තුන් දිනකට ඉහත දී මලයාසියා මුහුදු සීමාවේදී මගීන් 227 ක් හා කාර්ය මණ්ඩලය 12 ක් සමග අභිරහස් ලෙස අතුරුදන් වූ මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන බෝයිං 777 ගුවන් යානය ගැන මේ දක්වා කිසිදු තොරතුරක් සොයාගැනීමට තමන් අපොහොසත්ව ඇති බව මලයාසියා බලධරයෝ කියති.
මලයාසියා මුහුදු සීමාවේ වූ තෙල් කාන්දු වීම් ලකුණු 2 ක් ගුවන් යානය මුහුදට කඩා වැටෙන්නට ඇතැයි මතයක් ගෙන ඒමට සමත්වූවත් එම තෙල් සළකුණු සොයාගිය පර්යේෂණ කණ්ඩායමක් ඒවා රසායනාගාර පර්යේෂණයට භාජනය කර සොයාගෙන තිබෙන්නේ ඒවා ගුවන් යානයකට යොදන තෙල් වර්ගයක් නොවන බවයි.
තවත් මතයක් වන්නේ ගුවන් යානයට මගීන් ලෙස නැඟුණු ත්රස්තවාදීන් හෝ කඩාකප්පල්කාරීන් එය මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී පුපුරුවා හරින්නට ඇති බවයි.ගුවන් යානයේ මගීන් දෙදෙනෙකු ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් තම අසාදු ලේඛනයට ඇතුලත් කර තිබූ ගමන් බලපත්‍ර 2 ක් යොදාගෙන දෙදෙනකු ගුවන් යානයේ ගමන් කර ඇතැයි තොරතුරු අනාවරණයව තිබීම මෙම මතය ශක්තිමත් කිරීමට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙම සිදුවීම 2009 වසරේදී සිදුවූ මෙවැනිම සිදුවීමකට සමාන කිරීමට ඇතැම්හු උත්සාහ කරමින් සිටිති.එදවස ප්‍රංශ ගුවන් සේවයට අයත් අංක 447 දරන ගුවන් යානය බ්‍රසීලයේ රියොද ජැනයිරෝ නුවර සිට ප්‍රංශයේ පැරිස් නුවර කරා පියාසර කරමින් තිබියදී එහි සිටි මගීන් ඇතුලු කාර්යමණ්ඩලයේ 228 දෙනාම සමග අතුරුදන් වුනි.කොතෙකුත් සෙවීම් මෙහෙයුම් දියත් කළත් ගුවන් යානයට කුමක් සිදුවූවේදැයි සොයාගැනීමට ප්‍රංශ බළධාරීන්ට වසර 2 ක්ම ගතවිය.මුහුදෙන් ගොඩගැනීමට සමත්වූ ගුවන් යානයේ කලූ පෙට්ටිය ආධාරයෙන් සොයාගැනීමට හැකිවූයේ තාක්ෂණික දෝශයක් හා ගුවන් නියමුවාගේ අත්වැරදීමක් නිසා යානය කඩා වැටී ඇති බවයි.එහි සිටි 228 දෙනාම මියගොස් ඇතැයි අවසානයේ ප්‍රකාශයට පත් කෙරුණි.
නිගමනයන්ට එළැඹිමට ඉක්මන් කමක් තමන්ට නැතැයි කියන මැලේසියා බළධාරීන් දැන් තමන්ගේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ ගුවන් යානයේ සිටි මගීන්ගේ නෑහිතවතුන් දෙමව්පියන් හිතමිතුරන් ගේ හිතසුව සැළසීම කෙරෙහි බව පවසයි.ඔවුන් මලයාසියාවේ නැවතී සිටින කාලය පුරාවටම ඔවුන්ගේ වියහියදම් පිළිඹද වගකීම මලයාසියා ගුවන් සේවය භාරගෙන ඇත.
ගුවන් යානයේ වූ මගීන්ගෙන් බහුතරය චීන ජාතිකයෝය.
ඇමරිකාව,චීනය,වියට්නාමය,තායිවානය,මලයාසියාව ,සිංගප්පූරුව, ඕස්ටේ්රලියාව,ඉන්දුනීසියාව යන රටවලට අයත් යාත්‍රා සමූහයක් යානය සොයා මලයාසියා මුහුදු සීමාව පීරමින් සිටී.
යහපත් හෝ අයහපත් පුවතක් ඉක්මනින්ම අසන්නට සියලූදෙනා සිටින්නේ නොඉවසිල්ලෙනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මලයාසියා යානය ගැන ආරංචියක් නෑ
නිරෝධා Friday, 14 March 2014 10:08 AM
විපතට පත් වූවන් ගැන අපේ බලවත් කණගාටුව(දිල්)
සමන් Thursday, 13 March 2014 06:06 AM
මීට දසක තුනකට පමණ පෙර උපාලි විජේවර්දන ඇතුළු පිරිස ගමන්ගත් ගුවන් යානය කධා වැටුණත් මේ ප්රදශයේම තමයි (අ) .
චන්දන Thursday, 13 March 2014 06:49 AM
මේ මිනිස්සුන්ට කිසීම කරදරයක් නොමවෙවායි ප්‍රර්ථන කරමි(අ)
ගිම්හානි Thursday, 13 March 2014 12:28 PM
මේ කළු පෙට්ටිය කියන්නේ හැම අහස යනයකම තියෙනවා එම යානය ගුවන් තොටුපලින් උඩට නැග්ග වෙලේ ඉදල යානයේ වෙන හැම දෙයක්ම සටහන් වෙනවා .ඉතින් මේ පෙට්ටිය කොහේ වැටුනත් එයට හානියක් වෙන්නේ නැහැ .ගින්නට පිච්චෙන්නේ නැහැ ,එය හමු උනොත් යානයට මොකද උනේ කියල හොයන්න පුළුවන් (අ)
කැළණි Thursday, 13 March 2014 01:12 PM
අනේ දෙයියනේ කොහේ හරි ඉදල මේ මිනිස්සු යහතින් මුණ ගැහෙවා (දී)
නිමල් Thursday, 13 March 2014 01:37 PM
හරිම වේදනාකාරී සිදුවීමක්,(දී)
ප්‍රශාන් Thursday, 13 March 2014 04:34 PM
පැහැර ගැනීමක් වගේ. ජංගම දුරකථන නාද වෙනවා නම් ජි.පි.එස් වලින් හොයන්න පුළුවන්නේ තාක්ෂණයේ දියුණුවෙන්. එක්කෝ ගුවනේදී පුපුරුව හරින්න ඇති නැත්නම් පැහැර ගැනීමක්. ජිවිත ගොඩක් අනතුරේ. යහපතක් වේවා!!!!!! (දී)
ට්රසීන් Thursday, 13 March 2014 06:39 PM
යානය තරංග වලින් මිදී පැය 4ක් ධාවනය කරලා. පැහර ගැනීමක් විය හැකි.(දී)
මලිත් විජේබණ්ඩාර Thursday, 13 March 2014 06:49 PM
සෝක ජනක සිදු වීමක් (දී)
සුජීවා Thursday, 13 March 2014 03:06 AM
මහත් අවසනාවන්ත සිදුවීමක්. ගුවන් යානයේ ගමන් කල සියලුම මගින්ගේ සියලුම පවුල්වල අයට ශ්‍රී ලාංකික ජනතාවගේ සෝකය.(නදී)
නදීකා Friday, 14 March 2014 12:44 PM
මම නම් කියන්නේ මෙච්චර දියුණු තාක්ෂණයන් තියෙන මේ ලෝකයේ ඔක හොයා ගන්න බැරි එකනෙ අමාරු. ඒකට අපි ලැජ්ජ වෙන්න ඒන.තව ටික දවසකින් ඕකත් පිල්ම් එකක් හදන්න ගනියි. (ත)
ශාන්ති Saturday, 15 March 2014 12:47 AM
විපතට පත් අයගේ පව්ල්වල අයට අපගේ බලවත් කණගාටුව (දී)
සිසිර Sunday, 16 March 2014 01:17 AM
යහපත් පුවතක් ඉක්මනින්ම බේවා (දිල්)
සිසිර Sunday, 16 March 2014 01:17 AM
යහපත් පුවතක් ඉක්මනින්ම ලැබේවා (දිල්)
හුසෙන් Sunday, 16 March 2014 12:01 PM
මේ පිළිබඳව ගොඩක් කනගාටුයි (දිල්)
නිහාල් Sunday, 16 March 2014 01:48 PM
මේ අය ඉක්මනින් නිරුපද්‍රිතව හමු වේවායි අප සියලු දෙනා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමු... (දී)
රෝයි Sunday, 16 March 2014 10:42 PM
කාටවත් කරදරයක් නැතිව යානය හමු වුනා නම් (දිල්)
ලලිත් Monday, 17 March 2014 06:20 AM
මේක ක්රිමියාවට එල්ල කරන්නට යන ප්‍රහාරයකට පෙර රුසියාවට ඔවුන්ගේ හිතවත් රටවලින් ලැබෙන ආධාර අධීක්ෂණය කිරීමට ආසියානු කලාපය තුල යුධ නැව් සහ අධීක්ෂණ යානා ස්ථාපිත කිරීමට හිතාමතා කල ප්‍රයෝගයක් වීමට බැරිද? (නදී)
ශීලා Wednesday, 12 March 2014 02:35 PM
ලෝකේ තියන සාම කාමිම රටක් තමා චිනේ. අල්කයිඩා කාරයෝ ඊයේ පෙරේද මහා දවාලේ නගරෙකට කඩා වැදිලා හිතු හිතු අතේ කඩු වලින් කොටලා තිස් ගානක් මැරුව. මේ චීන ජාතිකයෝ වැඩිපුරම ගිය ගුවන් යානේටත් ගහනවයි කියල දැන් කියනවා. අම්මප මුන්ට මොනවද ඕන. (දී)
නාලනි Tuesday, 11 March 2014 10:16 PM
මමත් හැමදමත් පතන්නේ නිරුපද්ද්‍රිතව හමුවේවා කියා. බුදු සරණයි! (ස)
දිනේෂ් Wednesday, 12 March 2014 12:04 AM
සතුටු දායක පණිවිඩයක් දැනගන්න ලැබේවා. ඔවුන්ට අනතුරක් නොවේවා ! (ස)
ප්‍රසන්න Wednesday, 12 March 2014 06:49 AM
ඉතාම කණගාටුදායක පුවතක් (ස)
හිරු Wednesday, 12 March 2014 10:14 AM
මේක ගුවනෙදි පිපිරුවා නම් කෑලි මුහුදේ පාවෙනවනෙ. මේක පිපිරුමක් වෙන්න බෑ. මේක නියමුවා හිතා මතා කරපු අනතුරක්.(නදී)
සදුන් Wednesday, 12 March 2014 10:47 AM
සියලු දෙනාට කරදරයක් නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ඔවුන් සියලු දෙනා දෙවියෝ රකිත්වා.(නදී)
ඉමන්කා Wednesday, 12 March 2014 12:26 PM
අනේ කිසිම කරදරයක් නම් වෙන්න එපා (දී)
අක්රම් Wednesday, 12 March 2014 01:26 PM
මොකක්ද මේ කළු පෙට්ටිය කියන්නේ..(දී)
ජීවන් Wednesday, 12 March 2014 02:33 PM
මේ සිදුවීම ලෝකේ මහා ආන්දෝලනයකට තුඩු දීල.හේතුව හොරකන් කරපු ඉතාලි සහ ඔස්ට්‍රේලියා ගමන් බලපත්‍ර දෙකකින් මැදපෙරදිග රටවල ත්‍රස්ත වාදියෝ දෙන්නෙක් නැගල මේ අහස යාත්‍රාව ගුවනේදීම විනාස කරයි කියල. (දී)
නිමාලි Tuesday, 11 March 2014 09:06 PM
ඒ අසරණ මිනිස්සු ගැන අපිත් කනගාටු වෙනවා (දී)
සෙන Wednesday, 12 March 2014 02:37 PM
මේක දැන් එලිවෙගෙන යන විදියට තවත් දෙයියන්ගේ නාමෙන් මරපු මිනි මැරුම් දෙසිය තිස් ගානක් කියල තමා ලෝකේ ප්රව්ර්ති වල කියන්නේ... (දී)
ලසන්ත Wednesday, 12 March 2014 02:39 PM
ත්රස්තවාදයේ මුහුණුවර සෑම තත්පරයකදීම වෙනස් වෙන හැටි. කවුද හිතුවේ චීනෙට අල්කයිඩා ප්‍රශ්න වැටෙයි කියල. මාස කිහිපයකට උඩදී බීජිං වල බෝම්බයක් පිපිරුව. ඊයේ පෙරේද කඩුවලින් කොටලා තිස් ගානක් මාරුව. දැන් මේ අහස්යාත්‍රාවට ගහල. (දී)
මුලිදු Wednesday, 12 March 2014 02:41 PM
මේවගේ අපරාධ ලොව කොහෙවත් සිදු නොවේවා (දී)
නන්දන Wednesday, 12 March 2014 02:45 PM
වසර දෙකකට උඩදී හොරකන් කරපු ගමන් බලපත්‍ර දෙකක විසා අවලංගු වෙලා තියෙන්නේ සැහෙන කාලෙකට උඩදී. මැලේසියන් ගුවන් තොටුපල බලදාරියෝ කොච්චර දක්ෂද කියනවා නම් එක දැකල නැහැ. නැතිනම් යටින් සපෝර්ට් කරන්ට ඇති.අර ජාතියේ රටවලනේ.... (දී)
දිනුකා Wednesday, 12 March 2014 02:48 PM
අනේ දෙයියනේ මෙහෙමත් අපරාධයක් (දී)
පුන්‍යා Wednesday, 12 March 2014 06:16 PM
හරිම දුකයි
ලක්ෂිත Wednesday, 12 March 2014 11:45 PM
අපරාදේ ජීව්ත. සොයා ගන්න ඕනේ උනේ මොකක්ද කියලා ඉක්මනට. නැත් නම් ලොකු පාඩුවක් ලෝකෙට.(නදී)
රජින්ද Thursday, 13 March 2014 01:11 AM
යානය කෙසේවත් පිපිරීමකට ලක්වී නැතිබව විශ්වාසය. ඒ එසේ පිපිරීමක් සිදුවුනිනම් පාවෙන සුන්බුන් විශාල වශයෙන් මුහුද මතුපිට දැකගත හැකිවනු නිසාය. එහෙත් යානය ක්ෂණයකින් කිසිදු පිපිරීමක් නොවී එක්වරම කඩා වැටෙන්නට බොහෝ හැකියාවක් පවතී. එසේ වූවානම් මුහුද මතුපිට ඉතිරිවන සාධක අල්පය. කෙසේ උවත් අපේක්ෂා දල්වා බලා හිදිමු.(නදී)