ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් ප‍්‍රහාරයේ සැකකරුවන් වන සානේව් සහෝදරයන් නිව්යෝර්ක් නගර මධ්‍යයේ ඇති ටයිම්ස් චතුරස‍්‍රයේ බෝම්බ අටවා පුපුරුවා හැරීමට සැලැසුම් කර තිබූ බව නිව්යෝර්ක් නගරාධිපති බ්ලූම්බර්ග් පවසයි.
මැරතන් තරගය අතරතුර පුපුරුවා හැරි ගෑස් කුකර් යොදා නිර්මාණය කළ පීඩන බෝම්බවලට සමාන බෝම්බ හා අත්බෝම්බ නිව්යෝර්ක් ප‍්‍රහාරය සඳහා යොදා ගැනීම සානේව් සහෝදරයන්ගේ අරමුණ වූ බව ද නගරාධිපතිවරයා කීය.
වෙඩිවැදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටින බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයේ දෙවැනි සැකකරුවන 19 හැවිරිදි සොකාර් සානේව් ෆෙඩරල් පරීක්ෂකයන් ඉදිරියේ පාපෝච්චාරණය කරමින් සිය මීළඟ ඉලක්කය පිළිබඳ මෙසේ තොරතුරු හෙළි කළ බව නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බොස්ටන් ප‍්‍රහාරයෙන් පසුව සැකකරුවන් ලූහුබැඳ ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් සිද්ධියේ පළමු සැකකරු වූ 26 හැවිරිදි ටැමරන්ලන් සානේව් ජීවිතක්ෂයට පත්විය. ඉන් පසු දෙවැනි සැකකරු වන සොකාර් සානේව් පොලිසියට කොටු විය. ඒ අවස්ථාවේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් සොකාර් බරපතළ තුවාල ලබා රෝහල් ගත කරන ලදී.
වෙඩිවැදී තුවාල ලැබූ සොකාර් දැන් සුවය ලබමින් සිටින බව රෝහල් බලධාරීහු පවසති.
විනාශකාරී අවි භාවිත කර මිනිස් ඝාතන සිදු කිරීම සොකාර්ට එල්ලවී ඇති චෝදනාය. සොකාර් සුවය ලැබූ වහාම ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් හමුවට පැමිණවීමට නියමිතය.
මේ අතර සොකාර් සොහොයුරන්ගේ මව රුසියාවේ සිට කියා සිටියේ තම පුතුන් මෙම ප‍්‍රහාරයට වගකිවයුත්තන් නොවන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බොස්ටන් සැකකරුවන් නිව්යෝර්ක් නුවරටත් පහර දෙන්න සැලැසුම් කරලා
සිල්වා Saturday, 27 April 2013 12:06 PM
එක් සහෝදරයෙක් මැරුවා.අනෙකාව බාගෙට මැරිලා. සාක්ශියක් ගන්න බැරි විදියට රෝහල් ගතවෙලා.කෝ යුක්තිය, මානව අයිතීන් සුරැකීම්? මේවා අපි වගේ රටවලට පමණද? මොවුන්ගේ දෙබිඩි පිලිවෙත හෙලා දකිමි. (නි)
ලාල් Saturday, 27 April 2013 08:44 PM
ත්‍රස්තවාදියෝ නැති කරලා දාන්න ඕන මිහිපිටින් .(නදී)
ඩිල්ශානි Saturday, 27 April 2013 10:37 PM
ලොකු විනාශයකින් ඇමරිකාව බේරුනේ.දරුවන් දෙදෙනා මෙන්ම මවද අපරාධකරුවන්. (නි)
සිතිර Sunday, 28 April 2013 09:03 AM
ඔක්කොටම කලින් ත්‍රස්තවාදය ඇති වෙන්න හේතු වලට පිළියම් කරන්න ඕනේ.(නදී)
නිමල Sunday, 28 April 2013 10:01 AM
පුදුමේ කියන්නේ අම්මත් ඇදුමක් හොරකම් කරලා ඇමරිකාවේ නඩුවක් තියෙනවලු. (නි)
පද්මා Sunday, 28 April 2013 10:03 AM
ද සිල්වා, ඔය අල්කයිඩා එකේ ලංකාවේ මාධ්‍යය ප්‍රකාශකද? (නි)
ශීළා Sunday, 28 April 2013 10:04 AM
ත්‍රස්තවාදයට තැනක් නොතැනක් නැත. පිළිකා මෙන් පුච්චා විනාශ කරන්න. (නි)
හේරත් Monday, 29 April 2013 07:51 AM
එන්නකෝ අපේ පැත්තට. ෂුවර් එකටම ඇමතිකමක් ගන්න පුළුවන්. මොකද ලංකාවට පුළුවන් නම් ඇමරිකාවට බැරි? ඕකට ජිනිවා යන්න කාරි නැහැ. (නි)