X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


බොරු කී ඇමතිට හිර දඬුවම්

එංගලන්තයේ හිටපු අමතිවරයෙකුවන ඩෙනිස් මැක්ෂේන්ට තමන්ට ලැබියයුතු අමතර දීමනා ලබාගැනීමට හොර කුවිතාන්සි සපයා පවුම් 13,000 ( රුපියල් ලක්ෂ 27 ක්)  වංචා සහගතව ලබාගැනීමේ වරදට මාස 6 ක සිරදඬුවමක් නියම විය.

මැක්ෂේන්  හොර කුවිතාන්සි ඉදිරිපත්කර තිබුනේ " භාෂා පරිවර්තන සහ පර්යේෂණ කටයුතු " වෙනුවෙන් වැයකළ මුදල් වශයෙනි.

හිටපු ඇමතිවරයාට හය මාසයක සිරදඬුවමක් නියමකළ විනිසුරුවරයා පැවසුවේ " මැක්ෂේන්ගේ  වංකභාවය දේශපාලනයෙහි නියුතු සැමගේ හොඳනමට ලොකු කැළලක් ඇතිකරන බවයි. " මේ ගැන සම්පුර්ණ වගකීම දැරිය යුත්තේ ඔබම මිස වෙන කිසි කෙනෙකු නොවන" බවද විනිසුරුවරයා පැවසීය.

ඩෙනිස් මැක්ෂේන් පසුගිය කම්කරු රජයේ යුරෝපා කටයුතු බාර ඇමතිවරයා විය.



අදහස් (0)

බොරු කී ඇමතිට හිර දඬුවම්

කමල් Monday, 23 December 2013 06:49 PM

එහේ බොරු කීවාම හිරේ, මෙහේ බොරු කීවාම (අ)

:       0       0

සහන් බණ්ඩාර Monday, 23 December 2013 07:12 PM

හා හා.. කලබල වෙන්න කාරියක් නෑ. අපේ රටේ එහෙම කරන්නේ නෑ. ඇත්ත කතා කරන ඇමති කෙනෙකුට සම්මානයක් දුන්නොත් මිසක් බොරු කියනවයි කියල මේ ඇත්තන්ව හිරේට දැම්මොත්. ඉන්න ඇමතිවරු ගණනේ හැටියට පාර්ලිමේන්තුවේ කව්රුවත් ඉතිරිවෙන්නේ නැහැ නේ.(නදී)

:       0       0

සිතාරි Monday, 23 December 2013 07:57 PM

එංගලන්තේ එංගලන්තේ. (ත)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 24 December 2013 12:06 AM

කොයි තරම් ප්‍රජාතන්ත්‍ර වාදී රටවල්ද ඒවා. අහන්නත් අසයි ඔහොම දේවල්. (ත)

:       0       0

නලීන් Tuesday, 24 December 2013 12:43 AM

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ත)

:       0       0

ෂේන් Tuesday, 24 December 2013 02:38 AM

සමහර රටවල දේශපාලකයන්ගේ දැනුම ගොඩක් අඩුයි. මේ අය බලයට පත්වුන ගමන් පශ්චාත් උපාදිය සඳහා ලංකාවට එව්වා නම් මේවගේ කරදර වලට මුහුනපාන්නේ නැහැ (අ)

:       0       0

පෙරේරා Tuesday, 24 December 2013 02:39 AM

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!!! (අ)

:       0       0

චමින්ද Tuesday, 24 December 2013 03:50 AM

ලංකාවෙනෙ ඉන්න තිබ්බේ (අ)

:       0       0

සමන්ති Tuesday, 24 December 2013 06:16 AM

ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි . ඊරියගොල්ල මහත්මයා සිටියානම් (අ)

:       0       0

සුමංගල ඇල්පිටිය Tuesday, 24 December 2013 07:28 AM

ඒවා නොකරන අයටනේ මෙහෙ ප්‍රශ්න . (ත)

:       0       0

ඉන්දික Tuesday, 24 December 2013 11:08 AM

කලබල වෙන්න එපා. එයා කලින් කම්කරු රජයේ හිටපු ඇමති කෙනෙක්. (ස)

:       0       0

කුසුම් Tuesday, 24 December 2013 11:49 AM

අන්න ඒවා තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ.(නදී)

:       0       0

ජයා Tuesday, 24 December 2013 12:13 PM

මෙහෙ අය හීනෙන් වත් බොරු කරලත් නැහැ, කරන්නෙත් නැහැ. එහෙම කරන්න හදනවනම් ඒක එන්.ජී.ඕ කුමන්ත්‍රණයක්.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 24 December 2013 12:59 PM

එයා කලින් ආණ්ඩුවේ හිටපු ඇමති කෙනෙක්. ඉතින් ඔය වගේ දේවල් මෙහෙත් වෙන්නේ. (නදී)

:       0       0

මොහාන් දමාම් Tuesday, 24 December 2013 02:22 PM

අපේ උදවිය ඇතුලට ගියාම එලියට එන්නේ වීරයෝ වෙලා. (නදී0

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 03:13 PM

ලංකාවේ ඇමතිලා "භාෂා පරිවර්තන" සල්ලි දීල කරවන්නේ නැහැ. අමාත්‍යංශයේ නිලධාරියෙක් ලව්වම කරගන්නවා. 'පර්යේෂණ කටයුතු" නම් කොහොමටවත් කරන්නේ නැහැ. එනිසා ඔහොම හොර කුවිතාන්සි දීමක් ලංකාවේ නම් සිදු වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site