බොක්සිං වළල්ලේ නම රැන්දු, වර්ගවාදයට එරෙහිව ප්‍රසිද්ධියේම පෙනී සිට ලොවක ආදර ගෞරවය දිනූ මොහොමඞ් අලී පාකින්සන් රෝගය ඉදිරියේ පරාජයට පත්වෙමින් සිටී.
ඔහුගේ සොහොයුරා පවසන්නේ දැන් අලීට හරිහැටි කතා කර ගත නොහැකි මට්ටම දක්වා රෝගය වර්ධනය වී ඇති බවයි.
පාකින්සන් රෝගයෙන් සිරුරේ මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදුවේ. රෝගය වර්ධනය වත්ම මාංශපේෂි වල කි‍්‍රයාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ නවතී.පාකින්සන් රෝගයට මේ දක්වාම නිසි ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.
අලීගේ පුතනුවන් හා දියණිය පවසා සිටින්නේ බොහෝවිට මේ වසර අවසානයට පෙර තම පියා ජීවිතයෙන් නික්ම යනු ඇති බවයි.
ඔහු විදින වේදනාව ඉක්මනින් අවසන් වන්නේ නම් එය ඔහුට මෙන්ම ඔහු දෙස බලමින් සිතින් දුක්විදින තමන්ටත් යහපත් බව ඔවුන් කියයි.
ක්ෂණික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් නමක් දිනා සිටින අලී තමන් සගභාගීව ඇති තරග 61 අතරින් 56 කම ජය ලබාගෙන ඇත්තෙකි.
අසහාය කී‍්‍රඩකයෙකු ලෙස බොක්සිං ක්ෂේත්රයේ නමක් දිනාගෙන සිටියද මොහොමඞ් අලී යන නාමය ලොවම ප්‍රචලිත වූයේ වර්ගවාදයට එරෙහිව ඔහු නොපැකිළව පෙනී සිටීම නිසාය.
බොක්සිං වළල්ලේදී කළු ජාතිකයෙකුවූ තමාට නිග්‍රහ කළ සුදු ජාතික තරගකරුවන්ට අලී පහර දුන්නේ විදුලි වේගයෙනි.එවැනි පුද්ගලයින්ට වර්ගවාදය සම්බන්ධයෙන් අමතක නොවන පාඩමක් ඉගැන්වීම ඔහුගේ අරමුණ විය.වරක් ඔහුව වියට්නාම යුද්ධයට එක්වීම සදහා කැදවුණු කළ ඔහු එය ප්‍රතික්ෂේප කළේ කිසිම වියට්නාම ජාතිකයෙක් ඔහුට කල්ලෙක් යැයි කියා අපහාස කර නැතැයි කියමිනි.
අලීගේ ජීවිත කතාව පාදක කරගෙන සැකසුණු ‘‘අයි ඈම් අලි‘‘ නම් වාර්තාමය සිනමාපටයක් එළැඹෙන නොවැම්බර් මස 28 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බොක්සිං ශූරයා ලෙඩින් පරදී
පාල Tuesday, 14 October 2014 04:14 AM
නියම නිහතමානී දක්ෂ ක්‍රීඩකයෙක්. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (නි)
ගයාන් Wednesday, 15 October 2014 04:14 PM
බුදුසරණයි!මොහොමෙඩ් අලි ඔබට (අ)
චානුක Wednesday, 15 October 2014 01:47 PM
ලොව විශිෂ්ඨ බොක්ෂින් ශුරයෙක්.ඉක්මන් සුවය පතමි.(හේ)
නිෂාධි Wednesday, 15 October 2014 01:47 PM
ඔබට එක්මන් සුවය ලැබේවා.(හේ)
සදුනි Wednesday, 15 October 2014 09:43 AM
යහපත් මිනිසෙක්. ඔබට ඉක්මන් සුව....!(හේ)
මොහොමඩ් Wednesday, 15 October 2014 07:40 AM
ඔබට දීර්ඝායුෂ පතමි.(ෆහ්)
නුවන් Wednesday, 15 October 2014 06:01 AM
මෙයා ලංකාවට ආවා නේද?(හේ)
හේසාන් Wednesday, 15 October 2014 03:36 AM
හරිම කණගාටුදායක පුවතක් (නි)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 15 October 2014 03:15 AM
ලොව කොයි කාගේත් ගෞරවය සහ සිත දිනාගත් ක්‍රීඩකයෙක්. ඔහුට ඉක්මන් සුවය පතමි. (නි)
කුමාර Tuesday, 14 October 2014 08:17 AM
වියට්නම් යුද්දෙට යන්ට බෑ කියල සිපිරි ගෙට ගියා.ඔහු වීරයෙක්.(හේ)
නසුර්ඩීන් Tuesday, 14 October 2014 05:59 AM
මේ වගේ දෙයකදී දැනෙන දුක අපි කාටත් පොදුයි.මොහොමඩ් අලි , ඔබට ඉක්මන් සුවය පතමි!(හේ)
අක්රම් Tuesday, 14 October 2014 05:13 AM
මරණය නියතයි.(හේ)
සංජීව Tuesday, 14 October 2014 04:43 AM
ඔබේ දිවියේ අවසාන කොටසට පැමිණ ඇති ඔබට දුක් වේදනා විදින්න නොවී සිටින්න ලැබේවා කියා පතමි. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.(හේ)
සෙනරත් Monday, 13 October 2014 04:56 AM
ඔබ බොක්සින්ග් පිටියේ සදාතනික වීරයෙකි. (හේ)
නුවන් Tuesday, 14 October 2014 03:09 AM
කණගාටුදායක පුවතක් (නි)
මොරිස් Monday, 13 October 2014 10:53 PM
සෑම්, ඒ ඔහුගේ පෞද්ගලික කැමැත්තයි (නි)
ෂෙරිෆ් Monday, 13 October 2014 06:50 PM
සුප්‍රකට බොක්සිං ශූරයාණනි, ඔබට ඉක්මන් සුවය පතමි! (නි)
යොමාල් Monday, 13 October 2014 06:50 PM
"රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්...." (නි)
සස්වි Monday, 13 October 2014 02:42 PM
අලි ඔබට තෙරුවණ් සරණයි. (අ)
ගාමිණි Monday, 13 October 2014 11:11 AM
අපිටත් ඕකම තමයි (දී)
සෑම් Monday, 13 October 2014 08:38 AM
කැසියස් ක්ලේ නම්වූ මේ ක්‍රීඩකයා ඉස්ලාම් දහම වැළඳගෙන මොහොමඩ් අලි ලෙස නම වෙනස් කර ගත්තා.(හේ)
චන්ද්‍රසිරි Monday, 13 October 2014 07:20 AM
ඔබට ඉක්මන් සුව පතමි! (නි)
සරෝජ් Monday, 13 October 2014 05:53 AM
ඔබට ඉක්මන් සුවය පතමි! (නි)
අශෝක Monday, 13 October 2014 05:44 AM
මේ වගේ දෙයකදී දැනෙන දුක අපි කාටත් පොදුයි. සම්බුදු සරණින් ඔබට ඉක්මන් සුව පතනවා! (නි)
නෙලුම් Monday, 13 October 2014 05:36 AM
තමන් සමාජයේ කුමන ජනප්‍රිය භුමිකාවක සිටියත්, ජීවිත රඟමඬලින් නික්ම යනවිටදී ගරු කටයුතු ලෙස නික්මයාමට හැකි නම් ඇත්තෙන්ම එය වාසනාවක්. (නි)
සේනක ද සොයිසා සිරිවර්ධන Monday, 13 October 2014 05:13 AM
අකර්ෂණීය ලෝක පුජිත ක්‍රීඩකයෙක්. ඔහුට සහනය ලැබේවා! (නි)