X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මහදැනමුත්තා නොසිටි නිසා දිවියාගේ දිවි බේරෙයි

උතුරු ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ "සර්දුල් කේඩා" ගමට අහාර හෝ ජලය සොයා පැමිණි දිවියෙකු ලොකු අකරතැබ්බයක මුහුණ පෑවේය.

නිවසක් අසල තිබු ඇලුමිනියම් මුට්ටියක දිවියාගේ හිස හිරවීය.

මුට්ටියේ පිසින ලද මස් ව්‍යංජනයක් තිබෙන්නට ඇතැයි දිවියා දුටු අසල්වැසි ගැමියෝ අනුමාන කළහ.

මුට්ටියේ හිරවූ හිස එලියට ගැනීමට නොහැකිව අසරණ බවට පත්වූ දිවියා යන එන මං නොදැන ඉබාගාතේ ඇවිද යනු ගමේ මිනිසුන් වටවී බලා සිටිනු කිහිප දෙනෙක්ම ඡායාරූප ගත්හ.

දිවියා නිර්වින්දනය කර මුට්ටිය ඉවත්කිරීම සඳහා පොලිසිය සහ වන සත්ත්ව කාර්යාංශ නිලධාරින් පැමිණ ඇත්තේ පැය පහකට පමණ පසුවය.

දිවියා අසල වනයේ සැරිසරන දිවි රංචුවකට අයත් අවුරුදු තුනක් පමණ වයස පිරිමි සතෙකු බව වනසත්ව නිලධරයෝ කියති.

පශු වෛද්‍ය වරයෙකු විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව කිලෝමීටර් 14 ක් පමණ අතින් පිහිටි මහා වනයට එම සතා මුදා හරින ලද බවද එම වාර්තාවෙහි සඳහන්ව තිබුණි.

Kotiya-420151001 Kotiya-420151002 Kotiya-720151001 Kotiya-720151001-3 Kotiya-720151001-8

 



අදහස් (0)

මහදැනමුත්තා නොසිටි නිසා දිවියාගේ දිවි බේරෙයි

නුවර රාල Friday, 02 October 2015 09:11 AM

නුවන් ගජධීර එතකොට ඇයි ඔයා හොඳ උඩරට කියන්නේ ? පහත රට නරකද නැතිනම් උඩරට අනික් සිංහල බෞද්ධ අය නරකද ? ඔයා ජාතිවාදය ගැන බණ කියන කොට ඔයාගේ ඔලුව පළාත් වාදයට ඇදිලානේ. (ස)

:       0       0

නිශාන්ත Thursday, 01 October 2015 09:16 PM

මොනවා වුණත් වාසනාවන්ත දිවියෙක් (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 01 October 2015 11:54 PM

දිවියාගේ දිවි බේරීම මහත් සේ අගය කරන්නෙමු. ලංකාවේදී සිදුවුණා නම් අනිවාර්යයෙන් දිවියා එක්කෝ පුළුන් පුරවා විසිත්ත කාමරයක. නැත්නම් සපත්තු කුට්ටමක් බවට පත්වෙලා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 02 October 2015 01:49 AM

ලංකාවේ මේ කියන තරම් වනචාරි මිනිස්සු නැහැ. එකෙක් දෙන්නෙක් එහෙම වැඩක් කළාට ඕනෑතරම් මිනිස්සු ඉන්නවා සතුන්ට ආදරය කරුණාව දක්වන (නි)

:       0       0

සුදෙල්මි Friday, 02 October 2015 03:12 AM

අපිත් මේ වගේ හොඳ වැඩ ඉගෙනගෙන රටේ මිනිසුන්ට සතුන්ට ගහකොළ වලට ආදරේ කළොත් නැවතත් ලෝකය බබළවන රටක් වේව් (නි)

:       0       0

සාලිය Friday, 02 October 2015 05:52 AM

ලංකාවේ දඩයක්කාරයෝ තමයි සතුන් මරන්නේ බොහොමයක් සිංහල බෞද්ධයන් සතුන්ට ආදරය කරනවා (බ)

:       0       0

පෙරේරා Friday, 02 October 2015 06:46 AM

ලංකාවේ නම් මහදැනමුත්තගේ පරම්පරාවේ අය යහතින් තවම ඉන්නවා. (නි)

:       0       0

නුවන් ගජධීර Friday, 02 October 2015 07:04 AM

සාලිය දාන හැම අදහසකටම 'සිංහල-බෞද්ධ' කම ගාවගන්න එපා. ඒකෙන් ඉබේටම ජාතිවාදය පැත්තට ඔලුව ඇදෙනවා නොදැනීම. මමත් උඩරට හොඳ සිංහල බෞද්ධ අයෙක්‍.අපේ රටේ ජාතිවාදය නවත්තන්න පටන්ගන්න ඕනෑ එක තැනක් තමයි මේ (නි)

:       0       0

පෙරේරා Friday, 02 October 2015 07:30 AM

සාලිය, ඇත්තද? මීට් බෝල්ස් නැත්නම් උගුරෙන් පහළට බත් යන්නේ නැත්තේ කාගේද මන්දා? (නි)

:       0       0

සිතු Friday, 02 October 2015 09:08 AM

කපිල, ලංකාවේ අභය භුමි වල ඉන්න දිවියන්ගේ ඉරණම නොපෙනේද? (ස)

:       0       0

එරංග Thursday, 01 October 2015 09:12 PM

පවු අහිංසක සත්තු! (නි)

:       0       0

ලක්ෂි Saturday, 03 October 2015 06:49 AM

මම නම් බෞද්ධ ධර්මය අනුව වැඩ කරන කෙනෙක් සත්ව ජාතියේ, මනුස්ස කුලයේ, සිංහල භාෂාව කතා කරන්නේ. (අ)

:       0       0

සදහම් Saturday, 03 October 2015 06:17 PM

සතාව නිරුපද්‍රිතව බේරාගත් එක ලොකු දෙයක්. ඌව සත්තු වත්තක සිරනොකොට කැළයටම මුදාහැරීම ඊටත් වඩා උතුම්. (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 04 October 2015 10:09 AM

හුඟ දවසකින් දිවියෙකුගේ කතාවක් අහන්න ලැබුනේ, පහු ගිය කාලේ නම් අපේ රටේ දිවි නැගුම තිබුණා හැබැටම මොකද වුණේ දිවි නැගුමට? (ම)

:       0       0

චන්දන Sunday, 04 October 2015 05:51 PM

ලංකාවේ දිවියන් කීයක් විතර ඉන්නවද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න (නි)

:       0       0

අනුර Monday, 05 October 2015 01:54 AM

පසුගිය ආත්මයේ මුට්ටිය අල්ලා පුරුදු කෙනෙක්ද මන්දා? මේ ආත්මයේ දඬුවම් ලබන හැටි... (නි)

:       0       0

වීරවංශ Tuesday, 06 October 2015 02:23 AM

නුවන්,ඔබ එසේ සිතුවාට අනෙක් අය ජාතිවාදය අතහැරියද?නැහැ නේද? ඔබ වැනි අයුරින් එදා මුතුන් මිත්තන් සිතුවා නම් ඔබත් මමත් ජීවත්වන්නේ තවත් අරාබියක හෝ තමිල්නාඩුවක බව මතක තියාගන්න. (නි)

:       0       0

සමන් Tuesday, 06 October 2015 08:56 AM

මුට්ටිය බින්දේ නැතුවට පින් (බ)

:       0       0

දනීෂා Wednesday, 07 October 2015 03:35 AM

නුවර රාලගේ අදහස නියමයි (නි)

:       0       0

හේමන්ත Thursday, 01 October 2015 10:27 AM

ලස්සන දිවියෙක්. (ර)

:       0       0

කපිල Thursday, 01 October 2015 07:47 AM

සාමා,ලංකාවේ වුණා නම් දිවියා බේරාගැනීමට පැය 5ක් යන්නේ නැහැ (නි)

:       0       0

සිතු Thursday, 01 October 2015 08:08 AM

ඔව් කපිල. (ර)

:       0       0

ඉෂාන් Thursday, 01 October 2015 08:16 AM

මීට වඩා දිවියන් ආරක්ෂා කර ගත යුතුය. (ර)

:       0       0

මහෙන් Thursday, 01 October 2015 08:49 AM

දැන් අර ගෙදර එවුන් මස් උයන්නේ මොකෙන්ද? (අ)

:       0       0

ඉනෝකා Thursday, 01 October 2015 09:09 AM

අනේ පව් ! අසරණ සතා. හුඟාක් දෙනෙකුට දැන් මහදැන මුත්තාගේ කතාවත් මතකයට නැගෙයි. අලුත් පරම්පරාවට නම් දැන් මහදැන මුත්තා කව්ද කියලා දන්නේවත් නැතිව ඇති. (ර)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 09:12 AM

මිනිස්කම උතුම්කම. (ස)

:       0       0

බණ්ඩා Thursday, 01 October 2015 09:44 AM

ලංකාවේ වුනානම් දිවියට අබ සරණයි ! (බ)

:       0       0

සනත් ඒකනායක Thursday, 01 October 2015 10:10 AM

බණ්ඩයියා සහ සාමක්කා වගෙ අයට අහු වුණා නම් තමා "ඉවර"වෙන්නෙ. ලංකාවෙ වුවා නම් පැයක් යද්දි දිවියා නිදහස් වෙලා.(අ)

:       0       0

සාමා Thursday, 01 October 2015 06:47 AM

ලංකාවේ වුණා නම් දිවියාට දෙවියන්ගේම පිහිට තමා. (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 01 October 2015 11:16 AM

මිනිසුන් කරගත් කුසල කර්මයක්. (ර)

:       0       0

තරිඳු Thursday, 01 October 2015 12:39 PM

ලංකාවේ වුණා නම් පැයක් යන්නත් ඉස්සර දිවියාගේ හමත් හොයාගන්න වෙන්නේ නැතිවෙන්නත් පුළුවන් (නි)

:       0       0

සමන් Thursday, 01 October 2015 01:06 PM

තරිඳු, ලංකාවේ එහෙම වුනාට ඉන්දියාවේ එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ මිනිසුන්ට පුළුවන් ඉන්දියානුවන්ට බනින්න විතරයි. (බ)

:       0       0

කස්තුරිආරච්චි Thursday, 01 October 2015 01:56 PM

පවු අහිංසක සතා! (නි)

:       0       0

චතුරි Thursday, 01 October 2015 02:43 PM

අද ලංකාවේ නම් පැය පහක් ඇතුළත මේ සතාට වෙන්දේසියේ වුණත් යන්න තිබුණා (නි)

:       0       0

චන්න බුවනක Thursday, 01 October 2015 02:45 PM

අපේ රටේ අය අතරේ 95 % ක් හොඳ අය වගේම 05% නරක අය ඉන්නවා. මොකද අපේ රටේ නැද්ද වන සතුන්ට ආදරේ කරන අය. වන සතුන් අසරණ වුණාම ප්‍රතිකාර කරන අය නැද්ද? වනජීවී එකේ අය වනය ඇතුළට වෙලා බොහෝ දුෂ්කරතා මැද ඔවුන්ගේ කාර්යය ඉෂ්ට කරනවා. අපි ඒවා අගයන්න ඕනෑ. (නි)

:       0       0

චන්න බුවනක Thursday, 01 October 2015 02:47 PM

සනත් ඒකනායක මහතාගේ ප්‍රතිචාරය අගය කරමි. (නි)

:       0       0

තුෂී Thursday, 01 October 2015 07:53 PM

මෙයා ඇලුමිනියම් මුට්ටිය ඇතුළට ඔලුව දාලා මොනවා බලන්න ගියාද? මදැයි වෙච්ච දෙයක්....! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site