අධික වර්ෂාව සමඟ ආ වැලි කුණාටුවක් සමඟ මක්කම අල් මජීඩ් අල් හරාම් ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 107ක් බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. සිකුරාදා සවස පැවැත්වු යාඥාවට සහභාගී වූ බැතිමතුන් විශාල පිරිසක් පූජා භූමියේ රැඳීසිටි නිසා අනතුරින් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගිය බව අරාබි රජයේ ප්‍රකාශකයකු පවසා ඇත. වැලි කුණාටුව සමඟ කුළුණ මහා පල්ලියේ වහල මත විශාල දොඹකරය කඩා වැදී ඇත.
ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මාස 21 සිට 26 දක්වා පැවැත්වෙන හජ්ජි උත්සවයට සහභාගි වනු ඇතැයි අපේක්ෂිත බැවින් ඔවුනට පහසුකම් සලසා දීම පූජා භූමිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා යෙදා ඇති දොඹකරයක් මෙසේ කඩා වැටී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මක්කම අනතුරින් 107 ක් මරු දකිති
ෆර්සාන් Sunday, 13 September 2015 08:57 PM
ධර්මය ඇත්තේ අපේ ජීවිතය හැඩගස්වාගැනීම සඳහා මිස මෙසේ රණ්ඩු කිරීමට නොවේ. මියගිය අයගේ ආයුෂ එපමණයි. ඔවුන් වෙනුවෙන් ශෝකවීම හැර මෙසේ ඔවුන්ගේ මරණය මාතෘකාව කොටගෙන රණ්ඩු කිරීම හරිද? (නි)
තිලකසිරි Monday, 14 September 2015 05:55 AM
අනතුරට පත් සියළු දෙනා ගැනම දුකයි (නි)
බන්දු Monday, 14 September 2015 05:38 AM
ඉරේෂ් .....සිදුවිය යුතු දේ කිසිවෙකුට වැළැක්විය නොහැක. එය ලෝක ස්වභාවයයි..සම්පුර්නයෙන් වැරදි අදහසකි..සිදු විය යුතු සහ සිදු නොවිය යුතු දෙකොටසම තමාට තීරණය කර තමාට අවශ්‍ය පරිදි සිදුවීමට සහ සිදුනොවීමට හැකිවන්නේ ලෝක යථාර්තය තෙරුම්ගනීමෙන් අෂ්ට ලෝක ධර්ම විෂයෙහි නොසෙල්විය හැකි මනසක් සහිත වීමෙන් සහ අඩුතරමින් ඒ සදහා උත්සාහ දැරීමෙන් පමණි. (බ)
ජනක Monday, 14 September 2015 05:02 AM
ඇස් බැන්ඳුම් වලින් වැසී ඇති සියලු ලාංකිකයන් අන්තර්ජාලයේ මේ සිද්ධියට අදාළ දර්ශන නරඹන ලෙසද එම සිද්ධියට විදේශීය පුද්ගලයන් විසින් දී ඇති පිළිතුරු පරිස්සමින් කියවන මෙන්ද ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි. විශේෂයෙන් බටහිර කතෝලික රටවල් සහ ඉන්දියාව ප්‍රමුඛ හින්දු රටවල් එහිදී දෙන්නට යෙදුනු පිළිතුරු වලින් සාමය සහ සමගිය මෙලොවින් තුරන්වීමට බලපෑ දර්ශනයන් කුමක්ද යන්න අවබෝධ කරගන්නේ නම් මැනවි. (නි)
ලකී Monday, 14 September 2015 05:00 AM
ටෙනිසන්ගේ කතාවෙන් තේරෙනවා නේද පෙරලුන පිට හොඳයි කියනවා වගේ දෙයක්. මොකද්ද හරි කියලා මේගොල්ලෝත් දන්නේ නැහැ වගෙයි (නි)
දේදුනු Monday, 14 September 2015 04:53 AM
නිමාශා,විපත සිදුව අවසන්. නමුත් බෞද්ධ අපට හේතුඵල දහම අනුව අනතුර සහ එයට හේතුව ගැන අදහස් ප්‍රකාශ කිරීම වැරදිද? හැමදෙයක්ම සිදුවන්නේ යම් හේතුවක් ඇතුව මිසක් අහම්බයකින් නොවේ. (නි)
දිල්රුක්ෂි Monday, 14 September 2015 04:49 AM
ශෝචනීය පුවතක් (නි)
දර්ශා Monday, 14 September 2015 04:41 AM
ෆාර්සන් , එත් ඔය කියන එක පොතේ නැහැනේ නේද ? (අ)
නිමාශා Monday, 14 September 2015 04:39 AM
විපත සිදුව අවසන්. ඇදහිලි සහ ආගම අල්ලාගෙන අසමගිය වපුරන්න උත්සාහ නොකර ඉන්නවා නම් හොඳයි. උපන් හැමදෙනාම කුමන හෝ ආකාරයට මැරෙනවා (නි)
කමල් Monday, 14 September 2015 12:49 AM
හරිම අනුවේදනීය පුවතක් (නි)
සේරම් Monday, 14 September 2015 06:08 AM
ෆර්සාන්, ඔබගේ චින්තන රටාවට ප්‍රශංසා කිරීමට වටී. (නි)
තිස්ස Sunday, 13 September 2015 05:11 PM
කණගාටුදායක පුවතක් (නි)
ඉනෝකා Sunday, 13 September 2015 02:48 PM
අනපේක්ෂිත හදිසි අනතුරක් සිදුවීමට තැනක් නොතැනක් නොමැත. එය ඕනෑ වෙලාවක කොතැනක හෝ සිදුවිය හැක. (නි)
අකිල Sunday, 13 September 2015 02:46 PM
ඉර්ෆාන් ,මොහොමඩ් ඔයගොල්ලන්ට බැරිද එකතුවෙලා මක්කම ගිහින් වාසනාවන්තයෝ වෙන්න ලෝකෙටම පාඩුවේ ඉන්න දීල? (බ)
ඉරේෂ් Sunday, 13 September 2015 01:02 PM
සිදුවිය යුතු දේ කිසිවෙකුට වැළැක්විය නොහැක. එය ලෝක ස්වභාවයයි (නි)
නුවන් Sunday, 13 September 2015 12:50 PM
අනතුරු සිදුවීම සහ මිනිසුන් මරණයට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් කර්මය නමැති ශක්තිය, සැමට එකසේ බලපාන බව බුද්ධියෙන් තේරුම් ගනිමු (නි)
යෙනුර Sunday, 13 September 2015 12:45 PM
මෙවන් අනතුරු නැවත දෙනෙතින් දකින්නට නොලැබේවා! (නි)
ශාන් Sunday, 13 September 2015 12:38 PM
කවුරු කොහොම කිවුවත් සිදුවුණ අවාසනාවන්ත සිද්ධියෙන් ජීවිත අහිමිවුවන්ගෙ පවුල් වල අයටයි ඒ දුක දැනෙන්නේ. මියගිය අයට ඔවුන් අදහන දෙවියන් සමීපයට යන්න ලැබේවා! තුවාලවු අයට ඉක්මන් සුවය පතනවා. (නි)
දිල්රුක්ෂි Sunday, 13 September 2015 12:24 PM
මේ විශාල අනතුර ගැන කම්පා වෙනවා හැරෙන්න ඇයි මිනිසුනේ මේ ගැනත් වාදකරන්නේ? (නි)
චන්න Sunday, 13 September 2015 12:23 PM
කවුද හරි කවුද වැරදි කියා හොයන එක නතරකර කොයි කවුරුත් තමන්ව නිවැරදි කරගන්න උත්සාහ කළොත් මේ ලෝකේ සාමය ඉබේම උපදීවි. (නි)
ජයන්ත Tuesday, 15 September 2015 02:24 AM
අනේ අම්මපා පුදුම මිනිස්සු! අනතුරක් වෙලා මිනිස්සු කරදරේ වැටුනහමත් ආගමක් ගාවගන්න හදනවා? (නි)
හමීඩ් Wednesday, 16 September 2015 04:04 PM
දර්ශා, ඔය සමහර අදහස් දක්වා තිබෙන්නේ සාමාන්‍ය දැනීමක්වත් නැති අය කියායි මට නම් හිතෙන්නේ (නි)
හාමිඩ් හස්සන් Wednesday, 16 September 2015 03:53 PM
දර්ශා,ඔයා කවුද? ඔයා නම් හරිම කැත විදිහට අදහස් දක්වලා තියෙන්නේ. අපි මෙහෙ සාමයෙන් ජීවත්වෙන්න හදනවා.ඒ අතරේ ඔයා එක එක දේවල් අවුස්සනවා. (නි)
චන්ද්‍රපාල කෝදාගොඩ Wednesday, 16 September 2015 10:41 AM
මේ දෙවියන්ගෙ කැමැත්ත කියනඑක ඇත්ත මුළු ලෝකෙම මේ වාසනාවන්තයො මරාගන්න හැටි බලල අවාසනාවන්තයෙ ඉතුරු වුනොත් ලොකය කොහොමවෙයිද ඉර්පාන් මෙහොමඩ්ට ටිකක් නිදහසේ හිතන් උත්සාහකරනව_සීකො (බ)
සම්පත් Wednesday, 16 September 2015 03:31 AM
මෙච්චර සෙනඟක් ඉන්න තැන ඉදිකිරීම් නතර නොකරන්න උපදෙස් දුන්නේ නැද්ද? (නි)
පතිරන Tuesday, 15 September 2015 04:40 PM
හරිම දුකයි මට නම් (නි)
සමාධි Tuesday, 15 September 2015 10:21 AM
අනුන්ට ඇගිල්ල දික් කරන්න ,,අනුන්ගේ වැරදි හොයන එක නතර කරන්න. පූජා භූමියේ මැරුන අය වාසනාවන්ත අය කියල කියනවනම් කියන්නේ ඉර්ෆාන්. එයාගේ ආගම අනුව එයාගේ විශ්වාසේ ඒක වෙන්න පුළුවන්.අපිට ඒකට මුකුත් කියන්න බැ.(බ)
මනෝජ් Tuesday, 15 September 2015 08:10 AM
මේ ලෝකය යමින් පවතින්නේ යායුතු ගමනකි. අපි කිසිවකුට සටන්කොට ලෝකය නිවැරදි කළ නොහැක. නිවැරදි කිරීමට ස්ථිර වූ , නිත්‍ය වූ දෙයක් ලෝකය තුළ නොමැත. ස්ථිර නොවන දෙයක් යමෙක් කෙසේ වෙනස් කරන්නද, එය ස්වභාවයෙන්ම වෙනස්වෙමින් පවතී. (නි)
රණ Tuesday, 15 September 2015 06:07 AM
පොල් කුද්ද හොයන එපා (ම)
දුමින්ද Tuesday, 15 September 2015 03:51 AM
ආගමික යුද්ධ වල මරණ -දේව නියම (ම)
දර්ශා Sunday, 13 September 2015 12:16 PM
ප්‍රසන්න, ඔබේ අදහස ගැන මම සිතන්නේ නැහැ (නි)
ඉරේෂ් Tuesday, 15 September 2015 01:25 AM
අනේ පවු! (නි)
හනීස් Monday, 14 September 2015 07:25 PM
අපි මක්කම යන්නේ අපේ ආත්මය සුවපත් කරගන්න. මේ වගේ අවාසනාවන්ත දේවල් වුණත්,ආගම ආගමක් විදිහට අදහන්න ඕනෑ නේද? (නි)
යහම්පත් Monday, 14 September 2015 04:56 PM
ඕනෑ කෙනෙකුට මේ ගැන ඕනෑම අර්ථකතනයක් දියහැකිය (නි)
කරුණාතිලක Monday, 14 September 2015 01:03 PM
මේ සිදුවීම අල්ලාගෙනත් අපේ අය රණ්ඩුවෙන හැටි ගැන දුකයි (නි)
සුරන් Monday, 14 September 2015 11:30 AM
ලෝකයේ ජීවින් මරණයට පත්වීම සදහා බලපාන්න විපාක ක්‍රම දෙකක් තියෙනවා එකක් කර්ම විපාක එනම් ජීවින් විසින් මේ බවයේ හෝ පෙරබවයක සිදුකල කර්ම විපාකයන් පලදීමෙන් සිදුවන මරණ අනෙක නම් ධර්ම විපාක එනම් සොබදර්මයේ යම් යම් සිදුවීම් වලින් සිදුවෙන මරණ. මෙම ක්‍රියාදාමය හිස් පිට්ටනියක් තුල දැල්වෙන පහනක පහන් දල්ල නිවීමට බලපාන කරුණු උපමා කරගෙන විග්‍රහ කල හැක. (බ)
සුරංග Monday, 14 September 2015 10:41 AM
හරිම සතුටුයි. අල්ලගෙ කැමත්තනේ....(බ)
ෆර්සාන් Monday, 14 September 2015 10:26 AM
දර්ශා ඔබ ඔය කියන්නේ මොන පොත ගැනද ? මගේ දැනුමෙ හැටියට මළ පොතේ හා ඉල පොතේ හැරුණාම හැම පොතකම කියලා තියෙන්නේ සාමය හා සහජීවනයයි. බුදුරජාණන්වහන්සේගේ දේශනාවල හෝ නබි තුමාගේ දේශනාවල හෝ කියා නෑ වෛරය උද්දච්ච කම වපුරන්න කියා. බුදුන් වහන්සේත් චතුර් වේදයන්ට ගරුකර තියනවා. නබි තුමත් අනක් පූජනීය ස්ථාන අසලින් ඔටුවගේ පිටින් බැස ගිහින් තියනවා. (බ)
ඉර්ෆාන් Monday, 14 September 2015 10:08 AM
ජිවිතේ හැටි එහෙම තමයි.(හේ)
මොනාලිසා Monday, 14 September 2015 07:18 AM
ජිවිත නැති අයවලුන් ඉතා භාග්‍යවන්තයි (බ)
පුබුදු Saturday, 12 September 2015 11:10 AM
කාට කොතෙනදී මරණය වෙනවද කියා දන්නේ නැත. (අ)
මහසෙන් Saturday, 12 September 2015 02:46 PM
තුවාලවුණ සියල්ලන්ටම ඉක්මන් සුවය ලැබේවා! (නි)
දයාල් Saturday, 12 September 2015 02:10 PM
මෙවන් කණගාටුදායක දේවල් නැවත අහන්නට නොලැබේවා! (නි)
අකලංක Saturday, 12 September 2015 02:05 PM
මියගිය සියළු දෙනාගේ ආත්මයන්ට සැනසීම ලැබේවා! (නි)
කල්ප Saturday, 12 September 2015 01:49 PM
තුවාලලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
තාරා Saturday, 12 September 2015 01:35 PM
හරිම අවාසනාවන්ත සිදුවීමක්. මෙවන් දේවල් නැවත අසන්න නොලැබේවා! (නි)
ගජේන්ද්‍ර Saturday, 12 September 2015 01:34 PM
හදිසි අනතුරු කියන්නේ මේවට තමයි. පවු අහිංසක මිනිස්සු! (නි)
චන්දන Saturday, 12 September 2015 12:08 PM
වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීමක් මේක. (නදී)
චන්දන Saturday, 12 September 2015 12:07 PM
පුජා භූමියේ මැරුණු අය වාසනාවන්තයෝ වෙන්නේ කොහොමද ? (නදී)
බටු Saturday, 12 September 2015 11:52 AM
මෝඩයන් සමග තර්ක එපා මේ දේ ඒ ගොල්ලන්ට සිද්ද උන දවසක තේරේවි (නදී)
දර්ශා Saturday, 12 September 2015 02:47 PM
මොහොමඩ් ,සහෝදරයා මුල සිටම හිතල හැදෙන එක කෝකටත් ඇඟට ගුණ වෙයි තමයි .. මොකද ? ඔයාලගේ මිනිස්සු ලෝකෙටම කරදරයක් වේගෙන එන්නේ (බ)
සංජය Saturday, 12 September 2015 10:31 AM
ඉර්ෆාන්, මරුන අය වාසනා වන්තයෝ නම් තුවාල වුන යට ඉක්මන් සුවය ඕනද? (අ)
ඉර්ෆාන් Saturday, 12 September 2015 09:43 AM
නුවන් එහෙම නම් මොනවද කියන්න තියෙන්නේ ? අපි නෙමෙයිනේ මරණය සහ ජීවිතය දෙන්නේ. (නදී)
නුවන් Saturday, 12 September 2015 09:24 AM
ඉර්ෆාන්, ඇයි තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා කිව්වේ ? (නදී)
එවිල් Saturday, 12 September 2015 09:19 AM
වෙලාව අාවහම කාටත් යන්න වෙනවා. විද්‍යාව ගැන හොඳට දන්නා කෙනෙක්ට මිස නිකන් බෙරිහන් දෙන කට්ටියට නොතේරෙන දෙයක් ඇත. එය සර්ව බලදාරී බලවේගයක් හැම දෙයක් පිටු පස සිටින විත්තිය. දෙයක් සිදු කිරීමට කිසියම් බලයක් අවශයයි. එය තමා විද්‍යාවේ ඇති සත්‍ය. (නදී)
මොහොමඩ් Saturday, 12 September 2015 09:18 AM
දර්ශා, මේ සිදුවීමෙන් මැරුන අය අපේ ඉස්ලාම් දහමේ විශ්වාසය හැටියට ඉතා භාග්‍යව්න්තයි. ලෝකේ ජීවත්වන සියලු මුස්ලිම් ජනතාවම බලාපොරුත්තු වෙන්නෙත් එතනින් මේ ලොව අවසන් කරන්න. හැමෝටම මක්කම පල්ලියෙන් තමන්ගේ අවසන් හුස්ම අරින්නට වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ හජ් වන්දනාවට යද්දී අාපහු එන්නට ඕන නැහැ කියල ප්‍රර්ථනා කරලා තමා ගෙදරින් පිටත්වෙන්නේ. (නදී)
මොහොමඩ් Saturday, 12 September 2015 08:16 AM
අපේ මිනිසුන්ට හරියට කරදර .....මට නම් හැමදයක්ම මුල ඉදන් හිතන්න හිතෙනවා ...(අ)
අජිත් Saturday, 12 September 2015 07:57 AM
ඉර්ෆාන්, එහෙනම් තවත් ඔය වගේ මර උගුල් ටිකක් අටවන්න කියන්න. එතකොට වාසනාවන්තයෝ ගාන තව වැඩි කරගන්න පුළුවන් (අ)
ඉර්ෆාන් Saturday, 12 September 2015 07:22 AM
දර්ශා ඔය කියන විදියට නම් මරණය එන්නේ නැතුවම නේද තියන්න ඕනේ. නේපාලයේ මොකද්ද උනේ. ඔයා ඉන්නේ වෙන ලෝකයක. ඔයාට දන්නේ නැද්ද ජීවිතය අනියතයි මරණය නියතයි කියා. අනතුරට සහ මිත්‍යාවට මොනවද සම්බන්දය (නදී)
දර්ශා Saturday, 12 September 2015 06:11 AM
වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීමක් මේක. එත් කෝ ඒ සර්ව බලධාරී දෙවියා. අනේ පව් මේ සිදුවීමම ඇති කෙනෙකුට මිත්‍යා ඇදහීම් වලින් ඉවත් වෙන්න (නදී)
මොහොට්ටාල Sunday, 13 September 2015 06:00 AM
මේක මට නම් අදහාගන්නත් බැහැ (නි)
සුලෝචන Sunday, 13 September 2015 12:14 PM
දර්ශා,නුඹට දෙවියන් ගැන විශ්වාසයක් නැතිවුණාට අපට ඇත. (නි)
රූපවතී Sunday, 13 September 2015 12:10 PM
ටෙනිසන් සොයුරා සමග මාත් එකඟයි. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි. ටෙනිසන් සොයුරා කියූ ඒ කතා පුවත මටත් මතකයි. වසර හරියට මතක නැහැ.ඒ කූඩාරම් ගිනිබත් වූ කතා පුවත මගේ මතකයේ හැටියට දෙදහස් ගණන් වල මුල බාගයේ වගෙයි.ඒ මිනිසුනුත් ජීවත් වෙන්නයි දඟලන්නේ. කවුද මැරෙන්න කැමති? (නි)
අයිවන් Sunday, 13 September 2015 11:41 AM
මේක අදහාගන්න බැරිතරමේ විශාල අනතුරක් (නි)
රොහාන් Sunday, 13 September 2015 09:31 AM
දෙවියෝ කියන්නේ විශ්වාසයක් විතරයි, දෙවියෝ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඉතින් කොහොමද ඉන්නවම කියල විශ්වාස කරන්නේ? සැක සහිත දෙයක් විශ්වාස කරන්නේ ඇයි? මේ දේ කළේ ස්වභාව දහම, ඒ කියන්නේ ස්වභාව දහම දෙයියෝන්ට වඩා ප්‍රබලයි. අපි ඒගැන දැනගන්න ඕනේ ස්වභාව දහම මිසක් තේරුමක් නැති දෙයියෝ නෙමේ. (බ)
ප්‍රසන්න Sunday, 13 September 2015 08:55 AM
දර්ශා, ඒ ආගමට අගෞරව කරන්න එපා. ඔබ අහන්නේ සර්වබලධාරී දෙවියන් කොහේ කියාද? දෙවියන් ඉන්නේ අපේ හදවතේ. මේ ලෝකය පාලනය කරන්නේ මනුස්සයින් විසින්. නමුත් දෙවියන්ගේ මාර්ගවල හැසිරෙන අයට දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබෙනවා. මම දාපු අදහස් වැරදි නම් සමාවෙන්න (නි)
කසුන් Sunday, 13 September 2015 08:29 AM
හැමෝම කැමතියි ජීවත්වෙන්න.සත්‍යයට අපි මුහුණදෙන්න ඕනෑ. ඔය මැරුණු හැමෝම ජීවත්වෙන්න කැමති මිනිස්සු. (නි)
කුමුදුනී Sunday, 13 September 2015 07:10 AM
මේවා මහා කණගාටුදායක සිදුවීම්.තත්පරයකින් ජීවිත කීයක් විනාශ වුණාද? (නි)
පීරිස් Sunday, 13 September 2015 07:00 AM
ශෝචනීය සීදුවීමක් (නි)
ජයාත් Sunday, 13 September 2015 06:07 AM
අනුවේදනීය පුවතක් (නි)
ඉර්ෆාන් Saturday, 12 September 2015 04:25 AM
පුජා භූමියේ මැරුනු අය ඉතා වසනවන්තයෝය. මරණයට පත්වූ වන්ට අපි දෙවියන් වහන්සේගෙන් සුවර්ගය ප්‍රාර්ථනා කරමු. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
චන්න Sunday, 13 September 2015 05:48 AM
මැරුණු අයට නිවන් සුව ලැබේවා කියන එකත්, තුවාලවූ අයට සුවය ප්‍රාර්ථනා කිරීමත් ලෝකේ හැම මිනිසුන්ටත්/ආගමටත් පොදුයි නේද?...(ම)
තමර Sunday, 13 September 2015 02:26 AM
හිතට පුදුමාකාර දුකක් දැනුන පුවතක් (නි)
මෝහමෙඩ් ෆාරුක් Saturday, 12 September 2015 05:10 PM
ජීවිත පිදූ සියල්ලන් හට ස්වර්ගයේදී සැනසීම ලැබේවා! මේවා තේරුම් ගැනීමට ශුද්ධ වූ කුරාණය කියවන්න. ඔබට සැනසීම ලැබේවි (නි)
ශ්‍රීලාල් Saturday, 12 September 2015 04:38 PM
හරිම කණගාටුදායක සිද්ධියක් (නි)
කිරන් Saturday, 12 September 2015 04:36 PM
මේ නැතිවුණේ වටිනා මිනිස් ජීවිත නොවේද? (නි)
උදිත් Saturday, 12 September 2015 03:33 PM
හැමදේටම ඉන්න දෙවියෝ එතන හිටියේ නැද්ද? (බ)
ටෙනිසන් Saturday, 12 September 2015 03:05 PM
නෛන් ඉලෙවන් සැප්තැම්බර් එකොළහ , සැප්තැම්බර් එකොළහ. පුදුමයි ඒත් ඇත්තයි. (බ)
ටෙනිසන් Saturday, 12 September 2015 02:59 PM
කවුරු හරිද කවුරු වැරදිද මමනම් දන්නේ නැහැ,මම සත්‍ය සිද්ධියක් කියන්නම්.දිනය හා වසර මට හරියටම මතක නැහැ. කෙසේ වෙතත් එය 1991 ත් 1995 ත් අතර හජ්ජි උත්සවසමයක්. හජ්ජි බැතිමතුන් නවාතැන් ගෙන සිටි කූඩාරම් සමූහයක් ගිනි රකුසාට බිලි වුනා. මතකයේ හැටියට තුන්සිය ගණනක් මියගියා. ඒ වනවිට මා සිටියේ කුවේට්වල. මුස්ලිම් සොහොයුරන් ඒ මියගිය පිරිස වාසනාවන්තයෝ බවත්, කිසිදු විනිශ්චයකින් තොරව ඔහුන් ස්වර්ග රාජ්‍යයට අතුලුවනබවත් පුනපුනා කීව. අප හා සිටි පකිස්තානු ජාතිකයෙක්ද එම හජ් උත්සවයට සහබගිවී පැමිණුනා . ඔහු අප ඉදිරියේ මහත් බක්තියෙන් දෙවියන්ට ස්තුති කරා.මන්ද ඔහු සිටි කූඩාරමේ අඩක්ද ගින්නට අසු වීමෙන් කිහිප දෙනෙක් මියගොස් බොහෝ දෙනෙක් පිළිස්සුම් තුවාල ලැබුවෙලු. මදක් සිතන්න අපි කවුරුත් පණට ආදරෙයි. බොහෝ දෙනෙක් යදිමින් ඉල්ලන්නේ තවත් මොහොතක් හෝ ජීවිතය රැකදෙන ලෙසයි.මිනිස්සු වෛද්‍ය වරු පස්සේ යන්නේ ,කිලෝ ගණන් බෙහෙත් බොන්නේ ව්‍යායාම කරන්නේ ජීවත් වෙන්න.තීරණය දෙවියන් අත නම් අැයි මේ දඟලන්නේ? (බ)
දර්ශා Saturday, 12 September 2015 02:55 PM
ඉර්ෆාන් ,, මොහොමඩ්,, ඔයා මක්කම යන කොට හොඳට කැපෙන දැලි පිහියකුත් අරගෙන යන්න.. එතකොට එහෙදි ඔයාටම පුළුවන් ඔයාගේ බෙල්ල කපාගන මැරෙන්න .. බලන්න ඔයා කොච්චර වාසනවන්තයෙක්ද කියල ...(බ)