සිනහවීම මතකය දියුණු කර ගැනීමට හොඳම මඟ බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ වයසට ගිය මිනිසුන් සිනහවෙන් කල්ගෙවීම හේතුවෙන් ඔවුන්ට යම් දෙයක් මතකයේ තබා ගැනීමට ඇති හැකියාව ඉහළ යන බවයි.
සිනහව මගින් මානසික ආතතිය අඩුකිරීම මෙයට හේතුවකි. මානසික ආතතිය මතකය අඩුකරණ සාධකයකි.
කැලිෆෝර්නියාවේ ලොමා ලින්ඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් විසිදෙනෙකුගෙන් ඉල්ලා ඇත්තේ හාස්‍යජනක වීඩියෝ දර්ශන මිනිත්තු 20 ක් නරඹන ලෙසයි. මේ දර්ශන නැරඹීමෙන් වැළකි සිටින කණ්ඩායමක් ද පර්යේෂණයට සහභාගී කරගෙන ඇත.
මෙම ක්‍රියාදාමයෙන් අනතුරුව කණ්ඩායම් දෙක ම මතකය පිලිබඳ පරික්ෂාවකට ලක්කළ අතර ඔවුන්ගේ ඛේටය සාම්පල් ලබාගනිමින් ආතතිය සම්බන්ධ හෝර්මෝනය වන කොටිසෝල් පරික්ෂාව ද සිදුකෙරිණි.මෙහිදී සොයාගෙන ඇත්තේ සිනහවෙමින් හාස්‍යජනක වීඩියෝ දර්ශන නැරඹු කංඩායමේ මතක ශක්තිය සිනහ නොවී සංසුන්ව සිටි කංඩායම් සාමාජිකයන්ගේ මතක ශක්තියට වඩා ඉහළ අගයක පැවති බවයි.
එමෙන්ම සිනහවෙමින් සිටි කංඩායමේ කෝටිසෝල් වල මට්ටම ඉතාමත් පහළ මට්ටමක පැවති බවයි.
මෙම අධ්‍යනයේ ප්‍රධානි ගුරින්ඩර් බෙයින්ස් ඒබිසි නිවුස් සේවයට පවසා ඇත්තේ ඉගෙන ගැනීමේ හැකියාව හා ස්මරණ ශක්තිය වයසට යාමේදී ඉතාමත් අභියෝගයට ලක්වන කරුණු දෙකක් බවයි. දිනපතා යහළුවන් සමගින් එක්වී විනෝද වීම හෝ හාස්‍යජනක වැඩසටහනක් රූපවාහිනියේ මිනිත්තු 20 ක් නැරඹීමෙන් මානසික ආතතිය මැඩපැවැත්මට සහයක් ලැබෙයි.
මානසික ආතතිය අඩු මිනිසුන්ගේ මතක ශක්තිය ඉහළ බව ද පර්යේෂකයෝ පවසති. සිනහවීමෙන් ශරීරයේ එන්ඩොපින්ස් නම් හෝර්මොනය ඉහළයාෙමන් ඩොපමයින් නැමැති හොර්මොනය මොලයට යැවෙන බවත් එමගින් සතුට සහ සැනසීම වර්ධනය වන බවත් ඔවුහු කියති. මොලයේ ඇති තරංග මාලාවන් ගේ ක්‍රියාකාරකම් ෙවනස් වීෙම් ප්‍රතිඵලයක් ලෙස මතක ශක්තිය ඉහළ යයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මතකය රඳවන සිනහව