X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


බිළිඳා එලොව ගිහින් මොලොවට

කෘත්‍රිම ස්වසනය දී තම පස් මස් වියැති ඥාති පුත‍්‍රයා වන සෙබස්තියන්ගේ ජීවිතය බේරා ගැනීමට ඔහුගේ නැන්දණිය වූ පැමෙලා රූසෝ සමත් වූවාය.

මියාමි නගරයේ මාර්ගයක මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී දිගින් දිගටම හැඞීමට ගත් සෙබස්තියන් එක්වනම හැඞීම නතර කළ බවත් කුමක් හෝ වරදක් සිදුවී ඇතැයි සිතූ තමා වාහන තදබදය මධ්‍යයේම රථය නතර කර පිටතට පැන සෙබස්තියන්ගේ අසුන වෙත වහා ගිය බවත් ඇය කියන්නීය.

සෙබස්තියන් නිල් පැහැ ගැන්වී සිටියේයැයිද ඔහු හුස්ම නොගන්නා බව දුටු තමා කළ යුතු අන් කිසි දෙයක් සිහියට නොආ තැන සෙබස්තියන් මාර්ගය මතට ගෙන ඔහුට කෘත්‍රිම ස්වසනය දීමට පටන්ගත්තේ යැයිද ඇය පවසන්නීය.

ඇයගේ උත්සාහය ඵල දරමින් සෙබස්තියන් යළි හුස්ම ගැනීම ආරම්භ කර ඇත.

තදබදයේ සිරවී සිටි අනෙක් රියැදුරෝ ද ඇයගේ කරදරය දැක සහයට පැමිණ ඇත්තාහ.

ඔවුන්ගේ සහයෙන් කුඩා සෙබස්තියන් රෝහල් ගත කර ඇත්තේය.

සෙබස්තියන් දැන් සිටින්නේ සුවය ලබමින්.නැන්දණියගේ ඉක්මන් තීරණයත් අවට සිටියවුන්ගේ කැපවීමත් නිසා ඔහු ජීවිතය යළී ලැබීය.

 



අදහස් (0)

බිළිඳා එලොව ගිහින් මොලොවට

මංජු Monday, 24 February 2014 01:43 PM

සත්‍යපාල හා ඉන්දික කියපු දේ හරි. අපේ රටේ උවමන ගොඩක් දේවල් තියෙනවා රූපවාහිනි වල යන පල හෑලි දාන්නේ නැතුව (අ)

:       0       0

රන්ජන් Saturday, 01 March 2014 10:47 AM

මේකයි වැඩේ. මේ වගේ වැඩසටහනක් කරන්න පුළුවන් මේවා මිනිස්සු බලන්නේ නැහැනේ. ඒ නිසා වෙන මහන්සිය අපතේ බලන්නේ බහුභුත විතරයිනේ වැදගත් දේවල් කොච්චර පෙන්වනවද එතකොට ටි.වි.එක වහනවා.(නදී)

:       0       0

සුරංග Friday, 28 February 2014 08:48 PM

මමත් මගේ පුතාට පොඩිකාලේ මෙහෙම වෙලා මේ විදිහට බෙර ගත්ත. (දී)

:       0       0

මංජු Friday, 28 February 2014 01:14 PM

ලංකාවෙනම් මෙලහට ළමයා මැරිලා. මොකද දැන් ඉන්න අම්මලා මේ වගේ දෙයක්වත් දන්නේ නැහැ.(නදී)

:       0       0

සරණ Tuesday, 25 February 2014 09:10 AM

හොඳ යෝජනාවක් සත්‍යපාල. ප්‍රථමාධාර වගේ දේවල් ගැන වෙනම වැඩසටහන් රූපවාහිනිය මගින් ප්‍රචාරය උනත් සමහර වෙලාවට ඒ වගේ දේවල්වල තියෙන වැදගත්කම නොදන්නා කම නිසා ජනතාව ඒවා නොබලන්න ඉඩ තියෙනවා. කරන්න පුලුවන් දෙයක් තමයි මිනිසුන්ට වඩා ලඟ මාධ්‍ය මගින් (ටෙලි නාට්‍ය වගේ) මිනිසුන්ට නොදැනීම මනසට මේ වගේ දේවල් යොමු කරන එක. උදාහරණයක් විදියට, කෘතිම ස්වසනය දෙන ජවනිකාවක් ජනප්‍රිය ටෙලිනාට්‍යයක ඇතුලත් උනොත්, වැඩි ප්‍රමාණයට පණිවිඩය ලැබෙනවා. එය බොහෝ දුරට මනසේ තැන්පත් වී තියේවි. (දී)

:       0       0

ටිලාන්ත Tuesday, 25 February 2014 08:28 AM

සත්‍යපාලගේ යෝජනාව ඉතාම අගනේය, එයයි විය යුත්තේ මාධ්‍ය ආයතනකින් ප්‍රායෝගික ජීවිතයේදී වැදගත්වන මෙවැනි දැනුම හා පුහුණුවක් ලබාගත වැඩසටහන් නිෂ්පාදනය කිරීමයි. (අ)

:       0       0

කළු Tuesday, 25 February 2014 03:18 AM

ඉන්දික මර වැඩේ පිටපලත්වලට රූපවාහිනි නැනේ .......(අ)

:       0       0

නුවන් Tuesday, 25 February 2014 02:11 AM

සත්‍යපාල ඉතාම කාලෝචිත සත්‍ය යෝජනාවක් (අ)

:       0       0

පහන් Monday, 24 February 2014 08:44 PM

වැඩිහිටියෙකුගේ උගුරේ යමක් හිරවූ විට සහ කුඩා දරුවෙකුගේ උගුරේ යමක් සිරවුවිට දෙන ප්‍රථමාධාර කවුරුහරි ලියන්න .සත්‍යපාල ඔබ කියන කතාව හරියට හරි .(අ)

:       0       0

කුමාරි Monday, 24 February 2014 06:54 PM

පහල පොටෝ එකේ නම් ඉන්නේ චන්ඩි රජෙක් වගේ.(නදී)

:       0       0

ඇන්ජලෝ මැතිව්ස් Monday, 24 February 2014 04:43 PM

චුටි සෙබස්තියන්. ඔබට දෙවිපිහිටයි..(නදී)

:       0       0

මනෝජ් Monday, 24 February 2014 03:52 PM

සත්‍යපාලගේ අදහසට සම්පූරණයෙන් එකඟ වෙමි. ලංකාවේ බොහොමයක් රුපවාහිනී ගුවන් විදුලි නාලිකා මිනිසුන්ට තඹ සතයක් ප්‍රයෝජනයක් නැති වැඩසටහන් ප්‍රචාරය කරමින් නිකරුනේ සිය ගුවන් කාලය සහ මිනිසුන්ගේ වටිනා කාලය කා දමනු වෙනුවට ප්‍රයෝජනයක් ඇති යමක්, මිනිසුන්ගේ ජීවිත වලට එකතු කරනවානම් කොතරම් අගනේද.(නදී)

:       0       0

ධනුෂ්ක Monday, 24 February 2014 03:31 PM

ඇත්තටම සත්‍යපාල කියපු ටික හරියට හරි. ප්‍රථමාධාර දෙන අයුරු,ගින්නක් නිවන අයුරු පැහැදිලි කරලා දෙනවා නම් අපේ රටෙත් අනතුරු අඩු කර ගන්න පුළුවන්.(නදී)

:       0       0

නිශාර්ඩ් Monday, 24 February 2014 03:29 PM

සත්‍යපාල ඔබ හරි රූපවාහිනීවල හුඟක්ම තියෙන්නේ කන එක සහ නටන එක.

:       0       0

සලනි Monday, 24 February 2014 01:58 PM

කිරිසප්පය බේරුවට පින්. (ස)

:       0       0

ශිරෝමි- පිළියන්දල Monday, 24 February 2014 01:43 PM

සත්‍යපාල ගේ කතාව හරියටම හරි (අ)

:       0       0

සුජිත් Sunday, 23 February 2014 11:40 AM

අවස්ථාවෝචිතව දෙයක් කරන්න චිත්ත ශක්තියක් තියෙන එක ලොකු දෙයක්.ගොඩක් අනතුරු වලින් මිනිස්සු මැරෙන්නේ කලයුතු හොඳම දේ නොකරන නිසා. ඒ අතින් මේ කාන්තාව ගොඩක් බුද්ධිමත් ,කාට වුනත් හොඳ (දී)

:       0       0

උපුල් චින්තක Monday, 24 February 2014 12:31 PM

සත්‍යපාල කතාව ඇත්ත. මෙම දැනුම ඕන වෙන වෙලාව කියන්න බැහැ.(අ)

:       0       0

කුමාරි Monday, 24 February 2014 12:10 PM

සත්ත්‍යපාල ඔයාගේ අදහස ඇත්තටම හොදයි. අපි යෝජනාවක් විදියට හරි ඉදිරිපත් කරමු. (අ)

:       0       0

ඉන්දික Monday, 24 February 2014 11:39 AM

සත්‍යපාලගේ කතාව හරියටම හරි. ලංකාවේ පිට පළාත් වල සර්පයෝ කලා කොච්චර මැරෙනවද. ඒවායෙන් වැඩි හරියක් වෙන්නේ ප්‍රථමාධාර නොමැතිකම නිසා. ඒවා ටීවී එකේ කියල දෙනවනම් ගොඩක් ජීවිත බේරගන්න පුළුවන්,(දිල්)

:       0       0

නිමල් Monday, 24 February 2014 11:26 AM

සත්‍යපාල හොද අදහසක් (දිල්)

:       0       0

රංජිත් සිල්වා Monday, 24 February 2014 09:32 AM

මමත් සත්‍ය පාලගේ අදහසට එකඟ වෙමි. දැන් ඉන්න ළමයින් පපඩම් වෙන්න හේතුව මේ අපේ නාලිකා වල රූකඩ තත්වයට පත් කිරීමත්, නාලිකා වලින් ඉදිරිපත් කරන බොළඳ නාටක පස්සේ දිවීමට තරංග සහ තෑගී සකස් කිරීමත් ය. දැන් ඉන්න පරම්පරාවට අදාළ තේමා ගීතය "බිනකුන්ඩෝ බෝල බිනකුන්ඩෝ" කියල තමා නාලිකා වෙළෙන්දෝ වැඩ කරන්නේ. (අ)

:       0       0

වසන්ත Monday, 24 February 2014 09:06 AM

උදාර මාතාවක්..ඒ වගේම බුද්දිමත් මවක්...අවසාන වශයෙන් සත්‍යපාල ගේ අදහසට ද ගරු කරමින්..එවැනි අදහස් ක්‍රියාත්මක කරන්ට අවස්ථාව ලැබේව කියල ප්‍රාර්ථනය කරමි....ස්තුති ඔබගේ යෝජනාවට...(අ)

:       0       0

වසන්ත Monday, 24 February 2014 09:06 AM

උදාර මාතාවක්..ඒ වගේම බුද්දිමත් මවක්...අවසාන වශයෙන් සත්‍යපාල ගේ අදහසට ද ගරු කරමින්..එවැනි අදහස් ක්‍රියාත්මක කරන්ට අවස්ථාව ලැබේව කියල ප්‍රාර්ථනය කරමි....ස්තුති ඔබගේ යෝජනාවට...(අ)

:       0       0

දනා Monday, 24 February 2014 09:00 AM

සත්‍යපාල, ඔබ ඉතාම නිවැරදියි, මේ දේවල් දැන් කලේ අනිවාර්යයෙන්ම කියා දිය යුතුයි...ඒ රටවල් වල මිනිස්සුන්ට මේ වගේ දේවල් පොඩි කලේ ඉඳලම පුරුදු පුහුණු කරනවා...(අ)

:       0       0

බුද්දික Monday, 24 February 2014 08:04 AM

සත්‍යපාල ඇත්ත කියනවා (අ)

:       0       0

Kalpa Monday, 24 February 2014 07:25 AM

සත්‍යපාලගේ කතාව හරි. දැන් කාලේ අයට මේවා පුදුමදේවල් වුනාට ඉස්සර අපේඅම්මල ආතම්මල මේවා කරලා දරුවන් සුවපත්කලා.(නදී)

:       0       0

කොස්වත්ත Monday, 24 February 2014 03:36 AM

සත්‍යපාල, ඔබගේ ඉතා මත් වටිනා යෝජනාව මමත් අගේ කරනවා.(නදී)

:       0       0

චාමික Sunday, 23 February 2014 04:49 PM

සත්‍යපාලගේ කතාව මසුරන් වටිනවා (අ)

:       0       0

ආනන්ද Sunday, 23 February 2014 04:43 PM

සත්‍යපාල ඉතාම කාලෝචිත යෝජනාවක්! (දිල්)

:       0       0

සත්‍යපාල Sunday, 23 February 2014 02:58 PM

ලංකාවෙත් රුපවාහිනී නාලිකාවල උදේ ඉඳල රෑ වෙනතුරු සතියේ දවස් හතම පරිප්පු කරියක් උයන විදිහ,මනමාලියක් අන්දන විදිහ,මල්කලබ හදන විදිහ,කොට්ට උරයට මල් මහන විදිහ පෙන්න පෙන්න ඉන්නේ නැතිව මේ වගේ ප්‍රථමාධාර දෙන අයුරු,ගින්නක් නිවන අයුරු,ගෙදරක් හදනවිට බදාම ටික,කොන්ක්‍රීට් ටික නිවැරදිව දාන විදිහ වගේ දේවල් පෙන්නනවානම් කොතරම් වැඩක් වෙනවද කියල හිතෙන්නේ නැද්ද කාටවත්ම. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site