X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


මාස තුනක් ඇඳේ : සල්ලි කුට්ටියක් ලැබේ

ඇමරිකා ජාතික ඇන්ඩෘ අයිවනිකිගේ රැකියාව වන්නේ ඇඳකට වී මාස 3 ක් එකදිගට ගත කිරීමය.ඒ සඳහා ඔහුට ලැබෙන මුදල ඩොලර් දහඅටදහසකි (රුපියල් 23,58000).

මේ අපූරු රැකියාව ඇන්ඩෘට ලබා දී ඇත්තේ ඇමරිකාවේ නාසා ආයතනයයි.දීර්ඝ අභ්‍යාවකාශ ගමන් වලදී එක දිගට එකම ඉරියව්වෙන් රැදී සිටීමට සිදුවනු ඇති අභ්‍යාවකාශගාමීන්ට මතුවිය හැකි දුෂ්කරතා සොයාබැලීම මෙයින් සිදුකෙරේ.

ඒ අනුව ඇන්ඩෘට එක දිගට මාස 3 ක් ඇඳෙහිම වැතිර සිටීමට නියම වී ඇත.වැසිකිළියට යෑමට පවා නැගිටීම ඔහුට තහනම්ය.

මුල් කාලයේදී අපහසු වුවත් දැන් තමන් ඊට ක්‍රමයෙන් හුරුවී ඇති බව ඇන්ඩෘ කියයි.

ගතවූ අවුරුදු කිහිපයේදී පුද්ගලයින් 54 දෙනෙකු යොදාගෙන නාසා ආයතනය මෙම පරීක්ෂණය ක්‍රියාවට නංවා තිබෙන අතර ඇන්ඩෘ අන්තිමයා බව සදහන්ය.

මුලින්ම දින කිහිපයක පෙර පුහුණුවක් තමන්ට ලබාදුන් නාසා විද්‍යාඥයෝ එහිදී ආහාර ගැනීම,වැසිකිළි යෑම ආදිය ඇඳෙහි වැතිර සිටියදීම කළ හැකි ආකාරය පැහැදිලි කර දුන් බව ඔහු පවසයි.

ඒ අතුරින් අපසුම කාරිය නිදාගෙන ශරීර කෘත්‍යයේ යෙදීම බව ඔහු කියන්නේ සිනාමුසුවය.

ඔහුගේ ඇද අංශක 6 ක් පහතට ඇලයක් සහිතව තිබෙන්නක් වන අතර එනිසා ඇන්ඩෘ නොයෙක්වර පහතට රූරා ගොස් හිස ඇඳ විට්ටමේ වද්දවාද ගනී.

මේ සියල්ල නාසා ආයතනයේ විද්‍යාඥයින්ගේ අරමුණු පරිදි ඇතිකළ ඒවාය.

මේ සියලූ දුෂ්කරතා ඇන්ඩෘ දරා සිටින්නේ ඔහු අතට ලැබීමට නියමිත මුදල නිසාය.රැකියාවෙන්ද පහ කර ඇති ඔහුට දැන් ඇත්තේ එම මුදලේ බලාපොරොත්තුව පමණි.

එය දිනා ගැනීමට තවත් සති 7 ක් ඇඳට වී සිටීමට ඔහුට සිදුවනු ඇත.ඔහු දැනට ගත කර ඇත්තේ සති 3 ක් පමණ කාලයකි.

Nasa-bed-test4-550x550 Nasa-bed-test31 Nasa-bed-test-550x309



අදහස් (0)

මාස තුනක් ඇඳේ : සල්ලි කුට්ටියක් ලැබේ

මාදු Tuesday, 11 November 2014 06:06 AM

මාත් ආසයි ඒ වගේ ජොබ් එකකට. (ස)

:       0       0

දිලාන් Tuesday, 11 November 2014 09:46 AM

ඉන්ටෙර්නෙට් තියෙනවනම් මමත් ඉන්නවා අවුරුද්දක් හරි.(හේ)

:       0       0

හේමන්ත Tuesday, 11 November 2014 11:25 AM

කෝටියක් දුන්නත් මෙවැනි රස්සාවල් නම් ඕනෑම නැහැ. මේ පරීක්ෂණයෙන් යම් ප්‍රතිඵලයක් එයාලට ලැබෙන්න පුළුවන්. එත් මීට වඩා ලොකු ගානක් හොයා ගන්න තිබුන එයට හිග කෑවනම්. (ස)

:       0       0

දිලාන් Tuesday, 11 November 2014 12:56 PM

හේමන්ත ඔයා රස්සාවට කරන්නේ හිගා කන එකද ? (බ)

:       0       0

වික්ටර් Tuesday, 11 November 2014 04:32 PM

මේකත් එක අතකට නරකම නැහැ වගෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 12 November 2014 12:26 AM

අනේ මටත් එපා මෙහෙම නම් රැකියාවක්.... (නි)

:       0       0

නාලක Wednesday, 12 November 2014 07:45 AM

මාස තුන ඉවරවෙද්දි ලෙඩ කීයක් හැදිල තියෙයිද දන්නෑ.(දිල්)

:       0       0

රේණුක Wednesday, 12 November 2014 12:50 PM

මාස තුන අවසන්වෙද්දි ඔය සල්ලි මිටිය මදිවෙයි බේත් වලට (නි)

:       0       0

චුලා Wednesday, 12 November 2014 01:40 PM

ඕක නම් මට සිම්පල්. මම කොහොමත් වැඩි හරියක් ඉන්නේ ඇදේ. ටැබ් එකයි නෙට් එකයි තිබ්බා නම් ඇති. (නදී)

:       0       0

ශෙහාන් රොකී Wednesday, 12 November 2014 05:18 PM

කවුරු හරි කියලා තිබ්බා හිගා කෑවානම් හොදයි කියලා. ඒ කාලකන්නි රස්සාවට වැඩියේ මේක හොදයි. ලෝකෙටම උදව්වක් කරන්නේ. බොරු කියලා හිගා කනවට වඩා. මන් හිතන්නේ ඒ කියපු එක්කෙනා ගේ පර්ට් ටයිම් ජොබ් එක හිගා කන එක වෙන්නති. (නදී)

:       0       0

රාජිත Thursday, 13 November 2014 01:01 AM

ඔහොම හිටියට පස්සේ එන ලෙඩ වලට බෙහෙත් කරන්නම ඔය ගණන යයි. කොන්දේ අමාරුව, කකුල් බිම තියන්න බැරිකම... මේ පොඩි රෝග ලක්ෂණ ටිකක් විතරයි (නි)

:       0       0

නුවන් Thursday, 13 November 2014 05:43 AM

පිස්සු හැදෙයිද මන්දා! හොඳ උත්සාහයක්. (නි)

:       0       0

දිලුම් Thursday, 13 November 2014 08:15 AM

මෙම මුදල මදි මේ වැඩේට. (නි)

:       0       0

රෝෂණ Friday, 14 November 2014 05:11 AM

රටේ හැටියට මුදල නම් මදි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site