2g නමින් හැඳින්වෙන ගුවන් විදුලි වර්ණාවලී පිළිබඳ අර්බුදයේ උණුසුම පහවී යෑමටත් පෙර ඉන්දියානු අගමැති ආචාර්ය මන් මෝහන් සිංග් රජය නැවතත් එවැනිම අර්බුදයකට මුහුණ දී සිටී. ඒ පසුගිය සතියේ සිකුරාදා ඉන්දියාවේ විගණකාධිපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් ගල් අඟුරු කැණීමට බිම් කොටස් වෙන්කර දීමේදී සිදු කර ඇතැයි කියන දුෂණ හෝ වංචා පිළිබඳව කරන ලද හෙළිදරව්වයි. 2g ගුවන් විදුලි වර්ණාවලි වෙන්කරදීමේදී විවෘත කි‍්‍රයාමාර්ගයක් අනුගමනය නොකිරීමෙන් රජයට සිදුව ඇතැයි සඳහන් පාඩුවට වඩා විශාල පාඩුවක් සිදුව ඇතැයි කියන මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මෙතෙක් අවංකභාවය ගැන නමක් දිනා සිටි අගමැති මන්මෝහන් සිංග්ටමය. 2g ගනුදෙනුවේදී අගමැතිවරයාගේ උපදෙස් නොතකා එවකට ගුවන් විදුලි සන්දේශන කටයුතු භාර ඇමතිවරයා වූ රාජා ක‍්‍රියා කළ ආකාරයටම මෙවර ගල් අගුරු අංශය භාරව සිටි ලේකම්වරයාගේ යෝජනා නොසලකා ක‍්‍රියා කර ඇත්තේ එවකට එම අංශයට භාරව සිටි අගමැති මන්මෝහන් සිංග්ය. කෝල්ගේට් නමින් දැනටමත් මහජන අවධානයට ලක්ව ඇති මෙම ගනු දෙනුව නිසා ඉන්දියානු විගණකාධිපති සඳහන් කරන ආකාරයට සිදුව ඇති පාඩුව ඉන්දියානු රුපියල් කෝටි ලක්‍ෂ 3.06 කි. ඉන්දියානු නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙම කෝල්ගේට් සිද්ධිය දිග හැරෙන්නේද 2ට සිද්ධිය දිග හැරුණු ආකාරයටමය. ගුවන් විදුලි වර්ණාවලි වෙන්දේසි කළේ නම් පාරිභෝගිකයන්ට වැඩි මිලක් ගෙවීමට සිදු වන්නේ යැයි තර්ක කළ ආකාරයටම ගල් අඟුරු කැණීම් අයිතිය වෙන්දේසි කළේ නම් බලශක්තිය සඳහා වැඩි මිලක් ගෙවීමට සිදු වන්නේ යැයි අගමැති කාර්යාලයෙන් දන්වා තිබිණ. එහෙත් මෙවැනි හේතු යුක්ති කිරීම් ප‍්‍රතික්ෂේප කරන භාරතීය ජනතා පක්‍ෂය ඇතුළු විපක්‍ෂය සිද්ධිය ගැන පූර්ණ පරීක්‍ෂණයක් කරන තෙක් ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ නොදෙන බව අවධාරණය කරති. විපක්ෂයේ විරෝධතාව නිසා පසුගිය සඳුදා ලෝක් සභාවේ හා රාජ්‍ය සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වූ කතානායකවරයා රැස්වීම අත්හිටුවීමට තීරණය කළේය. ගුවන් විදුලි වර්ණාවලි සිද්ධියේදී මෙන්ම මෙවරද සමහර විට මාස ගණනාවක් ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ වැඩ කටයුතු කිරීමට ඉඩක් නොලැබෙනු ඇත. පසුගිය දශකයකට අධික කාලයක් තිස්සේ ශීඝ‍්‍ර සංවර්ධනයක් අත්කර ගත් ඉන්දියාව ලොව විශාලතම ආර්ථික දහය අතරට එක් වුවද එම ක‍්‍රියාවලිය බරපතල අසාධාරණකම්වලට හා විෂමතාවට ලක් වූ බවද මෙම සිද්ධීන්ගෙන් පැහැදිලි වේ. ලිහිල්කරන ලද ආර්ථික ප‍්‍රතිපත්ති යටතේ පුළුල් වූ නිෂ්පාදනයේ හා සේවාවන්ගේ වැඩි පලප‍්‍රයෝජන අත් වූයේ සමාජයේ වරප‍්‍රසාද හිමි සුළුතර කොටසකටය. සමාජ ක‍්‍රියාකාරිනියක් වන අරුන්දතී රෝයි මෙය හැඳින්වූයේ හොල්මන් ධනවාදයක් ලෙසිනි. ඇත්තෙන්ම සංවර්ධනයේ නාමයෙන් සිදුව ඇත්තේ රටේ ස්වභාවික සම්පත් දැවැන්ත ආකාරයෙන් සූරාකෑම ය. එම නිසා ඉන්දියාව ගල්අඟුරු, යපස් වැනි අමුද්‍රව්‍ය අපනයනය අතින් ප‍්‍රමුඛස්ථානයට පත්විය. එම ක‍්‍රියාදාමයේදී වැඩියෙන්ම පීඩාවට පත්වූයේ ගම්බද හා ස්වභාවික සම්පත්වලින් පොහොසත් වනාන්තර ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජීවත් වූ ගෝත‍්‍රික ජනතාවය. ඇතැම් ප‍්‍රදේශවල මෙම ජන කොටසේ විරෝධය පළ වූයේ නක්සලයිට් ත‍්‍රස්තවාදය නමිනි. එම නිසා අගමැති මන්මෝහන් සිංග් ත‍්‍රස්තවාදය නිදහස් ඉන්දියාව මුහුණ දී ඇති බරපතළම අර්බුදය ලෙස හැඳින්වූයේය. නක්සලයිට් කැරලිකාරිත්වය පවතින සමාජ විෂමතාවේ එක් ප‍්‍රකාශනයක් පමණි. විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර ගැටුම්ද බොහෝ නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙම අසම ආර්ථික වර්ධනයේ ප‍්‍රතිඵලයකි. මෑතකදී ඇසෑමයේ හටගත් වාර්ගික ගැටුම් ඊට එක් නිදසුනක් පමණි. සති තුනක් තිස්සේ පැවති මෙම ගැටුම් නිසා 80 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වූ අතර 400,000 සංඛ්‍යාවක් අවතැන් වී සිටිති. එමෙන්ම මෙම ගැටුම ඇසෑමයට පමණක් සීමා වූයේ නැත. ඇසෑමයේ මුස්ලිම් ජනතාවට සිදුව ඇති හානියට විරෝධය පළ කිරීමට මුම්බායි නගරයේ පැවැත් වූ විරෝධතාවක් අවසන් වූයේද මහත් ප‍්‍රචණ්කාරිත්වයෙනි. ඊටත් වඩා බරපතළ තත්ත්වයක් වූයේ ඉන්දියාවේ සෙසු ප‍්‍රාන්තවල ජීවත්වන ඇසෑමය නිජබිම් කරගත් බොඩෝ වාර්ගිකයින් දහස් ගණනින් උන්හිටිතැන් අතහැර නැවතත් ඇසෑමයට යෑමට තීරණය කිරීමය. කර්ණාටක, තමිල්නාඩු සහ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තවල වෙසෙන බොඩෝ වාර්ගිකයින් හදිසියේ බියපත්ව ආපසු ඇසෑමයට යෑමට උත්සාහ කළ නිසා එම ප‍්‍රාන්තවල ප‍්‍රවාහන කටයුතු අඩාල වන තත්ත්වයක් උදාවිය. පසුව තත්ත්වය සන්සුන් වුවද එවැනි වාර්ගික හෝ ආගමික ගැටුම් කුමන මොහොතක හෝ ඇතිවීමේ අනතුර පහව නැත. ඉන්දියානු රජය සැලසුම් සහගතව හෝ නොමැතිව මෙම තත්ත්වයට මුහුණ දීමට සූදානම් වන්නේ සිය සන්නද්ධ ශක්තිය වැඩිකර ගැනීමෙනි. මේ නිසා අද ඉන්දියාව අවි ආයුධ ආනයන කරන රටවල් අතුරෙන් මුල්තැනට පත්ව සිටී. නවීනතම අවි ආයුධ මිලදී ගැනීමටත් නිෂ්පාදනය කිරීමටත් ලොව ප‍්‍රධාන යුද අවි නිෂ්පාදකයින් සමග ගිවිසුම් පවත්වාගනී. රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා යැයි පැවසෙන මෙම ගනුදෙනුවලින් වඩාත් තර වන්නේ දුෂණ හා වංචා සහ සමාජ අසහනයයි. කෝල්ගේට් හා ඇසෑම් සිද්ධි ඊට තවත් එක් නිදසුනක් පමණී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මන්මෝහන් සිංග් රජය නැවතත් අර්බුදයක