දිය මත පාවෙන ප්ලාස්ටික් බෝල යොදාගෙන ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි ලොස් ඇන්ජලිස් ජලාශයේ ජලය රැකගැනීමේ උත්සාහයක ඇමරිකා බළධරයෝ යෙදී සිටිති.
අක්කර 75 ක් පමණ වපසරියක පැතිරෙන ලොස් ඇන්ජලිස් ජලාශයේ මතුපිට මේ වන විට තිබෙනුයේ මෙවන් ප්ලාස්ටික් බෝල ලක්ෂ 960 කින් සම්පූර්ණයෙන්ම වැසී තිබිණි. බෝල සමූහයක් මිස ජලාශයේ ජලය තිබෙන බවක් වත් මේ නිසා නොපෙනේ.
මෙයින් අපේක්ෂා කෙරෙනුයේ හිරු රැස් හමුවේ ජලය වාෂ්පීකරණයව යෑම වළක්වාගැනීමය. ඊට අමතව ඇල්ගී කි‍්‍රයාකාරකම් හා විවිධ රසායනික ප්රතිකි්රයා නිසා ජලය දුෂණයවීමද මෙම උපක්‍රමයෙන් මැඩපැවැත්විය හැකි බවත් සඳහන්ය.
වැඩකට නැති දෙයක් ලෙස පෙනුණ ද මෙම බෝල නිසා සැබෑවටම ජලය වාෂ්ප නොවී ආරක්ෂා වන බව කැලිෆෝර්නියා ප්‍රාන්ත බළධරයෝ කියති.
දීර්ඝ කාලයක් මුළුල්ලේ කැලිෆෝර්නියා ප්‍රාන්තය මුහුණදෙමින් සිටින ඉඩෝරය හමුවේ ජලය ආරක්ෂා කරගැනීමට මෙසේ අලූත්ම ආකාරයේ පියවර ගැනීමට ඔවුන්ට සිදුව ඇත
වැසි වැටේ යැයි ලකුණක් නොමැති වීම නිසා අවසාන ජල බිදුව දක්වාම ආරක්ෂා කරගැනීමට කටයුතු කරනවා විනා අන් කළ හැකි කිසි දෙයක් තමන්ට නොමැති බව ඔවුහු කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බෝලය විල් වතුර රකී
සමන් නාමල් Thursday, 13 August 2015 04:23 AM
වාෂ්ප වුණේ නැත්නම් කොහොමද වැස්ස ලැබෙන්නේ (ම)
ද සිල්වා බර්ලින් Thursday, 13 August 2015 08:53 PM
වසන්ත කාලයේ ලොස් ඇන්ජලිස් වල තිබෙන්නේ උණුසුම් වියළි දේශගුණයක්. ශීත කාලයේ තිබෙන්නේ ශීත වියළි දේශගුණයක්. එමනිසා මෙහි නෙලුම් , මානෙල් වැනි ශාක නොවැවේ. වාතයේ ජලවාෂ්ප ප්‍රතිශතය ඉතා අඩුය (නි)
කුමාර Thursday, 13 August 2015 05:14 PM
දැක්කද මේ විලෙත් බිසෝ කොටුවක් තිබෙනවා. අපේ තාක්ෂණයත් භාවිතා කරලා (නි)
ඩබ්මෂ් Thursday, 13 August 2015 09:44 AM
කවුරු හරි මහා විනාශකාරී තීරණයක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ(ම)
ඉනෝකා Thursday, 13 August 2015 09:25 AM
එරන්ද හේරත්,කීවා වාගේ විලක්,වැවක්,පොකුණක් දකින්නට ලැබීමත් වාසනාවක්. (ම)
චානක ඇන්ජලිස් Thursday, 13 August 2015 07:36 AM
එරන්ද හේරත් ඔබ හරි (ම)
තිලකසිරි Thursday, 13 August 2015 06:36 AM
එරන්දගේ අදහස ඉතා විශිෂ්ටයි (නි)
බණ්ඩාර Thursday, 13 August 2015 06:33 AM
සමන්, නාමල්, මුහුදු ජලය වාෂ්ප වුණාමත් වැස්ස ලැබෙනවා .... (නි)
කමල් Thursday, 13 August 2015 05:31 AM
දන්නේ නැති නිසා අහන්නේ. බෝල දානවට වඩා කුඩා සිදුරු සහිත ඉටි රෙද්දකින් ආවරණය කරන්න පුළුවන්නේ. තවත් දෙයක්. කලුපාටට උණුසුම උරාගන්නවා වැඩියි නේද? (නි)
දුමින්ද Wednesday, 12 August 2015 11:51 AM
සොබාදහමට නොවන අවනත -ලොවේ කිසිවක් නැහැ (බ)
එරන්ද හේරත් Thursday, 13 August 2015 04:19 AM
අපේ පැරණි රජ වරු මීට වඩා සොබාදහමට අනුකුලව ප්‍රයෝගික ක්‍රමයක් වර්ෂ දාස් ගානකට කලින් ක්‍රියාත්මක කළා. ඒ තමා පළල් පත්‍ර සහිත නෙලුම් , මානෙල් වගේ ජලජ පැලැටි රෝපණය කරලා මුළු වතුරම පත්‍ර වලින් වසාදමා ජලය වාෂ්පිකරණය අඩු කලා.පරිසරයත් ලස්සන වුණා මල් පිපුණාම එ් නිසා (ම)
සෙන්සා Thursday, 13 August 2015 03:58 AM
නව සිතුවිලි නිර්මාණයන් රටක් පෙරට ගෙනයනවා.(ම)
පිරිස් Thursday, 13 August 2015 02:59 AM
අපේ අය බලාගෙන ඉන්නේ වැව හින්දෙනකම් හෝ හින්දවලා හරි නිදන් වස්තු හොයන්න හාරන්නි. (ම)
සිරි Wednesday, 12 August 2015 06:15 PM
ලෝක පොලිස්කාරයාටත් දැන් එන්න එන්නම පාරිසරික ප්‍රශ්න වල බලපෑම වැඩිවෙනවා වගේ. (නි)
ධනුෂ්ක Wednesday, 12 August 2015 03:10 PM
දර්ශ නියම කතාව, මෙහෙ එවුන් බලන් ඉන්නේ වැව හිඳෙනකම් (බ)
පුබුදු Wednesday, 12 August 2015 12:32 PM
අසරණ වෙලා වගේ (නදී)
දර්ශ Wednesday, 12 August 2015 12:23 PM
ලංකාවේ දේශපලුවෝ නම් බලාගෙන ඉන්නේ වැවක් හිඳෙනකම් හෝටලයක් හදාගන්න. පෙර රජවරු කරපු දේවල් වලට සම කරන්න මොනවද මේ වර්තමාන දේශපාලුවෝ කරලා තියෙන්නේ (නදී)