ගෙවුණු මාස 20 කට ආසන්න කාලය සැළකීමේදී බි‍්‍රතාන්‍යය,ඇමරිකාව,ප‍්‍රංශය වැනි රටවල් එක්ව දියත් කළ මෙහෙයුම් වලින් අයිඑස් ත‍්‍රස්තයින් 25000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එල්ල වන ප‍්‍රහාර හමුවේ අයිඑස් ත‍්‍රස්තයින් ඔවුන් අත්පත් කරගෙන සිටි බිම් අතහැර පසුබසිමින් සිටින බවත් මේ වන විට අයිඑස් පාලනය යටතේ පැවති උතුරුදිග ඉරාකයේ බිම් වලින් සියයට 40 ක් පමණම අයිඑස් ත‍්‍රස්තයින්ගෙන් නිදහස්ව ඇති බවත් එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
අයිඑස් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ රකා නුවරට සැළසුම් සහගත ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.
සාමාජිකයින් දහස් ගණනින් මරුමුවට පත්වීමට අමතරව අයිඑස් සංවිධානයට මුහුණදීමට සිදුව තිබෙන තවත් ප‍්‍රධාන ගැටලූවක් ලෙස සඳහන් වන්නේ එම සංවිධානය ආදායම් උපයාගැනීමට යොදාගන්නා තෙල් බිම් වලට නිරන්තරයෙන්ම එල්ල වන ගුවන් ප‍්‍රහාරයන්ය.ආදායම කොතෙක් දුරට පහළ ගොස් තිබේද යත් අයිඑස් සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැටුප් පවා හරි අඩකින් පමණ කප්පාදු කිරීමට සංවිධානයේ නායකයින්ට සිදුව තිබෙන බව සැළය.
සිරියාවේ සිවිල් යුද්ධයත් සමග හිස එසවූ අයිඑස් ත‍්‍රස්තයෝ 2014 වන විට නැගෙනහිර සිරියාවේ සැළකිය යුතු බිම් පෙදෙසක් තම අණසක යටතට ගත්හ.පසුව ඔවුහු ඉරාකය දක්වාම ව්‍යාප්ත වූහ.නව තාක්ෂණය උපරිම අයුරින් භාවිතයට ගත් ඔවුහු නව සාමාජිකයින් බඳවා ගැනීමට බෙහෙවින් යොදාගත්තේ සාමාජ ජාල වෙබ් අඩවිය.
නමුත් තුර්කිය වැනි අසල්වැසි රටවල් දැන් අනුගමනය කරමින් සිටින දැඩි දේශසීමා නීති නිසා සංවිධානයට නව සාමාජිකයින් බදවා ගැනීමද දුෂ්කර වී තිබේ.
වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි වුවත් අයිඑස් ත‍්‍රස්තයින් දණ ගැස්වීමේ සමත් ප‍්‍රබල ප‍්‍රහාරයක් ළගදීම එල්ල කිරීමට සැළසුම් කර තිබෙන බව බැග්ඩෑඩයේ සිට අයිඑස් මර්දන මෙහෙයුම් මෙහෙයවන ඇමරිකා හමුදා ප‍්‍රධානියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාස 20 ක් ඇතුළත අයිඑස් ත‍්‍රස්තයෝ 25000 ක් මරුට
රජින්ද Sunday, 17 April 2016 06:41 PM
ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය කරපු හරියෙන් තමයි මේතරම් ඔය ත්‍රස්තයෝ බාල් නැටුවේ. රුසියානු ප්‍රහාරය අතිශය සාර්ථක වෙච්ච නිසයි මෙහෙම හරි සිරියාව බේරිලා තියෙන්නේ. නමුත් ඒකෙ ලකුණු ටිකත් ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් වලට බැර කරගන්නයි දැන් ඔය හදන්නේ. (නි)
මොහාන් Sunday, 17 April 2016 06:42 PM
අනේ කවුරුහරි මොනවාහරි ලියන්නකෝ. මැරිලා ඉන්නේ අයිඑස් ත්‍රස්තයෝනේ
කස්තුරි Monday, 18 April 2016 02:23 AM
එයාලව හැදුවේ අැමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්. මැදපෙරදිග විනාශ කරලා සම්පත් සූරාකන්න කරපු වැඩ. ලංකාවේ අයටත් ඕවා හොඳ පාඩම් (නි)
දීන් Monday, 18 April 2016 04:21 AM
ත්‍රස්තයින් මර්දනය කළ යුතුම දෙයක්. නමුත් මියගිය 25000 න් සියයට 90 ක්ම සාමාන්‍ය ජනතාව.(ම)
ඉන්දික Monday, 18 April 2016 04:50 AM
මැරිලා තියන 25000 පිටසක්වලයෝද? පොලවේ ඉන්නේ අපි වගේ මිනිස්සු නෙමෙයිද? (කෞ)
ජගත් Monday, 18 April 2016 05:35 AM
මේවායින්වත් පාඩම් ඉගෙනගෙන දැන්වත් බඩු මිල අඩුකරලා ජනතා අසහනය නැති කිරීමට කටයුතු කරනවා නම් හොඳයි. (නි)
ජයසිරි Monday, 18 April 2016 06:48 AM
දීන්, ඔව් ඔව් ඔයාලා වගේ අයනේ කියන්නෙ අර ප්‍රභාකරන් සහ එයාගෙ ගෝලයොත් සාමාන්‍ය ජනතාව කියලා (නි)
විජේසුන්දර Monday, 18 April 2016 09:17 AM
කවුරු වුණත් මේ මැරෙන්නේත් මිනිස්සුනේ (නි)
නිමල් - නිව් යෝර්ක් Monday, 18 April 2016 11:40 AM
රජින්ද දන්නා දෙයක් කතාකරන්න.. රුසියාව පහර දුන්නේ සිරියානු ඒකාධිපතියාට විරුද්ධවුණු සියලු කණ්ඩායම්වලට.. අයි.එස් දුර්වල කලේ 90% ම බටහිර ප්‍රහාර වලින් (අ)
නිපුන් Monday, 18 April 2016 11:44 AM
කස්තුරි අයි.එස් ත්‍රස්තයින්ට අවි හා ආධාර දෙන්නේ සවුදි, කුවේට්, කටාර්, තුර්කිය වගේ රටවල ඉන්න ඉස්ලාම් අන්තවාදී ෂෙයික් වරුන්.. අයි.එස් ලාගේ ප්‍රධාන සතුරාත් බටහිර.. බටහිර රටවලට මැදපෙරදිග සම්පත් සුරා කන්න දෙයක් නෑ, මැදපෙරදිග තෙල් සම්පත ගොඩ ගන්නෙම බටහිර තාක්ෂණයෙන්.. ඔබ ලෝකය ගැන මීට වඩා හදාරන්න (අ)
චතුරි Monday, 18 April 2016 08:07 PM
ලංකාවේ යුද්ධය නතරකළේ රණවිරුවෝ. ඒ වුණාට කියවන්නේ මහින්ද සටන් කළා වගේ (නි)
සුදේශ් Monday, 18 April 2016 08:29 PM
ත්‍රස්තවාදයට තිත තබමු (නි)
ආර්. වික්‍රම Tuesday, 19 April 2016 01:57 AM
එතකොට රුසියාව මොකුත්ම කළේ නැද්ද? (නි)
සෙනෙවිරත්න Tuesday, 19 April 2016 03:22 AM
මේ ත්‍රස්තවාදය මුළු ලොවටම පිළිලයක් (නි)