දකුණු යේමනයේ ඒඩින් නගරය හරහා යේමනයේ ආරක්ෂක ඇමැති මොහොමඩ් නසාර් රැගත් රිය පෙළක් පෙරේදා (27) ගමන් ගනිද්දී එය මැදට බෝම්බකරුවකු සිය වාහනයෙන් කඩාවැදී බෝම්බයක් පුපුරුවා ගෙන ඇතත් ආරක්ෂක ඇමතිගේ ජීවිතය බේරී ඇත්තේ අනූ නවයෙනි. ඇමැති නසාර්ගේ ජීවිතයට මසක් ඇතුළත එල්ල වූ දෙවැනි ප‍්‍රහාරය මෙය වේ. මෙම ප‍්‍රහාරය පිටුපසින් සිටින්නේ අල් කයිඩා සංවිධානය බව පොලිසිය සැක කරයි. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය නිසා රිය පෙළෙහි ඉදිරි වාහනයේ ගමන් ගත් සත් දෙනෙකු තුවාල ලැබූහ. මේ අවස්ථාවේ ආරක්ෂක ඇමැති නසාර් ගමන්ගෙන ඇත්තේ දෙවැනි රිය තුළය. මෙම බෝම්බය දුරස්ථ පාලකයක් උපයෝගී කරගෙන පුපුරවා හරින්නට ඇතැයි මුලදී සිතූ නමුත්, පුපුරා ගිය රිය තුළ තිබී තරුණයෙකුගේ මළසිරුරක් හමුවීමෙන් පසු මෙය මරාගෙන මැරෙන වැඩක් බව හෙළිවී තිබේ. මෙකී බෝම්බ පිපිරවීම ගැන පරීක්ෂණ පැවැත්වූ ආරක්ෂක අංශ කියා සිටින්නේ, යොදාගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය හා ආකාරය පරීක්ෂා කිරීමේදී එය අල්කයිඩා ප‍්‍රහාරයක් බව නිසැකවම කිව හැකි බවයි. බෝම්බය පුපුරා යාමෙන් පසු රිය පෙළෙහි වාහනයක්ද ගිනිගෙන දැවුණු බව මෙම සිද්ධිය ඇසින් දුටුවෙක් පැවසීය. යේමනයේ ජනාධිපති අලි අබ්දුල්ලාට විරුද්ධව ජනතා රැල්ලක් හට ගත්තේ මේ වසර ආරම්භයේදීමය. මේ අතරතුර අල්කයිඩා සංවිධානය හා සබඳකම් ඇති ඉස්ලාමීය තරුණ කොටස් ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන දකුණු යේමනය තුළ ප‍්‍රහාර වැඩිකර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් යේමනයේ ආරක්ෂක ඇමැති රිය පෙළ මැදට පනී
දුලාන් Friday, 23 May 2014 10:44 AM
මොකද ආරක්ෂක අංශය හිටියේ නැද්ද? අපේ හමුදාවේ කොල්ලෝ ඉන්න ඕන ඕවට. (ස)