මිනිස් මොළයේ මතක තබා ගැනීමේ කි‍්‍රයාවලිය සිදුවන්නේ කෙසේදැයි නිශ්චිත වශයෙන්ම සොයාගැනීමට ස්නායු පර්යේෂණ සදහා පිහිටුවා ඇති ආයතනයක් වන ඇමරිකාවේ බැරොව් පර්යේෂණායතන පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
ඔවුන් පවසන ආකාරයට මතක තබා ගැනීමේ රහස ඇත්තේ මොළයේ ඇති ස්නායු සෛල වලය.අපට කිසියම් දෙයක් මතක තබා ගැනීමට ඇවැසි වූ විට මොළය කි‍්‍රයාත්මක වී ස්නායු සෛලයන් ගොනු බැගින් ‘‘හිපොකැම්පසය‘‘ නමින් හඳුන්වන කොටසේ රදවන බවත් මතකය නැවත ආවර්ජනය කිරීමට අවැසි වූ විට මොළය එම ස්නායු සෛලයන්ගේ ගබඩා කළ තොරතුරු නැවත කියවීමේද සමත් බවත් ඔවුහු කියති.
මෙම කි‍්‍රයාවලිය සිදුවන්නේයැයි තහවුරු කිරීම සදහා පර්යේෂක පිරිස පර්යේෂණයක්ද සිදුකර ඇත.පරීක්ෂණය සදහා පුද්ගලයින් කණ්ඩායමක් තෝරාගෙන වචන ලැයිස්තුවක් සපයා එය මතකයේ තබා ගන්නැයිද පසුව පෙර ලබා දුන් ලැයිස්තුවේ තිබූ වචන මෙන්ම නව වචන රාශියක්ද ඇති වඩා දිගු ලැයිස්තුවක් සපයා එහි ඇති පළමු ලැයිස්තුවේ තිබුණු වචන හදුනාගන්නැයි ද කණ්ඩායමේ සිටියවුන්ට පර්යේෂකයෝ උපදෙස් දුන්හ.
කි‍්‍රයාවලිය අතරතුරදී මොළයේ කි‍්‍රයාකාරීත්වය නිරීක්ෂණය කර ඇති පර්යේෂකයින්ට හඳුනාගතහැකිව තිබෙන්නේ මතක තබා ගැනීමට යැයි පැවසූ අවස්ථාවේ මොළයේ හිපොකැම්පසය ප‍්‍රදේශයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ ගිය බවයි.
අනතුරුව මතක තබා ගැනීමට යැයි කියූ වචන දෙවැනි ලැයිස්තුවෙන් සොයාදීමට උපදෙස් දුන් විටදී එම මතක තබා ගත් වචනයක් ලැයිස්තුවෙන් හදුනාගන්නා සෑම අවස්ථාවකදීම මොළයේ කි‍්‍රයාකාරීවයේ ඉහළ යෑමක් හදුනාගත හැකිවූ බවත් නාදුනන වචනයක් හමුවූ සෑම අවස්ථාවකදීම මොළයේ කි‍්‍රයාකාරීත්වය පෙර අවස්ථාවට වඩා අඩු මට්ටමකින් කි‍්‍රයාත්මක වනු නිරීක්ෂණය කළ හැකිවූ බවත් පර්යේෂකයෝ කියති.
අවස්ථා දෙකේදී මොළයේ කි‍්‍රයාකාරීවයේ වෙනසෙන් පැහැදිලි වන්නේ මතක තබා ගැනීම කෙරෙහි ස්නායු සෛල වල බලපෑමක් ඇති වීම යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඉදිරියට වචන වලට පමණක් සීමා නොවී ශබ්ද,රූප,ගන්ධයන් ආදිය මොළය මතක තබා ගන්නේ කෙසේදැයි සොයා බැලීමටත් අදහස් කරගෙන සිටින බව ඔවුහු පවසති.
පර්යෙෂණයේ වැදගත් භාවය ගැනද අදහස් පළ කරන ඔවුහු වයස්ගතවීමේදී මතකය අඩු වීම වැනි තත්ත්වයන් මෙන්ම,මතකය හා සම්බන්ධ මොළයේ ව්‍යාධි තත්ත්වයන් ගැන වඩා හොද අවබෝධයක් ලබාගැනීමට මේ හෙළිවූ කරුණු වැදගත්වනු ඇතැයි කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මතක ශක්තියේ හැටි
විජේබා Wednesday, 18 June 2014 01:20 PM
හේතු පල ධර්මය අනුව - විද්‍යානුකුලව සහ යථාර්තවාදීව හිතන මිනිසුන් විතරයි මේවා පිළිගන්නේ. අනික් අන්ධ භක්තිකයින් කරන්නේ මැවීම, කර්මය ආදී වශයෙන් කෙටි උත්තරවලට කොටු වෙලා පරික්ෂණය සහ විමර්ශණය සම්පුර්ණයෙන්ම බැහැර කරනවා. විද්‍යාත්මක දියුණුව නිසා අද මිනිසාගේ ජීවිතය මොනතරම් පහසු වෙලා තියනවාද? අද සමහරක් අය විද්‍යාව නිසා හිමිවුණු සියලු පහසුකම් විඳින ගමන් ඒකෙන් වැඩක් නෑ කියලා, ඉගෙන ගන්න ඉන්න ලාබාල පරම්පරාව අතරමං කරනවා. එසේ කරන්නේ "කුහක" කම නිසා කියලා තමයි කියන්න වෙන්නේ. (නදී)
කෙවින් Thursday, 19 June 2014 12:36 PM
හොඳ ලිපියක් (නි)
රිචිමන්ඩ් Thursday, 19 June 2014 03:30 PM
හොඳ සොයා ගැනීමක්. (නදී)
මාලි Friday, 20 June 2014 11:30 AM
විජේබා, හේතු පල ධර්මය ගැන ඔයාගෙ නොදැනුමයි මෙයින් හෙලිවෙන්නෙ. නවීන විද්‍යාව කියන අවිද්‍යාවට මේක අහුවෙන්නෙ නෑ (නදී)
විජේබා Saturday, 21 June 2014 05:07 PM
මාලි, ස්තුතියි ඔබගේ නිර්භීත අදහසට. ඔබයි මමයි දෙන්නම මේ අන්තර් ජාලය තුලින් අදහස් දක්වන්නේත් "නවීන විද්‍යාව කියන අවිද්‍යාවට" පින් සිද්ධ වෙන්න. මෙම අවිද්‍යාව මගින් ඉදිරියේදීත් මනුෂ වර්ගයාගේ ජීවිත පැවැත්මට තව ගොඩාක් උදව් කරාවි.(අ)
රනේ Sunday, 22 June 2014 06:25 PM
විද්‍යාව තුලින් නව නිපැයුම් සොයා ගනී. ඒවා තර්කාන්විතව සොයාගත් නව නිපැයුම් බව පැහැදිලිය. එසේම ඒවා ගොඩනැගීම් වේ. ඒවා ගොඩනැගුවේද ඊට කලින් තිබු දේ මත පිහිටා හෝ යොදා ගනිමිනි. ඊට කලින් ඒවා ද එසේමය. මෙවැනි සම්මුතීන් දිගින් දිගටම සිදුවෙනු ඇත. එනම් නව නිපැයුම් හෝ සොයා ගැනීම් යනු තිබෙන නමුත් තවම අල්ලා නොගත් දේ වේ. මෙය විද්‍යාවකි. ගඩොල් සොයා ගැනීම සහ ගඩොලින් කල නිර්මාණ බඳුය. මෙය විද්‍යාවක් නොවේ යි කෙනෙකු කියන්නේ එහෙයිනි.(නදී)
අශෝක Tuesday, 24 June 2014 06:45 AM
හොඳ ලිපියක් (නි)