X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


මලයාසියා යානය මූදු පතුලේ?

අතුරුදන්ව වසරකටත් වඩා වැඩි කාලයක් ගතවූ එම්.එච් 370 මලයාසියා  ගුවන්යානය සොයාගත නොහැකි වීම ගැන නව න්‍යායක් ඉදිරිපත් කිරීමට ගණිතඥයෝ පිරිසක් කටයුතු කරති.

ඔවුන් පවසන ආකාරයට යානය අංශක 90 ක කෝණයකින්,එනම් සිරස්ව මුහුදට කඩාවැටී ඇතැයි සැළකිය හැකිය.එසේ සැලැකූ විට යානයේ කිසිදු කොටසක් මේ දක්වාම සොයාගත නොහැකි වීමට පැහැදිලි කිරීමක්ද සිදුකළ හැකි බව කියන ඔවුහු යානය සිරස්ව ජලය හා ගැටීමේදී අන් අවස්ථාවලට වඩා ජලයෙන් එල්ල වන ප්‍රතිරෝධය අඩු නිසාවෙන් යානය නොකැඩී,නොබිදී සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී යන්නට ඇතැයි නිගමනයකට එළැඹිය හැකි බව පවසයි.

මෙම තොරතුරු ලබාගැනීමට ඔවුන් භාවිතයට ගෙන තිඛෙන්නේ සුපිරි පරිගණකයකි.යානයට අත්වන්නට ඉඩතිබූ ඉරණම සම්බන්ධයෙන් නිගමන  5 කට පමණ මුලින්ම එළැඹ තිඛෙන ඔවුහු එම නිගමනයන්ට අදාළ දත්ත  සුපිරි පරිගණකයට ඇතුළත් කර යානයට අත්වන්නට ඇති ඉරණම වඩා හොදින් පැහැදිලි කර දීමේ සමත් නිගමනය තෝරාගැනීමට කටයුතු කර තිබේ.යානය අංශක 90 ක කෝණයකින් සයුරට කඩාවැටී ඇතැයි ඔවුන් පවසන්නේ ඒ අනුවය.

කෙසේවුවත් යානයේ අභිරහස හරියටම විසදාගත හැකිවනු ඇත්තේ කෙදිනක හෝ එහි කළු පෙට්ටිය සොයාගත් පසු බව ඔවුන්ද පිළිගනී.

2014 වසරේ මාර්තු මස 8 වැනිදා මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරුදන්ව ගිය එම්.එච් 370 අංක දරන ගුවන්යානය ගැන කිසිදු තොරතුරක් පුරා වසරක්ම දියත් කෙරුණු යානය සෙවීමේ මෙහෙයුම් වලින්ද සොයාගත නොහැකි විය.යානය අවසානයට දර්ශනය වූ ඉන්දියන් සාගර කලාපයේ වර්ග සැතපුම් 46300 ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙහෙයුම් කටයුතු දියත් කර තිබුණි.

මෙම මෙහෙයුම් කටයුතු පසුගිය සතියේ සිට අත්හැර දමා තිඛෙන අතර බළධාරීන් පවසන්නේ වසරක් පුරා මෙහෙයුම් කටයුතු සිදුකෙරුණද එකදු සාක්ෂියක් හෝ සොයාගැනීමට නොහැකිවීම නිසා අවසානයේ මෙම තීරණයට එළැඹිීමට කටයුතු කරනවා හැරෙන්නට කළ හැකි කිසිවක් තමන්ට නොතිබූ බවය.

යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නියමුවාටද චෝදනා නැගේ.ඔහු පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව යානය විනාශය කරා ගෙනයන්නට ඇතැයි මතයක්ද තිබේ.

කුමන චෝදනාව නැගුනද,කුමන න්‍යායක් ඉදිරිපත් කෙරුණද සියලූදෙනාට තේරුම්ගත නොහැකිවී තිඛෙන කරුණ වන්නේ යානය ගැන කිසිදු තොරතුරක් මේ දක්වාම සොයාගත නොහැකිව තිබීමය.

29511E2800000578-3118002-A_new_picture_released_today_shows_the_extreme_weather_condition-a-15_1433930558860[1] 2951312A00000578-3108809-image-m-5_1433318404765[1] 2981076000000578-3118002-Perfect_nose_dive_Researchers_believe_the_Malaysia_Airlines_plan-a-3_1433935338939[1]



අදහස් (0)

මලයාසියා යානය මූදු පතුලේ?

සහන් Friday, 12 June 2015 08:03 AM

දැන් මේක ගැන හෙව්වා කියලා වැඩක් තිබෙනවද? (නි)

:       0       0

ලසිත ගුණරත්න Friday, 12 June 2015 01:58 AM

මම නම් හිතන්නේ කොහේහරි ගොඩබිමකට ගොඩබාලා ඇති කියලයි (නි)

:       0       0

ප්‍රශීන් Friday, 12 June 2015 02:25 AM

දිමුතුගේ කතාව ගැන නම් හිතන්න පුළුවන්. එහෙම වුණාද කියලත් හිතෙනවා. (නි)

:       0       0

අසේල Friday, 12 June 2015 03:07 AM

මේ ගැන හරියටම දන්නේ සීඅයිඒ එක..(බ)

:       0       0

සරත් Friday, 12 June 2015 04:36 AM

දෙවියෝ දනී අපි නොදනී (නි)

:       0       0

ගුණවර්ධන Friday, 12 June 2015 05:09 AM

ඕකත් උස්සන්න ඇත්තේ අරය තමයි කර්ල්ටන් වත්තේ බෙලුවනම් ෂුවර් එකටම ඇති.(ම)

:       0       0

ලක්මාල් Friday, 12 June 2015 05:20 AM

බටහිර ගණන් කාරයෝ ඉතින් තමන්ට මොකක් හරි හොයා ගන්න බැරි උනොත් මොකක් හරි මගුලක් කියල ලැජ්ජාව වහ ගන්න හදනවා ..ලජ්ජා හිතෙනවා නේද යාලුවනේ (ම)

:       0       0

ගාල්ලගේ Friday, 12 June 2015 05:29 AM

මෙම යානය පැය විසි හතරෙහිම ක්‍රියාත්මක චන්ද්‍රිකා වලින් එකකටවත් හසුනොවී තියෙන්න බැහැ. (නි)

:       0       0

ටියුඩර් Friday, 12 June 2015 06:44 AM

ඇත්තටම මේකට මොකද වුණේ? (නි)

:       0       0

සමන්ති Friday, 12 June 2015 01:05 AM

ලලිත්, අර සුමනදාසගෙන් නොවේ බණ්ඩාර හොයලා ඇහුවා නම් හරි. අපි එයාව හොයන්න සුමනදාසට කියමු. (නි)

:       0       0

සුපුන් Friday, 12 June 2015 08:20 AM

මේ යානය ගැන හොයන්න දාලා තියෙන්නේ පිස්සෝ ටිකක්ද ??? එකට විශ්ලේෂණයට අරන් තියෙන්නේ පිස්සෝ වගයක් හදපු කොම්පියුටෙර් එකක්ද??? ඒ වාර්තාව හැටියට ප්ලේන් එක මුහුදට වැටිලා තියෙන්නේ අංශක 90 කෝණයකට ලු.... ඉතින් දෙවියනේ වේගයෙන් යන යානයක් කොහොමද මුහුදට 90 කෝණයකින් වැටෙන්නේ.... එක හඳට ගිහින් ආවානම් පිළිගන්න පුළුවන්..... පුදුම විශ්ලේෂණ තමා.... (ස)

:       0       0

පුබුදු Friday, 12 June 2015 08:49 AM

මම නම් හිතන්නේ සුක්ෂමව මේක ගොඩබා ගත්ත කියලයි. මොකද මේකේ ඇතුලේ සුපිරි මොළ ටිකක් හිටියනේ.(ම)

:       0       0

පෙරේරා Friday, 12 June 2015 12:57 PM

මෙච්චර දියුණු ලෝකයක මේ යානයට කුමක් වුවාද යන්න සොයා ගන්න බැරි වුණ එක තමයි ලොකුම ප්‍රශ්නය.(හේ)

:       0       0

උදේශ් Friday, 12 June 2015 05:08 PM

සමහරු කියන්නේ ඇමෙරිකානු ද්‍රෝන යානා රහස් චීනය දැනගනාවට ඇමරිකාව කරපු සුපිරි මෙහෙයවීමක් කියල..හොයල බලන්න චීන ඉංජිනේරුවන් කීයක් මැරුණද ..ඒ මොනවගේ අයද කියල...-රාජ්- (ස)

:       0       0

ලකී Saturday, 13 June 2015 12:09 PM

වෙච්ච දේ දන්නේ ඇමරිකාවයි චීනෙයි විතරයි සල්ලිකාරයන්ගේ ගෑණු පිටගියාට රහස් පොඩි වැඩකරන කොල්ලන්ට කියන්නේ නැහැ (බ)

:       0       0

බණ්ඩා Sunday, 14 June 2015 02:07 PM

මම නම් කියන්නේ මේක මත්තලට ගොඩබැහැල මැදමුලනට ගෙනියන්න ඇති බෙබිලට සෙල්ලම් කරන්න ...(බ)

:       0       0

මලයසිඅ Monday, 15 June 2015 04:38 AM

මේ යානයේ ගෙනිච්ච ටොන් එකක් බර භාණ්ඩේ මොකක්ද කියල තාමත් හරියට කිවේ නෑ. ඇමරිකාවට අයත් යුධ උපකරණයක් චීනෙට ගිය කියලනේ කියන්නේ. එක නිසා උඩු ගුවනෙම යානය කුඩා අංශුවලට වෙනකම් කුඩු වෙන්න වෙඩි තිබ්බ කියල තම කට්ටියක් කියන්නේ. ඉතින් කොහෙද කැලි හොයන්නේ. (ම)

:       0       0

තරංග Thursday, 11 June 2015 06:25 AM

හොයාගන්න බැරිවුණාම විකාර කියවනවා. ඇයි මේ යානය අභ්‍යවකාශයේ ඉඳලා ආ එකක්ද අංශක 90 ක කෝණයකින් මුහුදට වැටෙන්න...??? (නි)

:       0       0

සමන් Thursday, 11 June 2015 09:01 PM

මුහුදු පතුලේ තිබෙන තෙල් නිධි සොයාගන්නා තරමට අද තාක්ෂණය දියුණුවට පත්ව ඇති වකවානුවක මේ ගුවන් යානය සොයාගැනීමට නොහකිවිම මහත් පුදුමයක්. මිනිසෙකුගේ රුධිර සාම්පලයකින් එම මිනිසා සිටිනතැන සෙවිමට තරම් දියුණුව ඇති ඇමරිකන් යුද තාක්ෂණයටද මෙය සොයාගැනිමට නොහැකිවීම මහත් අරුමයක්ම තමයි (නි)

:       0       0

නිලන්ක Thursday, 11 June 2015 06:52 PM

මම නම් මේ යානයට සිදුවුණ දේ ගැන මොකුත්ම හිතන්න යන්නෙ නැහැ (නි)

:       0       0

ගාමිණී Thursday, 11 June 2015 04:39 PM

අපේ ගාල්ලේ සුමනේගෙන් ඇහුවා නම් හරියටම කියයි (නි)

:       0       0

ලලිත් Thursday, 11 June 2015 03:39 PM

මුහුදු පතුලේ ඇති පැල්මක හෝ පැරණි ගිනි කඳු ආවාටයක පිරි ඇති මඩ පතුලට කිඳා බැස්සා වෙන්න බැරිද? (ර)

:       0       0

ලලිත් Thursday, 11 June 2015 03:37 PM

අර සුමනදාසගෙන් වත් ඇහුවානම්? (ර)

:       0       0

දිවසිරි Thursday, 11 June 2015 03:05 PM

ෆිනෑන්ස් එකෙන් උස්සලාද මන්දා? (නි)

:       0       0

සුසිලා ජයන්තිමාල Thursday, 11 June 2015 02:25 PM

මේ යානයට කිසිදු අනතුරක් වී නැතිබවයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

නුවන් Thursday, 11 June 2015 01:08 PM

තරංග නොදන්න දේවල් කියන්න එපා. නියමුවාට ඔනෑනම් අංෂක 90 නෙමේ 100 හරි යානය වැටීමට සලස්වන්න පුලුවන්. නියමුවා විසින් සියදිවි හානිකර ගැනීමක් වෙන්න ඔනෑ.. (ර)

:       0       0

සංජීව Thursday, 11 June 2015 10:44 AM

මහින්ද මහින්දගේ පුතාගේ රොකට් ඒකෙ හිරවෙලා (බ)

:       0       0

නුවන් Thursday, 11 June 2015 09:43 AM

කෝ මේ මැටි පහන? එයාගේ විද්‍යාවට මේක හොයා ගන්න බැරි උනානේ තාම! (ස)

:       0       0

නුවන් Thursday, 11 June 2015 09:21 AM

පහන් නසා එකෙන් කඩා වැටුන යාන ගැන සොයන්න (ම)

:       0       0

දිමුතු Thursday, 11 June 2015 08:45 AM

යානය යම් කිසි අපට වඩා දියුණු ජීවීන් කොටසක් විසින් පැහැර ගත්තා වෙන්න බැරිද .... (ම)

:       0       0

පහන් Thursday, 11 June 2015 08:14 AM

යානය හොයාගත්තේ නැති වුනාට මොකද අඟහරු ග්‍රහයාගේ විදුරු හොයාගත්ත තමාව මන්දාකිණියක් හොයා ගත්ත විශ්වයේම තියන ග්‍රහලෝක සොයා යනවා .මේ පෘතුවියට කඩාවැටුණු ගුවන් යානය හොයාගන්න බැහැ නාසා එක වහන්න ඕනේ (බ)

:       0       0

ප්‍රදීප් Thursday, 11 June 2015 07:50 AM

යානය කඩා වැටුනා නොව එම කෝණයෙන් මානසික අවුලෙන් පෙළුන ගුවන් නියමුවා යානය කිඳා බැස්සුවා වෙන්න බැරිද? ඊටපස්සේ අධි පීඩනයෙන් ආ වතුර වලට යානය නොකැඩී තෙරපුණා. (නි)

:       0       0

ගමගේ Thursday, 11 June 2015 07:34 AM

අපේ චන්දරේ අයියා මොකද දන්නේ නැහැ දැන් මේ ගැන කියන්නේ ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site