බඩ රුජාවක් යැයි කියමින් රෝහලට ඇතුළත්වූ 63 හැවිරිදි පුද්ගලයෙකුගේ බඩෙහි තිෙබී රන් පොලූ 12 ක් සොයාගැනීමට ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලක වෛද්‍යවරු සමත්වූහ.
බිරිද තමන් සමග කළහ කරගැනීම නිසා ඇයගේ සිත රිදවීමට තමන් බෝතල් මූඩියක් ගිල්ලේ යැයිද එය ගිල දැමූ වේලාවේ පටන් බඩ රිදීමට පටන්ගත්තේයැයිද මෙම පුද්ගලයා වෛද්‍යවරුන්ට පවසා තිබේ.
වහාම එක්ස් රේ කිරණ පරීක්ෂාවක් සිදුකර ඇති වෛද්‍යවරුන්ට ඔහුගේ කුසයේ බෝතල් මූඩියක් තිබෙන බවක් නම් හදුනාගත නොහැකිව ඇත.ඒ වෙනුවට එක්ස් රේ පටයේ සටහන් වී ඇත්තේ කුසෙහි රැදී තිබෙන බවක් පෙනුනු පටියක් වැනි ව්‍යුහයකි.
ඒ කුමක්දැයි සොයාබලා එය ඉවත් කර දැමිමට එම පුද්ගලයාගේ උදරය කපා සැත්කමක් සිදුකර ඇති වෛද්‍යවරුන් පිරිස මවිතයට පත්ව ඇත්තේ උදරයේ රැදී තිබුණු රන් පොල්ලක් දැකීමෙනි.එය ඉවතට ගැනීමට යාමේදී එකක් පසුපස එකක් බැගින් රන් පොලූ දොළහක්ම සොයාගැනීමට හැකිවීම වෛද්‍යවරු පිරිස මවිතයෙන් මවිතයට පත්කිරීමට සමත්ව ඇත්තේය.
මේ සම්බන්ධයෙන් වහාම පොලිසිය දැනුම්වත් කිරීමට රෝහල් පාලනාධිකාරය කටයුතු කර ඇත.රන් පොලූ තොගය දැන් තිබෙන්නේ පොලිස් භාරයේය.
එක් රන් පොල්ලක් ග්‍රෑම් 33 ක් පමණ බරකින් යුතු වන්්නේයැයි සදහන්ය.
සැත්කමින් පසු සුවය ලබමින් සිටිනා ‘‘බෝතල් මූඩියකැයි වැරදීමකින් රන් පොලූ ගිල දැමූ‘‘ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය සූදානමින් සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බෝතල මුඩිය රන් පොල්ලක් වේ
කුමාරි Wednesday, 23 April 2014 08:17 PM
නියමයි. එහෙම නම් බෝතල් මුඩියක් ලෙඩාගේ ඇද ළඟින් තියලා සැත්කම කළ අය රන් කැබලි බෙදා හදා ගනීවි. (නි)
ශාන්ති Thursday, 24 April 2014 12:38 AM
අනේ! මටත් ආසා හිතුනා බෝතල් මුඩියක් ගිලින්න (නි)
නිමල් පෙරේරා Thursday, 24 April 2014 08:02 AM
මෙම පුද්ගලයා රත්රන් සුරක්ෂිත කරන ආයතනයක ඉහල නිලයක් දරන පුද්ගලයෙක් විය හැකි. (ස)