බුද්ධගයාව මහමෙව්නාව බුදු නුවණ අසපුව මෙවර වෙසක් පින්කම් මාලාව දින 15ක් පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබිය.
වෙසක් පින්කම් මාලාව ආරම්භ වූයේ බුද්ධගයා පින්බිම වන්දනා මාන කරගැනීම සඳහා සහභාගිව සිටි දහසකට ආසන්න ස්වාමින් වහන්සේලාට බුදු නුවණ අසපුවේදී ඇප උපස්ථාන කිරීමෙන් අනතුරුවය.
ඊට අමතරව මෙම දින 15 පුරා සාමනේර හිමිවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය. ඉන්දියා ජාතික සාමානෙර භික්ෂුන්වහන්සේලා 100ක් පමණ ඊට සහභාගිවූහ. පිරිසිදු ආර්ය සමාධිය දියුණු කරමින් ශීලය ආරක්ෂාකරමින් නිවන් මාර්ගය වැඩීම සඳහා ක්‍රියාකලයුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ඒ හිමිවරුනට ලබාදෙනු ලැබීය.
"මෙම සාමණේර ස්වාමින්වහන්සේලාගේ සේවය බුද්ධ ධර්මය දඹදිව් තලය පුරා පැතිරවීම සඳහා අනාගතයේදී යොදවා ගැනීමට බලාපොරොත්තු වන බව" බුදුනුවන අසපුව පැවසීය.
බුද්ධගයාවේ බුදුනුවණ අසපුවාසී සියලුම ස්වාමින් වහන්සේලා මෙම වැඩ කටයුතු සඳහා සහභාගී වුහ.
පින්කම් මාලාවේ ප්‍රධානතම කටයුත්ත වුයේ ශ්‍රී මහාබෝධිය සහ වජිරාසනය අභියසදී සතියක් පුරා බුදු නුවණ දහම් පාසල් දරුවන් සහ දෙමාපියන්සහභාගිවූ සීල සමාධි ප්‍රඥා ගුණයන් පදනම් කරගත් සදහම් වැඩසටහනයි.
මෙහිදී තථාගතයන් වහන්සේගේ උතුම් ප්‍රඥාවට උපහාර පිණිස තුනුරුවන් උදෙසා මනරම් පහන් ආලෝක පුජාවක් සිදුකල අතර ඉන්දියාව පුරා බුදුදහම ප්‍රචලිත කිරීමෙහිලා සුවිසේශී මෙහෙවරක් ක්‍රියාත්මක කරන මහමෙව්නාව නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිහිකොට උන්වහන්සේට පින් පැතීමේ ගුරු පුජාවක් ද පවත්වනු ලැබිය.
උතුම් ශ්‍රී සම්බුද්ධත්වය සිහිකිරීමේ පිංකම වෙසක් පුන් පොහෝ දින රාත්‍රිය පුරාවට පැවැත්විණි. වජිරාසනය අසල පින්කම ඉතාලියේ මහමෙව්නාව අසපුවේ සැදැහැවත්හු දායක වූහ.
පිංකම සඳහා බුද්ධගයා පින්බිම අලංකාරවත් අන්දමට සරසා තිබුණි. ඒ සඳහා යොදාගත් සියලුම වෙසක් කුඩු සහ අනෙකුත් සැරසිලි බුදු නුවණ අසපුවට සම්බන්ධ ඉන්දියානු ජාතික දරු දැරියන් විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බුද්ධගයාවේ බුදු නුවණ බැබළෙයි
චාමර Wednesday, 27 May 2015 06:28 AM
සාදූ...සාදූ... සාදූ... (ම)
රූපසිංහ Wednesday, 27 May 2015 07:03 AM
ඉන්දියාවේ සිටින බෞද්ධයන් ජීවත්වන ප්‍රදේශ දැනගැනීමට හැකි නම් හරි හොදයි. එහි ගොස් ඔවුන්ගේ ආකල්ප, තම බුදු දහම ආරක්ෂා කර ගන්න අන්දම, දිවිපැවැත්ම දැනගැනීමට ඇති නම් හරි හොදයි.(ම)
සිරි Wednesday, 27 May 2015 07:34 AM
රූපසිංහ මහතා, මහමෙව්නාව අසපුවෙන් බුද්ධගයා අසපුව පිළිබඳ විස්තර ලබාගන්න පුළුවන්. නැත්නම් මහමෙව්නාව බුද්ධගයා වෙබ් පිටුව බලන්න. (නි)
නිලුපුල් Wednesday, 27 May 2015 02:23 PM
සාදු....සාදු.. (හේ)
සුගත් Wednesday, 27 May 2015 08:01 PM
තන්හාවෙන් මත් වී සිටින සියළු දෙනාට තන්හාව නැතිකරන්න බුදු බණ සිහිවේවා (නදී)
ඉනෝකා Wednesday, 27 May 2015 10:15 PM
ශ්‍රී බුද්ධ ගයා විහාරේ වන්දිනෙමු මෝක්ෂ පතාලා සාදු! සාදු! සාදු!(නදී)
සම්පත් - ඩුබායි Thursday, 28 May 2015 03:25 PM
සාධු.....සාධු....සාධු (බ)
නුවන් Thursday, 28 May 2015 07:56 PM
අසරණ සත්වයන්ගේ දුකින් මිදීම උදෙසා, සම්බුද්ධ ශාසනය තව පන්දහසක් කල් පවතීවා! සාධු ! සාධු !! සාධු !!! (නි)
ලක්ශ්මන් ඉන්ද්‍රසිරි Friday, 29 May 2015 07:35 AM
මෙවැනි පුවත් පලකිරීම ගැන ස්තුතිය පුද කරමු.පින්සිදු වේවා (කේ)