X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


මලාලා මරන්න හැදූ පිරික්සුම දියාරු කරලා

සම අයිතිවාසිකම් ලබාගැනීම වෙනුවෙන් හඬ නැඟූ නිසා තලේබාන් වෙඩි පහරට ගොදුරු වීමට සිදුවූ මලාලා යුසාෆ් සායිගේ ඝාතකයින් ලෙස අත්අඩංගුවට ගත්  දස දෙනාගෙන් දඩුවම් ලබාදී ඇත්තේ  දෙදෙනෙකුට පමණක් බව අනාවරණයවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයට නොබෙල් තෑග්ග ද හිමි විය.

2012 වසරේ පාසල් බස්රියෙන් නිවෙස බලා යමින් සිටි මලාලාට එහි නැගුනු තලේබාන් තුවක්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරට ගොදුරුවීමට සිදුවූ අතර වහා ප්‍රතිකාර ලබාදීම නිසා ඇයගේ දිවි ගැලවිණ.වසය අවුරුදු 11 සිට අන්තවාදී කි්‍රයාකාරම් විවේචනය කරමින්,කාන්තාවන්ටද අධ්‍යාපනය ලැබීමට අයිතිය ඇතිය යන මතය සමාජය ඉදිරියට ගෙන යෑමට ඇය දරමින් සිටි ප්‍රයත්නය මේ සිදුවීමත් සමගම ලොව ඉදිරියේ අනාවරණය විය.ඇය පසුගිය වසරේ නොඛෙල් සාම ත්‍යාගයටද හිමිකම් කීවාය.

ඝාතන තැතට හවුල්වීයැයි සැකපිට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පසුගිය වසරේ පවසා සිටි පකිස්තාන බළධාරීන් ඔවුන්ට එරෙහිව පැවැත්වුනු නඩු විභාගයේ තීන්දුව ගෙවුණු අප්‍රේල් මසදී ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ ඔවුන් දස දෙනාටම වසර 25 බැගින් වන සිරදඩුවම් පැමිණවූ බවය.

නමුත් අනාවරණයව ඇති ආකාරයට එසේ සිරදඩුවම් ලබාදී ඇත්තේ  දෙදෙනෙකුට පමණි.අනෙක් අට දෙනාට එරෙහි නඩු විභාගය පැවැත්වී ඇත්තේද ඉතාම රහසිගතව බවත් එහිදී සිදුවන්නට ඇත්තේ කුමක්දැයි කියා දන්නා කිසිවෙකුත් නොමැති බවත් මේ සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තාවන්ගේ සදහන්ය.

නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දක්වා ඇති එක් පකිස්තාන ආරක්ෂක බළධරයෙකුට අනුව පුද්ගලයින් දස දෙනා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පකිස්තානයට මුහුණදීමට සිදුවූ අන්තර්ජාතික පීඩනය නිසාය.එයින් පසු තම කාරිය කළේ යැයි අතපිසදාගැනීමට පකිස්තානයේ වගකිවයුත්තන් කටයුතු කළේ යැයි ඔහු චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පකිස්තාන බළධාරීන් පවසන්නේ මෙම පුද්ගලයින් 8 දෙනා නිදහස් කළේ ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණු නිසා බවයි.

0AECC52500000514-3111774-image-a-17_1433466428410[1] 1BE1FF3A000005DC-0-image-a-1_1433463401525[1] 159771FD000005DC-3111774-image-a-13_1433466043700[1]



අදහස් (0)

මලාලා මරන්න හැදූ පිරික්සුම දියාරු කරලා

දුමින්ද Saturday, 06 June 2015 03:47 AM

මානව හිමිකම් වලට ඉහළ ලංසුවක්! (නි)

:       0       0

ගොඩී Saturday, 06 June 2015 07:52 AM

පකිස්ථාන බලධාරින් තමන් පිළිගන්නා ආගමික හා සමාජ ධර්ම අනුව කටයුතු කරලා තිබෙනවා. අන්තර්ජාතික පීඩනය නිසා බොරුවට දෙන්නෙක් සිරගත කර තිබෙනවා. ඇත්තටම ඔවුන්ට උගන්වා තිබෙන විධ්හට වැරදිකාරියයි මලාලා. බොහොමයක් ඉස්ලාමීය මාධ්‍ය ඇය බටහිර ගැත්තියක් විධිහටයි දකින්නේ.(නදී)

:       0       0

වැකෝ Sunday, 07 June 2015 06:15 AM

හැම එකක්ම කරන්නේ ඒගොල්ලෝ බේරගන. වටේම ඉන්න රටවල් තරහවෙලා .(ම)

:       0       0

කුමාර් Sunday, 07 June 2015 11:35 AM

පකිස්තාන හමුදාවේ හා ඔත්තුසේවයේ ඇතුලටම තලබාන් රිංගලයි තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site