X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 06 වන ඉරිදා


බොලිවියා මිනිසාට 123 යි

දකුණු ඇමෙරිකාවේ බොලිවියාවේ කර්මෙලෝ ෆ්ලොරෙස් ලව්රා දැනට මෙලොව ජීවත්වන වයස්ගතම පුද්ගලයා බව වාර්තා ගතවී ඇත. 

වර්ෂ 1890 දී උපන් ඔහු තවමත් හොඳ සෞඛ්‍ය තත්වයකින් යුතුව නිරෝගීව ඉන්නා බවටද වාර්තා වෙයි.

පසුගිය ජුලි මාසයේදී වයස 123 සපිරූ ඔහු ගමන් බිමන් යාමේදී තවමත් සැරයටියක් භාවිතා නොකරයි. ඔහුගේ අස්පෙනීමේ කිවයුතු දුර්වලතාවයක් නොමැති නිසා උපැස් යුවළක් පැළදීමේ අවශ්‍යතාවයක්ද නැත.

බොලිවියා අගනුවර වන ලපාස් සිට සැතපුම් 50 පමණ දුරින් පිහිටි කඳුකර ගම්මානයක්වන ෆ්රස්කුඉසියාහි ජීවත්වන ඔහු අයිමාර ගෝත්‍රික ගැමියෙකි. දරුවන් තිදෙනෙකුත් මුණුපුරන් 16 දෙනෙකුත් මීමුනුපුරන් 39 දෙනෙකුත් සිටින ඔහුගේ වයස දැනගෙන ඇත්තේ රෝමානු කතෝලික සභාව විසින් ලබාදී ඇති ඔහුගේ බෞතීස්ම සහතිකය අනුවය. 

එම හැඳුනුම්පතේ සටහන්වී ඇති අන්දමට ඔහු ඉපදී ඇත්තේ 1890 ජුලි මාසයේ16වැනිදාය. බොලිවියාවේ උප්පැන්න සහතික නිකුත්කිරීම ආරම්භවුයේ 1940 දීය.ඔහුගේ බිරිඳ මියගොස් ඇත්තේ මීට වසර 10කත පෙරදීය.කිසිදවසක උදාසීන ලෙසින් ගත නොකිරීමත් ඇඟපත සවිබල තිබුකාලයේ වෙහෙස මහන්සිවී වැඩකිරීමත් දිනපතා දුරගමන් දෙපයින් ඇවිදීමත් සීනි පැණි වැනි ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනයෙන් වැළකී සිටීමත් තමන් මෙතරම් කාලයක් ජීවත්වීමේ රහස බව පසුගියදා බොලිවියානු ප්‍රවෘත්ති වැඩසටහනකට පෙනීසිටි කර්මෙලෝ ෆ්ලොරෙස් ලව්රා පැවසීය.

මේ පිළිබඳව ඔහු තවදුරටත් කියා ඇත්තේ "මම කවරදාකවත් කම්මැලි කමින් හිටියේ නැහැ. ගෙදර දොර වැඩකටයුතු ඉවුම් පිහුම් වැනි වැඩවලට පවා මම උදව් පදව් කළා. අපි කැවේ බීවේ කැලේ වැවෙන දේවල්. මස් හැටියට අපි වැඩිපුරම කැවේ උරුලෑ මස් තමා. 

වෙන සත්තු මේ පලාත්වල හිටියේ හරිම අඩුවෙන්.අද වාගේ කුකුලන් එළුවන් හරකුන් වැනි සතුන් අපි පුංචි කාලේ හිටියේ නැහැ.අපි ඉතින් මස් හැටියට කෑවේ කැලේ ජීවතුන සතා සිව්පාවෝ තමයි. වෙන මොනවත් නොවේ."යනුවෙනි. 

කෙසේවෙතත් ලෝකයේ වාර්තා පිලිබඳ විද්‍යාත්මක නිරීක්ෂණ පවත්වා සහතික ලබාදෙන ගිනිස් ලෝක වාර්තා සංවිධානය මෙවැනි පුද්ගලයෙකු පිළිබඳව දන්නේ නැතිබව පවසයි. එවැන්නෙකු සම්බන්දයෙන් තම සංවිධානයට තොරතුරු සැපයුවහොත් ඒගැන සොයාබලා නිගමනයකට එළඹිය හැකිබව එම සංවිධානය පවසා ඇත. 

 



අදහස් (0)

බොලිවියා මිනිසාට 123 යි

බණ්ඩා Monday, 19 August 2013 04:47 PM

මේක බොරු වයසක් ......(ස)

:       0       0

චන්දි Monday, 19 August 2013 05:24 PM

අනේ! එතකොට අපේ ලංකාවේ අර අත්තම්මට (116)ගිනස් පොතට යන්න බැරිද? (නි)

:       0       0

බෙනට් Monday, 19 August 2013 05:31 PM

මමත් හිතන්නේ මේ මෙයාගේ ඇත්ත වයස නෙමෙයි ... බොලිවියන් කට්ටිය වයස 80 විතර වෙනකම් හිටියොත් මේ වගේ මුනවල් තමයි තියෙන්නේ ...අනික බොලිවියාව කියන්නේ ආයුෂ අඩු ජනතාවක් ඉන්න රටක් .(අ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 19 August 2013 06:23 PM

මේක ඇත්තටම ඇත්තද? (නි)

:       0       0

පෙරේරා Monday, 19 August 2013 07:28 PM

මගේ අදහස නම් තවම ලෝකේ වයස්ගත පුද්ගලයාව සොයාගෙන නැහැ.දවසින් දවස එක එක අය ගැන අහන්න ලැබෙනවා (නි)

:       0       0

ලාරා Monday, 19 August 2013 10:49 PM

ඇමරිකාව කියන්නේ බොරුවේ උපත. මොවුන්ට නොබෙල් පච සම්මානයත් පිරිනැමිය යුතුයි ! (නි)

:       0       0

සිසී Monday, 19 August 2013 11:54 PM

මෙන්න බණ්ඩාගේ හා බන්ට් ගේ විද්‍යාත්මක මොලයක තරම.(නදී)

:       0       0

අමිළ Tuesday, 20 August 2013 12:04 AM

අනේ මෙහෙම මළමිනී වගේ ඉන්නවට වැඩිය හොඳයි මැරෙන එක.(නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 20 August 2013 02:45 AM

බොලිවියාව කියූ සැනින් මගේ මතකයට නැගුනේ මහ විප්ලවයක් කල චේ ගුවේරා නම්වූ සුප්‍රකට අරගල තරුවයි, ආජන්ටිනාවේදී උපත ලද චේ එක්දහස් නවසිය හැටහතේ ඔක්තෝම්බර් නමවෙනි දින බොලිවියාවේදී ඝාතනයට ලක්විය. (නදී)

:       0       0

දර්ශන් Tuesday, 20 August 2013 05:20 AM

පරිසරය සමග ජීවත් වුණොත් වසර 100 ,ලොකුදෙයක් නොවේ.අපට නම් පුළුවන් වෙන එකක් නැහැ. අපි දැනටමත් වසවිස ඇති තරම් ශරීරයට එකතු කරගෙන ඉවරයි. (නි)

:       0       0

දමිත් Tuesday, 20 August 2013 06:59 PM

මට නම් මෙච්චර කල් ඉන්න ඕනෑ නැහැ (නි)

:       0       0

චමත් Tuesday, 20 August 2013 08:42 PM

මෙච්චර අව්ව පායන රටක ඔච්චර රෙදි පොරවාගෙන ඉන්නේ මොකටද? (නි)

:       0       0

ලසන්ත Wednesday, 21 August 2013 10:10 AM

චමත්, ඒ දහවල අව්වෙන්, දූවිල්ලෙන් සහ රාත්‍රි අධික සිසිලෙන් ආරක්ෂා වීමට. සොබා දහමේ රහස එය සමඟ ජීවිතයයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site