එම පෙළපාළි සංවිධානය කරන ලද්දේ තලේබාන් හිතවාදී ජමියා උලේමාන් ඊ ඉස්ලාම් යන දේශපාලන පක්ෂය විසිනි. පෙළපාළිවලට එක් වූ විරෝධතාකරුවන් ඇමෙරිකා ධජ ගිනිබත් කළ බව ද වාර්තා වේ.
ක්වෙටා නගරයේ පැවැති විරෝධතා පෙළපාළියට ජමියා උලේමාන් ඊ ඉස්ලාම් පක්ෂයේ නායක අබ්දුල් කදීර් යූනී ද සහභාගී වූයේය. බින් ලාඩන් මුස්ලිම්වරුන්ගේ සැබෑ වීරයකු බවත්, සැබෑම මුජහදීන් සටන්කාමියකු බවත් යූනී පැවැසුවේය.
පසුගිය වසරේ මැයි 2 වැනිදා ඇමෙරිකා හමුදා බින් ලාඩන් ඝාතනය කළේ ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී ජීවත් වෙද්දීය.
ඇබොට්ටාබාද් නුවර බින් ලාඩන් සැඟවී ජීවත් වූ නිවස මේ වනවිට කඩා දමා ඇති අතර එය තිබුණු ස්ථානය අසලත් විරෝධතා පෙළපාළියක් පැවැත්විණි. එම පෙළපාළියට සහභාගී වූවෝ පාසල් සිසු දරු දැරියෝය.
”බින් ලාඩන් වීරයෙක්. ඔහු ත‍්‍රස්තවාදියයෙක් නොවේ. ඔහු ත‍්‍රස්තවාදියකු කළේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව ඔවුන්ට පාඩුවක් හෝ අවාසියක් හෝ කරන ඕනෑම කෙනකු ත‍්‍රස්තවාදියකු ලෙස හඳුන්වනවා” යැයි විරෝධතා පෙළපාළියට එක් වූ පාසල් දරු දැරියෝ පැවැසූහ.
ඇමෙරිකා හමුදාවේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා එල්ල කරන ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් මිය යෑමට එරෙහිව ද දරු දැරියෝ ඇමෙරිකාවට විරෝධය පළ කර සිටියහ.
බින් ලාඩන් ඝාතනට විරෝධය පළ කරමින් සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පැවැති හෙයින් පෙරේදා පාකිස්තානය පුරා ආරක්ෂාව තර කර තිබූ බව ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බින් ලාඩන් මැරුවාට දොස් කියමින් පාකිස්තානයේ ඇමෙරිකා විරෝධතා
දනූ Friday, 04 May 2012 10:10 PM
ගොඩක් හොදයි