ලෙඩ රෝග සුව වීමට ඖෂධ මෙන්ම ධනාත්මක චින්තනයද එකසේ වැදගත් වන බව බ්‍රිතාන්‍යය පර්යේෂක පිරිසක් කියති.
රෝගයක් වැළදුණු පසු ඒ පිළිඹද බියපත් වීම හා අනවශ්‍ය ලෙස කරදර වීම තත්ත්වය තවත් බරපතල කරන්නේයැයි ඔවුහු පවසති.මෙනිසා කළ යුතු හොදම දෙය වන්නේ ඖෂධ ලබා ගන්නා අතරම සන්සුන් මනසක් ගොඩනගා ගැනීම බව පර්යේෂක පිරිස කියති.
පර්යේෂක පිරිස රෝගයක් වැළදුණු විට මොළයේ ක්‍රියාකාරීත්වය කෙබදු වන්නේදැයි සොයාබැලීමට පර්යේෂණයක් සිදුකර තිබේ.ඒ සදහා ඔවුන් සහභාගී කරවාගෙන ඇත්තේ ආතරයිටිස් රෝගීන් පිරිසකි.ආතරයිටිස් වැළදුණු විට පුද්ගලයෙකුගේ සිරුරේ සන්ධි වල කි්‍රයාකාරීත්වය අඩපණ වන අතර අත පය සෙලවීම පවා වේදනා ගෙන දේ.
නමුත් පර්යේෂකයින් සොයාගෙන ඇත්තේ මෙම රෝගීන්ගෙන් බහුතරය අත පය සෙලවීමටත් ප්‍රථමයෙන් තමන්ට වේදනාව ඇති වන්නේ යැයි සිතා සිටින බවයි.මෙනිසා ඔවුන් රෝගය දුරැලීමට සිදුකෙරෙන අභ්‍යාස වල යෙදෙන්නේද තමන්ට වේදනා ඇති වේ යැයි බියෙන් බව පර්යේෂකයින් අනාවරණය කරගෙන තිබේ.
මෙසේ අනියත බියක් ඇතිවීමට හේතු ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට පර්යේෂක පිරිස සමත්ව ඇත.ඔවුන් පවසන්නේ පර්යේෂණයට යොදා ගැනුණු රෝගීන්ගේ මොළයන්ගේ වේදනාව ජනනය වන ප්‍රදේශයන් ඉබේම උත්තේජනය වෙමින් පවතින්නේයැයි හදුනාගත හැකිවූ බවයි.මෙනිසා ඔවුන් කුමන කටයුත්තේ යෙදුණද මොළය ඊට පෙර සිටම එය වේදනා ගෙන දෙන්නේයැයි තීරණය කර තිබීම නිසා ඔවුන් තමන්ට වේදනාව දැනෙනු ඇතැයි බියපත්වී සිටින බව පර්යේෂකයෝ කියති.
මෙය ආතරයිටිස් පමණක් නොව අන් සියලූ රෝගීන්ට පොදුවූ තත්ත්වයක්යැයි පර්යේෂකයෝ පවසති.සියල්ලටම ප්‍රථමයෙන් මොළය කලබල වීම නිසා එයින් මෙහෙයවෙන රෝගීන් කරන්නේ ඖෂධ වලම පිහිට යැදීම බවත් පමණ ඉක්මවා එසේ කිරීම ඔවුන්ටම අයහපත් වන බවත් ඔවුහු පෙන්වා දෙති.
විසදුම ලෙස බුදුදහමේ සදහන් භාවනා ක්‍රම පර්යේෂක පිරිස පෙන්වා දී තිබේ.හැගීම්, දැනීම් පාලනය කරගැනීම මගින් මොළය අවශ්‍ය වේලාවේදී අවශ්‍ය පියවර ගැනීමට යොමුකරවීමේ සමත් භාවනාවන් රෝගීන්ට හොද මානසික සුවයක් අත් කර දීමේ සමත් යැයි ඔවුහු කියති.
මෙය සිදුවන ආකාරය පිළිඹද තවදුරටත් සොයාබැලීමට වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
පර්යේෂක පිරිස අවසානයට සදහන් කරන්නේ යහපත් සන්සුන් මනසක් හා ධනාත්මක චින්තනය ඖෂධ වලට වඩා රෝග සුවපත් කිරීමේ සමත්කම් දක්වන බවයි.මෙනිසා රෝගයක් වැළදුණු විට ඖෂධ ලබාගැනීම සේම යහපත් මනසක් ඇති කර ගැනීම කෙරෙහිද සැළකිලිමත් විය යුතුයැයි ඔවුහු පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බේතයි හිතයි දෙකම එකට නැත්නම් ලෙඩේ
අසෝකා Friday, 07 March 2014 01:03 PM
මේ තමයි අපේ නියම සිංහල වෛද්‍යක්‍රමයේ විදිය. සුද්ද මේවා අද ඊයේ දැනගත්තට අපේ මුතුන් මිත්තෝ මේවා දැනගෙන ඒ අනුව ලෙඩ සුවපත් කලේ ක්‍රිස්තු පූර්ව කාලේ ඉදලා.(නදී)
සත්‍යයා Saturday, 08 March 2014 11:48 AM
බෞද්ධ ඉගැන්වීම් වල මේ සියල්ල අන්තර්ගත වෙනවා. අවාසනාව අපි ඒ ගැන අවධියෙන් නොසිටීමයි. (නදී)