පොලිසියේ සහ ඇතැම් හමුදා නිලධාරීන් ද හවුල් වී තමාට එරෙහිව ආරම්භ කළ කැරැල්ලට නව ජනපති හසන්ගේ ද අනුමැතිය ලැබී ඇතැයි ධුරයෙන් සමුගත් මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් චෝදනා කරයි.
ඒ.එෆ්.පී. පුවත් සේවයේ මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනපති නෂීඞ් කියා සිටියේ තමා බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය ගෙන ගිය කුමන්ත‍්‍රණයට නව ජනාධිපති මොහොමඞ් වහීඞ් හසන් ද සම්බන්ධ බවය. තමන්ට බලයෙන් ඉවත් වන්නැයි බල කළේ හසන් යැයි ද නෂීඞ් කියා සිටියි.
ජනතා විරෝධය හමුවේ නෂීඞ් ඉකුත් 7 වැනිදා ජනපති ධුරයට සමුදුන්නේ එම අවස්ථාවේ උප ජනාධිපති ධුරය හොබවමින් සිටි වහීඞ් හසන්ට බලය පවරමිනි.
නෂීඞ් ජනපති ධුරයෙන් ඉවත් වී පැය කිහිපයක් ගත වෙද්දී මාලදිවයින නව ජනාධිපතිවරයා ලෙස මොහොමඞ් වහීඞ් හසන් දිවුරුම් දුන්නේය.
කැරැල්ල හට ගත් අවස්ථාවේදී හමුදා මූලස්ථානයට පැමිණි තමන්ට දක්නට ලැබුණේ දහ අට දෙනකුගෙන් සමන්විත පොලිස් සහ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා මූලස්ථානයේ බලය අල්ලා ගෙන සිටි බව යැයි ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෂීඞ් කියා සිටියේය.
එහිදී එම නිලධාරීන් තමාට ඉල්ලා අස්වන ලෙස බල කර සිටි අතර එසේ නොවුණ හොත් ඔවුන් බලය යෙදීමට කටයුතු කරන බවට තර්ජනය කළ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
”ඔවුන් මට කළේ තර්ජයක්. ඒ නිසා මට සිද්ධ වුණා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තීරණයක් ගැනීමට. විපක්ෂයේ මේ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හසන්” යැයි නෂීඞ් අවධාරණය කරයි.
කෙසේ නමුත් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් හසන් පවසන්නේ එම කැරැුල්ලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් නීතිය අකුරටම රට තුළ කි‍්‍රයාත්මක කිරීමට තමා බැඳී සිටින බවත්ය.
තුන් ලක්ෂයකට ආසන්න ජනගහනයක් වෙසෙන සංචාරක පාරාදීසයක් වන මාලදිවයින් දූපත් රාජ්‍යය, වසර 30 ක් තිස්සේ පැවැති අබ්දුල් ගයුම්ගේ ඒකාධිපතිවාදී පාලනය අවසන් කර රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආවේ නෂීඞ්ය. ඒ, 2008 වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි.
නෂීඞ් සිය ධුරයෙන් සමුගත්තේ තව දුරටත් බලයේ රැඳී සිටිමින් ජනතාව මර්දනය කිරීමට තමාගේ කිසිදු අදහසක් නැති බවත් විපක්ෂය චෝදනා කරන අන්දමට තමන් ඒකාධිපති පාලකයකු නොවන බවත් පවසමිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මා බලයෙන් නෙරපීමේ කුමන්ත‍්‍රණයට වත්මන් ජනපති වහීඞ් හසන් සම්බන්ධයි