තේ පානය කිරීමෙන් මරණය තාවකාලිකව කල්දමා ගත හැකි බව පර්යේෂණයකින් හෙළිවී තිබේ.
බ්‍රිතාන්‍යය ජාතික පර්යේෂකයින් පිරිසක් සිදුකර ඇති මෙම පර්යේෂණයෙන් අනාවරණයව ඇති පරිදි තේ පානය කරන්නවුන්ට තේ පානය නොකරන්නවුන්ට වඩා වැඩි කාලයක් ජීවත් වීමට සියයට 25 ක පමණ අවස්ථාවක් ඇත.
පර්යේෂණය සදහා වයස අවුරුදු 18 ත් 95 ත් අතර පුද්ගලයින් 131401 ක් යොදාගෙන ඇති ඔවුන් එම පුද්ගලයින්ට ලබාදුන් ප්‍රශ්නාවලියක් ආධාරයෙන් මෙම තොරතුරු සොයාගෙන තිබේ.
එම ප්රශ්නාවලියෙන් තේ හා කෝපි පානය කරන්නන්ද වෙන් වෙන් වශයෙන් සළකා බලා තිබෙන අතර එහිදී හෙළිව ඇත්තේ කෝපි වැඩි වශයෙන් පානය කරන්නන්ට හෘද රෝග වැළදීමේ අවදානමක් තිබෙන බවයි.
වැඩිපුර තේ පානය කරන්නුයේ කාන්තාවන් බවත් පිරිමින් ප්‍රියකරන්නේ කෝපි පානය කරන්නට බවත් මෙම පර්යේෂණය ආධාරයෙන් සොයාගැනීමට පර්යේෂක පිරිසට හැකිව ඇත.
තේ වල අන්තර්ගත ස්වභාවික රසකාරක හා ඔක්සිහාරක සංයෝගයන් සිරුරට යහපත් වන හෙයින් මෙසේ සිදුවන බව පර්යේෂක පිරිසගේ අදහසයි.
තේ පානය හදවතටද සුවදායක වන බවත්, රුධිර පීඩනය අඩු කිරීමට හේතු වන බවත් මීට පෙර සොයාගෙන තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මරණය කල් දාන්න තේ බොන්න
චමින්ද Tuesday, 02 September 2014 08:47 PM
මේවා කිසිම දෙයක් පිළිගන්න අමාරුයි මට නම් (නි)
හේවාවිතාරණ Wednesday, 03 September 2014 06:56 PM
තේ වතු හිමියන්ට හොඳ ආරංචියක්. ඒ වුණත් දැන් යුරෝපා රට වලට තේ ගෙන්වන්නේ කෙන්යාවෙන්. හේතුව ලංකාවේ කසල තේ නිසා (නි)
විතාන Wednesday, 03 September 2014 06:51 PM
තේ වතු හිමියන්ට හොඳ ආරංචියක් (නි)
අරවින්ද Wednesday, 03 September 2014 04:30 PM
තේ 10ක් මම ගත්තා (නදී)
කරුණාරත්න Wednesday, 03 September 2014 01:58 PM
මෙහෙ තේ හදහන කම්හල්වල කම්කරුවන්ගේ බුලත් කෙල වලින් තේ අපිරිසිදු වෙනවා.ජීවිතේ තවත් කෙටිවෙනවා මේවා බිව්වොත්. (අ)
මුතු Wednesday, 03 September 2014 08:50 AM
මේ කියන්නේ ග්‍රීන් ටී ගැන විතරද? (නදී)
ඉසුරන්දි Wednesday, 03 September 2014 04:27 AM
ඒකද දන්නෙ නැහැ පහුගිය දවස්වල කසල තේ වලටත් ඉල්ලුමක් තිබුණේ. (නි)
බුද්ධික Wednesday, 03 September 2014 02:35 AM
අපේ රටේ හොඳ දේ පිටට දීල නරක දේ අපි අරගෙන අපිම අපිටම ලෙඩ හදාගන්නවා (නි)
රෙජි-සිඩ්නි Tuesday, 02 September 2014 11:48 PM
එහෙනම් අපේ තේ වලට පිටරට වලින් හොඳ ඉල්ලුමක් ලැබේවි නේද? (නි)
කලීල් Tuesday, 02 September 2014 09:49 AM
අපේ තේ හොඳ නැද්ද? (නි)
ලාල් Tuesday, 02 September 2014 06:40 PM
කොච්චර හොඳද අපේ රටේ තේ? (නි)
රජින්ද Tuesday, 02 September 2014 06:31 PM
හැබැයි ලංකාව සම්බන්ධයෙන්නම් මට තියෙන්නේ වෙනස් හැඟීමක්. අපේ මිනිස්සු වැඩිපුර තේ බිව්වොත් ආයු අපේක්ෂාව අඩුවෙනවා විතරක් නෙමෙයි කසල තේ වලට ප්‍රසිද්ධ ලංකාවේ ඒවාට කලවම් කරන දේ නිසා වකුගඩු වුණත් ලෙඩවෙන්න පුළුවන් (නි)
ප්‍රියන්ත Tuesday, 02 September 2014 05:37 PM
ඒක නම් ඇත්ත තමයි රුවන්තක. කසල තේ වල ඇති රෙදි සෝඩා වලින් අප ශරීරයට හානි වෙනවා. යුරෝපයේ එංගලන්තය ඇරුනාම අන් රටවල අය බොන්නේ කෝපි. ලෝකයෙන්ම හොඳම තේ හදන අපේ රටේ අපි බොන්නේ දහ ජරාව (නි)
ගාමිණි අබුඩාබි Tuesday, 02 September 2014 03:25 PM
මාත් මේ කතාව අසා තිබෙනවා (නි)
මහේෂ් Tuesday, 02 September 2014 01:43 PM
මගේ මාමා වැඩිපුර බොන්නේ තේ. එයා තාම ලෙඩක් දුකක් නැතුව ඉන්නවා. කතාව ඇත්ත. තේ බොමු නොමැරී සිටිමු (නි)
රුවන්තක Tuesday, 02 September 2014 11:04 AM
මේක නම් හොඳ ආරංචියක්. එ් වුණාට ලංකාවේ අය බොන්නේ හොඳ තේ වෙනුවට කසල තේනේ (නි)
ප්‍රභාත් Tuesday, 02 September 2014 10:45 AM
නියමයිනේ! (නි)