හෘදයාබාධ වැළඳීමට ඇති එකම හේතුව නූතන සමාජයේ පවතින සෞඛ්‍ය සම්පන්න නොවූ ජීවන රටාව පමණක් නොවන බව විද්‍යාඥයින් පවසයි. ඊජිප්තුවේ ඇති මමිවලත් ධමනි අවහිරතා තිබු බව සොයා ගැනීමෙන් පසු මේ නිගමනයට එළැඹ ඇත.
වසර 4000 ක් පැරණි මමියක් සීටී ස්කෑන් පරික්ෂාවට ලක්කිරීමේදි ඒවායේ ධමනි ඝනවි ඇති අයුරු පෙනි ගොස් ඇත. මෙම තත්වය හෘදයාබාධ හා ආඝාතය ඇති වීමට ප්‍රධානම හේතුවයි. මීට ඉහතින් කරණ ලද අධ්‍යනයන්හි දී හෙලිදරව් වී ඇත්තේ මෙම මමී විශාල සංඛ්‍යාවක මේදකෘතවූ ධමනි තිබු බවයි. නමුත් පර්යේෂකයන් මෙම සොයාගැනීම් ගැන නොසලකා ඇත්තේ ඔවුන්ගේ සුඛෝපභෝගි හා මේදය සහිත ආහාර රටාව මෙම තත්වයට හේතුලෙස සලකමිනි.
රුධිර නාල සිහින්වීම හෘදයාබාධ ඇතිවීමට බලපාන ප්‍රාථමික හේතුව වන අතර ආඝාතය ඇතිවීමට හේතුවන්නේ මොලයට රුධිරය සැපයීම අඩුවීමයි. මේ දක්වා විශ්වාස කළේ වර්තමානයේ හෘදයාබාධ සහ ධමනි ඝනවීම් ආදිය ඉහළ යාමට හේතුව සෞඛ්‍ය සම්පන්න බවින් අඩු ජීවන රටාව බවයි.
රුධිර නාල සිහින් වීමේ රෝගය නූතන ශිෂ්ඨාචාරයේ රෝගයක් විය හැකි බව කයිරෝහි අල් අෂාර් විශ්ව විද්‍යාලයේ විශේෂඥ හෘදරෝග පිලිබඳ වෛද්‍ය අඩෙල් ඇලම් පවසා ඇත. අඩෙල් පවසන්නේ අපි කෑමට ගන්නා වැරදි ආහාර, ව්‍යායාම මදකම, තරබාරුව සහ දියවැඩියාව මෙම රෝගයන්ට හේතුබවයි, අපේ මුතුන් මිත්තන් ගේ ජීවන රටාව පිලිබඳව නැවතත් සොයාබලා එම රටාවන් අනුගමනය කල හොත් මෙම ප්‍රශ්න වලින් මිදිය හැකි බවද අඩෙල් ගේ අදහසයි.
විද්‍යාඥයින් විසින් ලෝකයේ විවිධ රටවල මමියන් 76 ක් ස්කෑන් පරික්ෂාවට ලක්කර ඇති අතර මෙයින් සියයට 38 කගේ ධමනි අවහිර වීමේ රෝගය තිබු බව සොයාගෙන ඇත. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ හෘදයාබාධ නුතන සමාජයේ රෝගතත්වයක් බව හැදින්වීම මිත්‍යාවක් බවයි. හෘදයාබාධ වැළදීමට ප්‍රවේණියේ බලපෑමක් ඇති බව ද පර්යේෂකයෝ කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මමිවලටත් හෘද රෝග