X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


බෙන්ස් බඳෙනුත් එළිය ගනී

හරිත විප්ලවයකට යමින් සිටින ගමනට තවත් අලූත් දෙයක් එක් කරමින් බඳෙහි ආලේප කර ඇති තීන්ත වලින් පවා බලය සැපයෙන අපූරු මෝටර් රථයක් බෙන්ස් සමාගම පසුගියදා එළිදැක්වූවේය.

මෙම රථයට ආලේප කර ඇති තීන්ත හිරු එළියෙන් ශක්තිය උරා ගන්නේයැයි පැවසෙන අතර එම ශක්තිය විද්‍යුතය බවට හරවා රථයේ එන්ජිම පණගැන්වීමට යොදාගන්නා බව සඳහන්ය.සාමාන්‍ය සූර්ය පැනලයකට එහා ගිය තාක්ෂණයක් මෙහි භාවිතා කෙරී ඇති බව නිර්මාපකයෝ කියති.

එතැනින්ද නොනැවතී මෝටර් රථය ධාවනය වෙද්දී බඳෙහි වැදී ඇතිල්ලීගෙන යන සුළං දහරා වලින් නිපදවෙන ස්ථිති විද්‍යුතය පවා එක් රැස්කර ගත හැකි සේ මෙම රථය නිර්මානය කර ඇත.

රථයේ පසුපස රෝද විදුලි මෝටරයකිනුත් ඉදිරිපස රෝද ජලකර වායුවෙන් දිවෙන එන්ජිමකිනුත් ජවගැන්වේ.

රථයේ අභ්‍යන්තරය විද්‍යා ප‍්‍රබන්ධ කතාවක එන යානයක් සිහිකැදවන අතර වාතය තවත් පිරිසිදු කිරීමට යැයි කියා අමතර ඔක්සිජන් සැපයුමක්ද එහි ඇත.

මෝටර් රථය පිළිඹද වැඩිදුර විස්තර තවමත් හෙළිවී නොමැති අතර නුදුරේදීම මෙය ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කළ පසු සියලූම තොරතුරු ලබාදෙන බව නිර්මාපකයින් පවසයිි.

 



අදහස් (0)

බෙන්ස් බඳෙනුත් එළිය ගනී

ටෙක්ලා Thursday, 06 November 2014 06:44 PM

අයියෝ ඕක මොකක්ද? අපේ රටේ මීට වඩා කොච්චර දේවල් කරනවද? (නි)

:       0       0

සරත් පිලපිටිය Thursday, 06 November 2014 07:28 PM

දැනට සති 3 කට පෙර ප්‍රංශයේ පැරිස් නුවර තිබු ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනය මමත් නැරඹුවා. ඒ හැරෙන්නට චීනයේ පිකින් නගරයේ ප්‍රදර්ශනයේ සියලුම විස්තර පින්තූර දුටුවා. මෙම මෝටර් රථය දුටුවේ නැහැ. එහෙත් ඉදිරිපස සම්පුර්ණයෙන් ලෙඩ් විදුලි බුබුළු වලින් ආලෝක වන බෙන්ස් රථ කිහිපයක් දුටුවා. එය නුදුරු අනාගතයේ වෙළඳ පොළට එවන බව දන්වා තිබුනා (නි)

:       0       0

නිහාල් විතානගේ Thursday, 06 November 2014 08:04 PM

ජර්මන් නිෂ්පාදන වලට ලෝකයේ වැඩි ඉල්ලුමක් තිබෙනවා (නි)

:       0       0

සිරිසේන Thursday, 06 November 2014 11:30 PM

ඕවත් වැඩද මල්ලි, අපේ කට්ටිය කරන වැඩත් එක්ක (නි)

:       0       0

රන්ජිත් ද අල්විස් Friday, 07 November 2014 10:03 AM

වේගයෙන් ඉදිරියට ඇදෙන ලෝකයේ, වැදගත් තාක්ෂණ අපේ මව් භාෂාවෙන්, අනෙක් අයව දැනුවත් කිරීම සම්බන්දයෙන් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.(හේ)

:       0       0

විකුම් Saturday, 08 November 2014 06:34 AM

පුදුම ලොවක්.තව ඉදිරියට මොන දේ එයිද දන්නේ නෑ.(හේ)

:       0       0

උත්තරා බණ්ඩාර Saturday, 08 November 2014 03:35 PM

ඕවා අපේ ලාංකිකයන්ට ලොකු දේවල් නොවේ , අපේ ලාංකිකයන් කරන සාදන දේවල් වලට , ලෝකේ කටින් බතල සිටවන එකම රට අපේ ශ්‍රී ලංකාව බව ලෝකයා නොදනී (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 08 November 2014 05:16 PM

නයිට් රේස් පදින්න කියාපු වාහනය.... (නි)

:       0       0

දර්ශන Sunday, 09 November 2014 02:58 AM

අපේ ආශ්චර්යවත් දේවල් තවම මඟ එනවා. 2500 වසරක ඉතිහාසයක් ඇති ප්‍රෞඪ ජාතියක් අපි. (නි)

:       0       0

සේනක Sunday, 09 November 2014 07:22 AM

හොද නිපැයුමක්.දිනෙන් දින දියුණු වන ලෝකය විශ්මිතයි.(හේ)

:       0       0

උදිත බස්නායක Sunday, 09 November 2014 12:53 PM

උත්තරා බණ්ඩාර, අපේ රට එහෙම පහත් කරලා කතා කරන්න එපා. මේක ඔයාගේ රට. අපේ අයත් ලෝකේ ලොකු කොම්පැනි වල ඉංජිනේරුවරු විදිහට ඉන්න බව දන්නවද? ඔයාල වගේ අය තමා රට පස්සට දාන්නේ. ඔයා මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නේ. මම හිතන්නේ කටින් හිටවපු බතල ගලවල විසි කරනවා ඇති. (නදී)

:       0       0

තිලක් Sunday, 09 November 2014 03:20 PM

දේශපාලකයෝ නැත්නම් ලෝකයේ දියුණුම රට ශ්‍රී ලංකාවයි (නදී)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 09 November 2014 04:09 PM

අපේ රටේ දෙයක් ලොකුවට කලොත් ඉතින් එය හොරකමක් හෝ දරුණු ගනයේ අපරාධයක්ම තමයි.(නදී)

:       0       0

ශානිකා Monday, 10 November 2014 05:49 AM

තාක්ෂණ දියුණුවේ පෙරමන් සලකුණු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site