නේපාල භූමිකම්පාවට හසුව කඩාවැටුනු ගොඩනැගිලි වල සුන්බුන් අතර දිනකට ආසන්න කාලයක් සිරවී සිටි මාස 4 ක බිළිඳකු බේරා ගැනීමට නේපාල ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් සමත්වූහ.
බිළිඳාගේ පවුලේ සාමාජිකයින් දරුවා අතුරදන්ව ඇතැයි කර තිබූ දැනුම් දීමක් අනුව සහන සේවකයන් බිළිඳා සොයාගත් ස්ථානය වෙත පැමිණ මින් පෙර අවස්ථාවකද පරීක්ෂා කර තිබුණද එම අවස්ථාවේදී ඔවුනට බිළිඳා සොයාගැනීමට නොහැකිව තිබේ.
හමුදා භට පිරිසට බිළිඳා හමුව ඇත්තේ ඔවුන් නැවත වරක් එම ප‍්‍රදේශයේ මෙහෙයුම් කටයුතු වල නිරතව සිටිද්දීය. බිළිඳා හඬනු ඇසී ඒ ඔස්සේ ගොස් බිළිඳා සොයාගැනීමට ඔවුන්ට හැකිව ඇත. ඔහු හොඳ සුවයෙන් සිටී.
නේපාලය අත්දුටු දරුණුතම ස්වභාවික ආපදාවක් ලෙස සැළකෙන මේ භූකම්පනයෙන් මේ වන විට මියගොස් ඇතැයි වාර්තාවී තිබෙන සංඛ්‍යාව 5000 ඉක්මවයි.සුන්බුන් අතරේ තවත් මළසිරුරු සිරව තිබෙන බව වාර්තා වන අතර ඒ අනුව මේ ගණන තවත් ඉහළ යා හැකිය.
සහන සේවා කටයුතු කාර්යක්ෂමව කි‍්‍රයාත්මක වන්නේ නැතැයි නේපාල රජයට චෝදනා නැගෙමින් පවතී.මෙය මුල්කරගෙන සංවිධානය කෙරුණු විරෝධතා කිහිපයක්ද පසුගිය දිනයේ පැවැත්වින.
නේපාල සහන සේවකයින්ට අමතරව බි‍්‍රතාන්‍යය,ප‍්‍රංශ,ඇමරිකා ආදී රටවල සහන සේවා කණ්ඩායම්ද දිවි ගලවාගැනීමේ හො සහන සැළසීමේ මෙහෙයුම් කටයුතු සදහා එක්ව සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිළිඳෙක් යළි උපදී
නිවන්තක Thursday, 30 April 2015 10:25 AM
වාසනාවන්ත දරුවෙක් (නි)
මැණික් Thursday, 30 April 2015 10:25 AM
දරුවාව දැක්කහම වාසනාවන්ත බව පෙනෙනවා. දරුවාටත් බේරාගත් අයටත් තෙරුවන් සරණයි ! (නි)
දුමින්ද Thursday, 30 April 2015 10:59 AM
පිනේ බලේ! (නි)
චින්තක Thursday, 30 April 2015 01:18 PM
මේ බිලිඳා බේරාගත් සියල්ලන්ටම පින් සිදු වේවා..(ම)
සුසන්ත Friday, 01 May 2015 04:20 AM
දෙවියන්ට ස්තූති වේවා...! (නි)
ගයාන් Friday, 01 May 2015 12:56 PM
බුදු සරණයි පැටියෝ! (නි)
වසන්ත Saturday, 02 May 2015 03:16 AM
ඔබට දීර්ඝායුෂ ලැබේවා !!! (නි)
මැණික් Monday, 04 May 2015 03:45 AM
දරුවා බේරාගත් අයට පින්වත් දරුවන්ගෙන් අඩුවක් වෙන්න එපා. (නි)