මාලදිවයින් රජයට විරෝධය දැක්වීම සඳහා කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවෝ අසූදෙදෙනෙක් පෙරේදා (21) මාලේ නුවරදී අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ වනවිට රට පුරා රාජ්‍ය විරෝධී කැරැල්ලක් පැතිර යෑමට පටන් ගෙන ඇති බවත් එම කැරැල්ල මෙහෙයවන්නේ ආගමීක අන්තවාදීන් බවත් මාලදිවයින ජනාධිපති මොහොමඞ් නෂීඞ් චෝදනා කරයි.
විරෝධතාකරුවන් රජයට එරෙහි උද්ඝෝෂණ ආරම්භ කළේ ඉකුත් බ‍්‍රහස්පතින්දා (19) සිටය. පෙරේදා උදෑසන සියයකට වැඩි විරෝධතාකරුවන් පිරිසක්, මැලේ අගනුවරට රැස්වී කලහකාරීව හැසිරෙමින්, රාජ්‍ය දේපොළවලට පහර දී අලාභහානි කිරීමටත් ගිනි තැබීමටත් පටන් ගත්හ.
ඔවුහු රජයේ ඇමැතිවරයකුගේ නිවසකට ගිනි තබා, රාජ්‍ය රූපවාහිනී ආයතනයට කඩා වැදී එහි මාධ්‍යවේදීන් සය දෙනකුට පහර දුන්හ. කලහකාරී පිරිස මර්දනය කිරීමට කැරැලි මර්දන පොලිස් නිලධාරීන් යෙදවීමට රජයට සිදුවූයේ එම අවස්ථාවේදීය.
පොලිසිය පැමිණ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ ගනිද්දී ඔවුහු පොලිස් නිලධාරීන්ට පහර දී පොලිසියේ ජීප් රථ දෙකක් ගිනිබත් කළහ.
එම අවස්ථාවේදී පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමටත් කලහකාරීව හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගැනීමටත් පියවර ගත් බව මාලදිවයිනේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමේ ප‍්‍රකාශක මොහොමඞ් ෂරීෆ් පවසයි.
කෙසේ නමුත් අත්අඩංගුවට ගත් පිරිස පැය කීපයකට පසු මුදාහැරිය බවද වාර්තා විය.
මාලදිවයිනේ මේ අයුරින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැුල්ලක් ආරම්භ වුණේ, එරට අපරාධ අධිකරණයේ විනිසුරුවරයකු අත්අඩංගුවට ගන්නැයි ජනාධිපති නෂීඞ්, පොලිසියට අණදීමෙන් පසුවය.
රජයට විරුද්ධ චූදිතයන්ට විශේෂ සැලැකිල්ලක් දක්වන බවට එම විනිසුරුවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මීට අමතරව මාලදිවයිනේ ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ‘දිවේහි ක්වමී’ පක්ෂයේ ප‍්‍රධාන පෙළේ දේශපාලනඥ මොහොමඞ් ජමීල් ද අත්අඩංගුවට ගැනීමට ජනාධිපති නෂීඞ් කටයුතු කර තිබේ.
ජමීල් අත්අඩංගුවට ගැනුණේ ඉකුත් සතියේ බදාදා (18) ය. හිටපු අධිකරණ ඇමැතිවරයකු ද වන ඔහු අත්අඩංගුවට ගැනුණේ ජනතාව කුපිත කරවන අයුරින් දේශන පැවැත්වීම නිසාය.
ජනාධිපති නෂීද් මාලදිවයිනේ වෙසෙන යුදෙව් සහ කි‍්‍රස්තියානි පාදිලිවරුන්ගේ පදේට නටන බවට ජමීල් පවසා ඇත. ජනාධිපති නෂීඞ් පවසන්නේ ජමීල් ආගමීක අන්තවාදීන් සමඟ එක්වී රට අවස්ථාවර කිරීමටත් ආගමික ගැටුම් ඇති කිරීමටත් උත්සාහ ගන්නා බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාලදිවයින් විරෝධතාකරුවෝ 82 ක් පොලිස් අත්අඩංගුවේ