X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


භුතාන රජ කුමරු උපතට පැළ ලක්ෂයක්

භුතාන රජතුමා වු  36 හැවිරිදි ජිග්මේ ශේසර් වන්ග්චුක්  සහ ඔහුගේ අග මෙහෙසිය වූ 25 හැවිරිදි ජෙට්සුන් පෙමා රාජිණියගේ කුළුඳුල් දරුවා වෙනුවෙන් භූතානය පුරා රටවැසියන් දහස් ගණනක් ස්වේච්චාවෙන් එක්ව පැළ වගී 108,000 ක් රෝපණය කරන ලද බව ඒජන්සි වාර්තා කියයි. 

බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගෙන භූතාන අගමැති ටෙරින් ටෝබ්ගේ මුලිකත්වයෙන් කටයුතු සිදු කැරිණි. තේක්ක,සින්දූර,  ඔක් වැනි පැළැටි රෝපණය කරන ලදි. රාජකීය කුමරුන් උපත ලැබුවේ පෙබරවාරි 5 වැනි දාය. භුතාන චාරිත්‍රානුකුලව බිලිඳා නම් කරනුයේ මාස දෙකක් ලැබුවාට පසුව අප්‍රේල් 5 වැනි දා වේ. වන්ග්චුක් රජතුමන් ගුවන් නියමුවකුගේ දියනණියක්වූ ජෙට්සුන් පෙමා සමඟ බෞද්ධ චාරිත්‍රාකුලව විවාහ වුයේ 2011 ඔක්තෝබර් 13 වැනි දාය.

භුතාන වැසියන් සැදැහැවත් බෞද්ධයෝ වෙති. ඔවුන්ගේ විශ්වාසය අනුව නිර්වාණය සාක්ෂාත් කරලීම උදෙසා කෙලෙසුන් 108ක් නිවාරණය කළ යුතුය. රාජකීය බිළිඳාගේ උපත සනිටුහන් කිරීමට පැළ 108,000ක් රෝපණ කිරීම සුදුසු බවට තීරණය කර ඇත්තේ ඒ නිසාය.

" රාජකීය කුමරුන් රැකබලා ගෙන පෝෂණය කරන අයුරින්ම මෙම පැළැටීන්ද භක්තියෙන් රැක බලාගෙන පෝෂණය කරන බව පැළ රෝපණය කළ ජනතාව පවසා ඇත. පරිසරය සමඟ භුතාන වැසියන් තුළ ඇත්තේ දැඩි සබඳතාවයකි. බුදු දහමට අනුව වෘක්ෂ ලතාවන් යනු දීර්ගායුෂ,සනීපාරක්ෂාව සහ කරුණාව සංකේතවත් කරනු ලබන වැදගත් වස්තුන් ලෙස භුතාන වැසියෝ විශ්වාස කරති.

පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව භුතාන රජය සහ මහජනතාව බලවත් උනන්දුවක් දක්වති. මුළු රටේම භුමි ප්‍රමාණයෙන් සියයට හැටක් වනාන්තර ලෙස පවත්වාගෙන යායුතු බව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළත් කර ඇත.

භූතානය මෙවන් වෘක්ෂ රෝපණ වැඩසටහනක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2015 වසරේ දී එක් පැයක් තුළ පැළෑටි 50,000ක් සිටුවමින් භූතානය ගිනස් වාර්තාවක් තැබීමට ද සමත් විය.

BHUTAN[1] BHUTAN2[1] BHUTAN3[1] BHUTAN4[1] BHUTAN5[1] BHUTAN6[1]



අදහස් (16)

භුතාන රජ කුමරු උපතට පැළ ලක්ෂයක්

සංජීව Wednesday, 23 March 2016 06:09 AM

අපේ රටේ මිනිස්සුන්ට මේක හොඳ ආදර්ශයක් මොකද අපේ අය කරන්නේ වවනවා වෙනුවට කපන එකනේ. (බ)

:       0       0

අසංග Wednesday, 23 March 2016 06:37 AM

මෙවැනි පරිසරයට ආදරය කරන මිනිසුන් සිටින රටවල් වාසනාවන්ත රටවල් නොවේද? අපේ අය කවදා අපේ රට හා පරිසරය ගැන හිතන්න ගනීවිද? (බ)

:       0       0

එරංග Wednesday, 23 March 2016 08:12 AM

මොනතරම් සුන්දර කර්තව්‍යක්ද, රජතුමාත් රජිනත් බොහොම පින් පාටයි, බොහොම කරුණාවන්ත පාටයි, හතරවැනි පින්තුරය මගේ හදවතට මහත් පහන් සිසිලක් එක් කළා, ඒ පුද්ගලයා පැලය හිස්මුදුනේ තියාගෙන මහත් ගරු සරු ඇතිවයි රෝපණ කරන්න සුදානම් වෙන්නේ, මේ ගස් කොලන් නැතිනම් සත්වයාට මොනතරම් නම් කායික දුකකට පත්වෙනවද , ඒ ගැන දැනගන්න හොදම දේ විනෝද සංචාරයකට හරි කාන්තාර (අරාබි රටකට ) රටකට යන එක, (බ)

:       0       0

ටිකිරි Wednesday, 23 March 2016 08:18 AM

අපේ රාජකියෝ ගස් ලක්ෂයක් අන් ජාතිකයන්ට දෙද්දී භූතානය කළදේ ලෝකෙටම ආදර්ශයක්, කොහෙද ඉතින් අපේ නායකයෝ අන්‍ය ආගමිකින්ට බයයි (බ)

:       0       0

ෆ්‍රීෂාන් Wednesday, 23 March 2016 08:32 AM

ඉතා හොඳ වැඩක්. ඒකට මෙහෙ, ගස් පේන්න බැහැ කපනවා (බ)

:       0       0

බමුණු Wednesday, 23 March 2016 10:46 AM

තව අවුරුදු 30න් රටට ලී වලින් විශාල අදායමක්. ලංකාවට භූතාන් තේක්ක ලබාගන්න පුළුවනි ඉස්සර ගෙනාවේ බුරුම තේක්ක. (බ)

:       0       0

බමුණු Wednesday, 23 March 2016 10:49 AM

අපේ රටේ හාමුදුරුවරු ඉදිරිපත් උනොත් එක දේසපාලනය කියාවි. (කෞ)

:       0       0

උදය Wednesday, 23 March 2016 11:00 AM

බෞද්ධ දර්ශසනයට අනුවම පරිසරයට ආදරය කරන මිනිස්සු. වාසනාවන්ත රටක්. අපේ රටේ මිනිස්සු ගොඩක් අය පරිසරට ආදරෙයි. කිහිපදෙනෙක් නිසා මුළුරටම විනාශ කරනවා. (අ)

:       0       0

විද්‍යා Wednesday, 23 March 2016 02:14 PM

මෙන්න නියම නායකයෝ. ඩී. එස් සේනානායක වගේ නායකයෙක්. (බ)

:       0       0

නලින් Wednesday, 23 March 2016 02:43 PM

ඒ බුතානයේ එහෙම උනාට අපේ රටේ එහෙම සිදුවන්නේ නෙත්තෙ අපේ රටේ ගස් පේන්න බැරි ගහක් කොලයක් දුටු පමණින් කපන කොටසක් නිසා (කෞ)

:       0       0

වින්සන්ට් Wednesday, 23 March 2016 02:57 PM

අපේ රටේ සමහරක් හාමුදුරුවරුන්ට ඕවා හුරු නැහැ. අලිපැටව් වෙළදාම, නොර්වේ පැත්තේ සංචාර,ජාතිවාදී අරගල දියත් කිරීම්, උසාවිවල චන්ඩිකම්, සහ දේශපාලනයට නොව දේශපාලකයන්ට කඩේ යාම වගේ ඒවා තමයි පෙනෙන්නට ඇත්තේ. (කෞ)

:       0       0

නිම්මි Wednesday, 23 March 2016 03:04 PM

අපේ රටේ රජ පවුල එලවල දැම්මනේ රජ සැප විදිනවා කියල. (කෞ)

:       0       0

ජනක Thursday, 24 March 2016 02:42 AM

මෙවන් මිනිසුන් ඉන්න රටක ඉපදීමටත් මහත් පින් කරන්න ඕනෑ. (නි)

:       0       0

විහඟ Thursday, 24 March 2016 05:30 AM

මේ රජතුමා තමන්ගේ රටට බොහෝ ආදරය කරන කෙනෙක්. භූතානය සංචාරක ව්‍යාපාරය කරන්නෙත් තද නීති මාලාවකට අනුවයි. ඒකට අපේ රට! (බ)

:       0       0

Lakshman Kumara Friday, 26 March 2021 08:31 AM

ගොඩක් හොඳ අදහසක් ...

:       0       0

lakshman Kumara Friday, 26 March 2021 08:32 AM

සුබපැතුම් ශ්‍රී ලංකා...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site