X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


බිරියට ඇඳුම් ලක්ෂ බාගයක්

විවාහ වී ගතකර ඇති වසර 56 ක් පුරා තම බිරිඳ ඇදුම් පැළදුම් 55,000 කට අධික සංඛ්‍යාවක් මිලදී ගෙන දී ඇති ස්වාමිපුරුෂයෙක් ඇමරිකාවේ සිටී.

පෝල් බ්‍රොක්මන් උපතින් ජර්මන් ජාතිකයකු වන අතර ඔහුගේ බිරිය මාර්ගොට්ය. විවාහ වූ අලූත ජර්මනිය අතහැර ඇමරිකාව බලා එන පෝල් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියාවක් සොයා ගෙන ක‍්‍රමයෙන් දියුණුවෙන් දියුණුවට පත්වන්නේ අවසානයේ තමන්ගේම කියා ඉදිකිරීම් සමාගමක්ද පිහිටුවා ගනිමිනි.

පෙම්වතුන් වී සිටි කාලයේ සිටම පෝල මාර්ගොට්ට නිතරම පාහේ ඇදුම් මිලදී ගෙන දීමට පුරුදුව සිටියේය.ඉදිකිරීම් සමාගම පිහිටුවාගැනීමෙන් පසු පෝල් ගේ මේ පුරුද්ද තවත් වැඩිවූ බව මාර්ගොට් කියන්නීය. උදයේ වැඩට යන පෝල් හවසට ගෙදර එන්නේ විවිධාකාර ඇදුම් ආයිත්තම් 30 - 40 පමණ උස්සාගෙන බව ඇය සිහිපත් කරන්නීය.

තම බිරිය ඇදුම් පැළදුම් පස්සේ දුවන්නියක නොවන බව කියන පෝල් ඇය වඩාත් කැමති නිවසට වී එය පිළිවෙළට තබා ගැනීමට බව පවසයි.පිස්සුව ඇත්තේ තමාට බැවින් තම බිරිද ඇයට සුදුසු ඇදුම් තේරීමේ වගකීම තමන්ටම භාරදී ඇතැයි ඔහු කියයි.මෙනිසා ඇයට සුදුසු වේ යැයි සිතෙන ඇදුමක් ඇස ගැටුණු සැනින් තමන් එය මිලයට ගන්නා බව පෝල් පවසන්නේ සිනාමුසුවය.

ආදරය ඇදුම් වලින් මැනිය හැකිවේ නම් පෝල් අභිභවා යාමට කිසිවෙකුටත් නොහැකි වන බව නම් සහතිකය.



අදහස් (0)

බිරියට ඇඳුම් ලක්ෂ බාගයක්

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 03 September 2013 01:29 PM

මේ මිනිස්සුන්ට පිස්සු අපි ඇදුමක් ගන්නේ අවුරුද්දට ලැබෙන ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් එකෙන් (දී)

:       0       0

හේමන්ත Tuesday, 03 September 2013 01:31 PM

මෙහේ සප්පුවකවත් මේ තරම් ඇදුම් නෑ. නැති බැරියන් හට දෙන සිරිතකුත් ඒ අයට නෑ වගේ. කොච්චර තිබුනත් එක වතාවකට අදින්න පුළුවන් එකයිනේ. (දී)

:       0       0

කාව්‍ය Tuesday, 03 September 2013 01:47 PM

ආදරයෙන් ඉන්න එක බොහොම හොදයි.. ඒත් මේ සිතිවිල්ල වෙනත් පින් සිතිවිල්ලක් උනා නම්? (දී)

:       0       0

පුහුල් Tuesday, 03 September 2013 02:20 PM

ඉපදුන දවසේ ඉදන් ගත්ත ඇදුම් වල වටිනාකමවත් මේ තරම් නැහැ (දී)

:       0       0

සෙනරත් Tuesday, 03 September 2013 02:51 PM

මමත් ගෙදර උන්දැට මේ තරම් නැතත් සැලකිය යුතු ඇඳුම් ප්‍රමාණයක් මිලදී ගෙන තියෙනවා නමුත් ඒවා ගන්න ආසාව තියෙන්නේ මගේ ගෙදර උන්දැට තමයි.(නදී)

:       0       0

නුවන් Tuesday, 03 September 2013 03:23 PM

පුදුම සැලකීමක්.(නදී)

:       0       0

පියුමි Tuesday, 03 September 2013 03:56 PM

පුදුම ආදරයක්නෙ තියෙන්නෙ. (ස) ...........................

:       0       0

කුමාර් Tuesday, 03 September 2013 04:02 PM

පිලිපීනයේ මාර්කෝස් එමිල්ඩාගේ පිස්සුව මෙයාලට හැදිලා. (දී)

:       0       0

හේමන්ත Tuesday, 03 September 2013 04:49 PM

මෙයාට වැරදි කියන්න බැහැ. ඒක එයාගේ ආදරය. නැති බැරි අයටත් දෙනවා ඇති, කවුද දන්නේ ඕවා. (ස)

:       0       0

දසුන් Tuesday, 03 September 2013 05:49 PM

අපේ නෝනා මේක දැක්කොත් එහෙම මම ඉවරයි (දී)

:       0       1

රූපවතී Tuesday, 03 September 2013 06:13 PM

මේකත් වැඩක්ද ? අපේ දිසානායක මල්ලි නෝනා හාමිට ලක්ෂ ගණන් වියදම් කරලා අර නුවර පෙරහැරේ අලින්ට අන්දවලා අයින් කරපුවා ගෙනියන්නේ. නෝනහාමිගේ උපන් දිනේට චන්දි නංගියි මමයි දවසක් නුවර පෙර හැර බලන්න ගිහින් ඉද්දි. දිසානායක මල්ලි කරේ තියන් යනවා දැක්ක පෙරහැරේ අලින්ගේ ඇදුම්. එදා තමයි අපිත් දැන ගත්තේ එතරම් වටිනා ඇදුම් තොගයක් දිසානායක මල්ලිත් නෝනා හාමිට අරන් දීලා කියලා.(නදී)

:       0       0

සිරියලතා Tuesday, 03 September 2013 07:05 PM

මට නම් තේරුණා වෙන දේ මොකක්ද කියලා. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න,මම ඉන්න රටෙත් ඉන්නවා මෙතුමා වගේ අය.(නදී)

:       0       0

රුවන් Tuesday, 03 September 2013 10:14 PM

අන්ද අන්ද ඉදල නිකම්ම වයසටත් ගිහිල්ල ...පව් (දී)

:       0       0

සුනීතා පේදුරුගේ Wednesday, 04 September 2013 01:17 AM

මම ඉන්නේ ජර්මනියේ. ඒත් දන්න පමනින් මේ අය බොරු වැඩ කලාට දනට පිනට දෙන්නේ නැහැ. කන එකයි අදින එකයි තමයි ඔවුන්ට මුල් තැන වෙන්නේ.(නදී)

:       0       1

දුමින්ද Wednesday, 04 September 2013 09:08 AM

අපේ රටෙත් ඇදුම් ගොඩගසාගෙන සිටිනා අය ඇති. කරුණාකර ඉන් අනවශ්‍ය, පාවිච්චි කළ හැකි ඒවා විකුණන්න,හැකිනම් පිනට දෙන්න. (නි)

:       0       0

ටෘත් Wednesday, 04 September 2013 11:32 PM

පිස්සු වැඩක්නේ..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site