X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


භාවනාව සිසු සිත නිරවුල් කරයි

පාසල් ළමයින්ගේ අවධානය නිරවුල් කරගැනීමත් සිත එකඟකරගැනීමත් සඳහා උපකාරයක් වශයෙන්  භාවනාව ප්‍රගුණ කිරීම බ්‍රිතාන්‍ය පාසල් කාලසටහනට ඇතුළත් කිරීම අරඹා ඇත.

ළමා සිත්හි ඇති ව්‍යාකුල සිතුවිලි වලින් අත්මිදීම සඳහා සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට හැකිවූ බව මේ පිළිබඳව අදහස් දැක්වූ ගුරුවරියක් පැවසුවේය. භාවනා වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමට සතුට පලකල සිසු සිසුවියන් කණ්ඩායමක් යොදා සිදුකළ අත්හදා බැලීමකින් ළමා සිතුවිලි යහපත් තත්වයකට හරවා ගැනීමටත් ඉගෙනීමේ කටයුතු සඳහා ඇති අවධානය සෑහෙන දුරකට වර්ධනය කර ගැනීමටත් ආතතිය අඩුකර ඉගෙනුම දියුණු කර ගැනීමටත් හැකිවූ බව ඒත්තු ගිය නිසා බාලාංශ පන්තිවල සිට සතියකට පැය භාගයක් සියලුම සිසුන්හට භාවනාව ප්‍රගුණ කරගැනීම සඳහා පන්තියක් පැවැත්වීමට ආරම්භ කල බව එම ගුරුවරිය කීවාය.

පාසල් අධ්‍යාපනයෙන් ශාස්ත්‍රීය කාර්ය සිද්ධිය ඉස්මතු කර ගැනීම ඉතාමත් වැදගත් වන බව පිළිගන්නා බවත් ඒ සඳහා භාවනා ක්‍රම උපයෝගී කරගනිමින් ධනාත්මක ප්‍රතිපල ලබාගත හ්කිනම් එයද වැදගත් ලෙස සැලකිය යුතු බවත් පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ඇමතිනි නිකි මෝර්ගන් පවසා ඇත.

භාවනාව ප්‍රගුණ කිරීමෙන් දරුවන්හට කිසියම් හෝ ගැටළුවක් ඇත්නම් එය අනුන් ලවා විසඳා ගැනීම කෙරෙහි විශ්වාශයක් තබාගෙන සිටිනවාට වඩා තමන් විසින්ම විසඳා ගැනීමට අවස්තාවක් ඇතිබව ඒත්තු ගැන්වීමට හැකියාවක් ඇතිබවත් සතිපට්ඨාන භාවනාව බ්‍රිතාන්‍ය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා දැනට කටයුතු කරගෙන යන බවත් බර්ක්ෂයර් ප්‍රාන්තයේ පාසලක සේවය කරන භාවනා උපදේශක වරයෙක් පැවසුවේය.

web_20151127MEDITATION2

 



අදහස් (0)

භාවනාව සිසු සිත නිරවුල් කරයි

සුමාල් පෙරේරා Friday, 27 November 2015 05:51 PM

පුක්කුස, නොදන්නා බෞද්ධ ඉතිහාසය නොකියා ඉන්න. මොකක්ද ඔච්චර ලංකාවේ පන්සල් එක්ක තිබෙන වෛරය? ඔයා ගැන අපි දන්නවා. (නි)

:       0       0

ගුණසිරි Tuesday, 01 December 2015 12:19 PM

සේනකගේ මතය අගය කළයුතුයි. එය සත්‍යයක් (නි)

:       0       0

චමින්ද Saturday, 28 November 2015 04:21 PM

හොඳ දේ කොහේ කළත් හොඳයි (නි)

:       0       0

කැප්පෙටිපොළ Saturday, 28 November 2015 12:37 PM

අපේ පාසල් වල ළමයින්ට අනිවාර්ය කළයුතු දෙයක් තමයි භාවනාව. පාසල් වල විතරක් නෙවෙයි හැම බන්ධනාගාරයකම සිරකරුවන්ට දවසකට පැයක් භාවනා කිරීම අනිවාර්ය කළයුතුයි (නි)

:       0       1

ගංගානි Saturday, 28 November 2015 10:49 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

හේමා Saturday, 28 November 2015 08:12 AM

අගය කළයුතු වැඩක්. (නි)

:       0       0

සේනක Saturday, 28 November 2015 06:41 AM

බෞද්ධ දර්ශනයේ අග්‍ර ඵල වනුයේ සමථ හා විදර්ශනා භාවනාවයි. බටහිර රටවල ජීවත්වන ඇත්තෝ මේ අග්‍ර ඵල වලින් උපරිම ඵල නෙලා ගන්නවා. ලංකාවේ බහුතර බෞද්ධ ජනයා බෞද්ධාගම අදහනවා විතරයි. බෞද්ධ දර්ශනය අනුගමනය කර ඉන් උපරිම ඵල නෙලා ගැනීමට වෙර දරන්නෝ විරලයහ.(හේ)

:       0       0

රොෂාන් Saturday, 28 November 2015 05:34 AM

ලංකාවේ පන්සල් වලින් කෙරෙන සේවය කියා නිමකළ නොහැක. නමුත් හිත දියුණු කිරීම , මෛත්‍රීය , කරුණාව දියුණු කිරීම කිරීම ගැන මීටවඩා වැඩ කොටසක් සිදුවිය යුතුය. බෞද්ධ රටක් වුණත් අපේ අය සතුටින් සිටින වෙලාවක් සොයා ගැනීම අපහසුය. (නි)

:       0       0

ඉන්දික Saturday, 28 November 2015 05:00 AM

කෝ බෞද්ධ අපේ රටේ මේවා? (නි)

:       0       0

ගුණරත්න Saturday, 28 November 2015 01:34 AM

ඇමෙරිකාවේ සෑමතැනම වගේ භාවනා සමිති සමාගම් තිබෙනවා. (නි)

:       0       1

චම්පා Friday, 27 November 2015 10:49 PM

විපස්සනා භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමෙන් ඉතාමත් යහපත් ප්‍රතිඵල රාශියක් ලැබේ. මා දැනට එංගලන්තයේ කුඩා පිරිස් වලට නොමිලයේ දේශනා කර පුහුණු කරමි. මාගේ දොස්තරවරිය කෙතරම් පැහැදුනේද යත් ඇය තම නිවසෙහි භාවනාව සඳහාම කොටසක් වෙන්කර සාදා ඇත. ශ්‍රී ලංකාවේ මෙය සෑම නිවසකම ප්‍රගුණ කළයුතු දෙයක් බව මගේ හැඟීමයි. (නි)

:       0       0

කරුණාරත්න Friday, 27 November 2015 10:48 PM

ලංකාවෙ පාසල් වල මීට ගොඩක් කලින් පටන් ගතයුතු දේවල් තමා මේ. එංගලන්තෙ හරි මේ පටන්ගැනීම ගැන අසන්න ලැබීම විශාල සතුටක්. කොහොමත් ඉතින් අපේ රටේ එංගලන්තෙ පැත්තෙන් පටන් අරගෙන එනකොට තමා පිළිගැනීමක් තියෙන්නෙ. වැඩි කලක් නොගොස් ඔය යහපත් දේ අපිටත් පටන්ගන්න පුලුවන් වේවි (නි)

:       0       0

අමල් Friday, 27 November 2015 07:15 PM

හොඳ වැඩක් (නි)

:       0       0

රත්න Friday, 27 November 2015 07:07 AM

ළමයින්ට පමණක් නෙමෙයි, ඇත්තටම අපි සියළු දෙනාටම භාවනාව තුළින් සිතේ සහනය ලබාගත හැකියි (නි)

:       0       0

සුමාල් පෙරේරා Friday, 27 November 2015 05:51 PM

අපි දන්නවා ඔය පුක්කුස කවුද කියලා. ලන්ඩන් බෞද්ධ විහාරයෙන් කෙරෙන සේවය අමරණීයයි. (නි)

:       0       0

ගුණසිරි Friday, 27 November 2015 02:34 PM

මේය නම් සතුට උතුරා යන ලිපියක් , සුද්දාවත් මේ ලියන දේ නම් දන්නේ නැහැ , පාසල් මට්ටමින් සිසු දරුවන්ට විදර්ශනා භාවනාව උගන්වන්න පටන් ගත්තොත්, ලෝකය මෙතෙක් බිහි නොකළ අග්‍රගනයේ විද්‍යාඥයින් බිහිවීම ඇරඹෙනවා , ඒ විතරක්ද සියලු සමාජ ප්‍රශ්න නිරාකරණය විම, ඒ දෙකම වෙන්නේ හේතු දෙකක් නිසා 1 බුදුදහම තමයි ලෝකයේ ඇති අග්‍රගන්‍ය විද්‍යාව. 2 මං මුළාවී ඇති මනුෂ්‍යාට සැබැ තතු අනාවරණය කරදීම. මෙන්න කාලෝචිත ප්‍රශ්නය අද බෞද්ධ භික්ෂුව බුදුදහම දන්නෙහිද ?(බ)

:       0       0

පුෂ්පකුමාර Friday, 27 November 2015 01:58 PM

පුක්කුස මිලානෝ හා පිටිගල මිලානෝ ලා මිලානෝ පන්සල් දෙකක දායකයෝ වගෙයි. අර කඨින පිංකම දවසේ කඹ ඇදීමේ තරගයත් තියනවද කියල අපිටත් දන්වනවද? මම අහල තියනවා රෝමයේ පන්සල් 18ක් තියනවා කියල. තරගෙට පින් කරන දායක මහතුන් භාවනා වැඩමුළුවක් පැවැත්වුවොත් හොඳයි නේද? (බ)

:       0       0

සිරී Friday, 27 November 2015 01:30 PM

පුක්කුස නමින් ලියන කෙනා කවුරු උනත් පොඩ්ඩක් ලන්ඩන් බෞද්ධ විහාරයෙන් කෙරෙන ධර්මදුත වැඩකටයුතු ගැන පොඩ්ඩක් අහල බැලුවොත් හොඳයි. බ්‍රහ්මවන්ශ හිමියෝ පැවිදිභාවයට පත්වනන්ට පෙර ජීවත් වුනේ ලන්ඩන් බෞද්ධ විහාරය අසලයි. දැනුත් උන්වහන්සේ එම විහාරයට වැඩමකර ධර්මදේශනා පවත්වනවා. අපේ සමහර අය තවමත් ලංකාවේ කවුරුහරි කරන හැම දෙයකම දෙයක ඇද කුද දකින අතරේ පිටරට අය මොනවා කලත් ඒවා ඉස්තරම් කියල කියන්න පුදුම ආශාවක් දක්වන බවක් පෙනෙන්න තියෙනවා. බැන බැන හරි මේ අය ඔය කියන ලංකාවේ පන්සල්වල තමා දාන මාන වැඩ කරන්නේ.මොකද තායිලන්ත, ටිබට් හෝ බුරුම පන්සල්වල සිංහලෙන් හෝ අප දන්නා පාලි බසින් වන්දනා මාන කෙරෙන්නේ නැහැ.ඒ තැන්වලට පිනක් දහමක් කරගන්නවාට වඩා සෝබනේට යන එන අපේ කට්ටියත් ඉන්නවා.(රේ)

:       0       0

අතුල Friday, 27 November 2015 01:27 PM

ලන්ඩනයේ විහාරයක දේවාලයක් අටවාගෙන කපුවෙකුත් වැඩසිටියා.(රේ)

:       0       0

පුක්කුස-මිලානෝ Friday, 27 November 2015 12:09 PM

භාවනාවේ අගය සුද්දාට වැටහුනේ අජාන් බ්‍රහ්මවංශ හිමි ඇතුළු එංගලන්තයේ තායිලන්ත පන්සල් වලින් මිසක් එංගලන්තයේ, ඉතාලියේ සහ ප්‍රංශයේ තියෙන ලංකාවේ පන්සල් වලින් නම් නොවේ. අපේ පන්සල්වල කෙරෙන්නේ නැටුම් මුලික කර ගත් උත්සවයන්ය. නච්ච, ගීත, විසුක දස්සන අත් හැරීම නොව ඒවා දෙස අප්‍රියයෙන් හෝ බලා සිටීමටයි මේ පන්සල් වලට ගියාම වෙන්නේ. නිර්මල බුදුදහම පසෙක දා කරන කටයුතු නිසා මේ පන්සල් වලට විදේශිකයන්ගේ සහ මේ රටවල ඉපිද යමක් දන්නා ලාංකික ළමුන්ගේ පැමිණීම අඩුය. (බ)

:       0       0

කපිල Friday, 27 November 2015 11:31 AM

සුද්දෝ කරන නිසාවත්, ලංකාවේ අය කරන්න පටන්ගත්තොත් ලොකු දෙයක්. අපේ අය තමන්ගේ දේවල අගය දන්නේ නැහැ. (බ)

:       0       0

පුෂ්පකුමාර Friday, 27 November 2015 10:33 AM

අපේ අයට ඉතින් සුද්දෙක් මේවා කළාම තමයි මහා ලොකුවට පේන්නේ? ඕක හොඳට ගැලපෙන්නේ සුද්දන්ට නෙමෙයි නොහික්මුණු අපේම අයටයි. සුද්දෝ දිහා බලලා හැදෙනවට වැඩිය ලංකාවේ පන්සල් වල මේවා ක්‍රියාත්මක කලොත් නරකද?(හේ)

:       0       0

එස් කල්පගේ Friday, 27 November 2015 10:10 AM

බෞද්ධ රටේ මේවා පෙනෙන්නේ නෑ අපිට (ම)

:       0       1

පිටිගල ෙ Friday, 27 November 2015 09:44 AM

මව් කුසෙන් එලියට පැමිණි මොහොතේ සිට අවසන් සුසුම් පොද හෙලන තුරු නොනැවතී පන්චේන්ද්රියන්ගෙන් ලැබෙන සැපයුම නිසා ලෞකිකත්වයෙන් වියවුල් වන මනස භාවනාව මගින් එම සැපයුම නවතා මොහොතක් ලෝකෝත්තර ස්වභාවය කුමක්ද කියා වටහා ගන්න.(හේ)

:       0       0

චන්දන Friday, 27 November 2015 08:23 AM

අපිට නොවටිනා අපේම දේවල් නේද මේ? (නි)

:       0       0

සමරදිවාකර Friday, 27 November 2015 08:26 AM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site