X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


මංගල ලංකාවේ සාමය හා සංවර්ධනය ලොවට පහදයි

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 50 වැනි සංවත්සර රැස්වීමට සහභාගී විය.

සමරවීර මහතා එහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක හෙලන් ක්ලාක් හමුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර පවතින ප්‍රබල සම්බන්ධතාවය තහවුරු කර ගැනීමටත් සංවර්ධන අභියෝගයන්ට මුහුණ දෙන ආකාරයත් ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීමේ වත්මන් වටපිටාව පිළිබඳවත් සාකච්ඡා කිරීමට සමරවීර මහතා ඇතුළු විදේශ අමාත්‍යංශයේ නියෝජිත පිරිස එක්වූහ.

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් සමගද සමරවීර මහතා සාකච්ඡා කළේය.

ප්‍රධාන ආධාර සපයන ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල සාමාජිකයන් හමුවේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසු සාමය ගොඩනැගීමේ යාන්ත්‍රණය සහ සංවර්ධනයේ වැදගත්කම ආදිය මංගල සමරවීර මහතා පැහැදිලි කළේය.

ඔහු පැවසූයේ සාමය හා සංවර්ධනය අතර එකිනෙක බැඳුණු සබඳතාවයක් ඇති බවයි. එම සංවත්සර රැස්වීමේදී විදේශ ඇමැතිවරයා සිය කථාව මගින් දරුණු යුද්ධය නැවැත්වීම, සාමකාමී සමාජයක් ගොඩනැගීම පිළිබඳව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව 1948 දී ලබාගත් නිදහස පිළිබඳව අදහස් දැක්වූ සමරවීර මහතා ජාතියක් වශයෙන් ලංකාව ගොඩනැගුණු ආකාරය එහිදී මනාව පැහැදිලි කළේය. නැගෙනහිර ස්විට්සර්ලන්තයක් ලෙස ශ්‍රී ලංකාව එකල අනෙක් රටවලටද ආදර්ශයක් වූ බවත් අවාසනාවට එය බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික රටක් වශයෙන් ඉදිරියට යාමට අසමත්වූ බවත් ඔහු පැවසීය.

මංගල සමරවීර මහතා සිය සංචාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපති සමන්තා පවර් සහ නිත්‍ය නියෝජිත මිචෙල් සිසන් සමග ද නෝර්වේ විදේශ ඇමැති බෝජ් බ්‍රෙන්ඩේ, ස්වීඩනයේ සංවර්ධන ක්‍රමෝපාය ඇමැති ක්‍රිස්ටිනා පියර්සන් සමගද සාකච්ඡා පැවැත්වීය.

HC.MS.SriLanka.Lowres  IMG_2managa2016226039 Norwa2016226y

IMG_0553_c2016226rop



අදහස් (0)

මංගල ලංකාවේ සාමය හා සංවර්ධනය ලොවට පහදයි

රෝහිත Friday, 26 February 2016 02:41 PM

නියමයි සුබ පැතුම්.! (ර)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 26 February 2016 06:46 PM

මෙම බලවතුන්ගේ සිතෙන් අප රට ගැන මානව හිමිකම් පිළිබඳව ඇති දුර්මත දුරුකොට එක්සත්ව සංවර්ධනය කරා පියනඟන දේශයක් යන්න තහවුරු කරන්න අපේ විදෙස් ඇමතිතුමාට හැකිවේවා! (නි)

:       0       0

සෑම් Saturday, 27 February 2016 03:06 AM

මේ රටවල් වල මානව හිමිකම තියනවද? (බ)

:       0       0

මහින්ද සෞදි Saturday, 27 February 2016 11:34 AM

අපි නොදන්න කට්ටිය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site