ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයේදී වංචා රැසක් සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා සහ තම පක්ෂය මැතිවරණ කොමිසමට ධවල පති‍්‍රකාවක් බාර දීමට කටයුතු කරන බවත් ඉම්රාන් ඛාන් පවසයි.
පාකිස්තාන දේශපාලනයට නවකයකු වන ඉම්රාන්, හිටපු ටෙස්ට් කි‍්‍රකට් තරුවක ද වෙයි. ඉකුත් 7 වැනිදා ලාහෝර් නුවර දේශපාලන රැුලියක් අමතමින් සිටිද්දී සිදුවුණු අනතුරක් හේතුවෙන් ඔහු තවමත් සිටින්නේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමිනි.
මැතිවරණය දුෂිත යැයි ඉම්රාන් පැවැසුවේ රෝහල් ඇඳේ සිට රූපවාහිනිය ඔස්සේ සිය ආධාරකරුවන් අමතමිනි. ඒ, නවාස් ෂරීෆ් ජයග‍්‍රහණය කළ බව එරට මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කළ අවස්ථාවේදීය.
මැතිවරණයෙ අවසන් ප‍්‍රතිඵල අනුව දෙවැනි ස්ථානය හිමුවූයේ ඉම්රාන්ගේ පක්ෂයටය. තෙවැනි ස්ථානය හිමිවූයේ ජනපති සර්දාරිගේ පාලක ජනතා පක්ෂයටය.
ඡුන්ද නිරීක්ෂණය සඳහා පැමිණ සිටි යුරෝපා සංගමයට අයත් ඡුන්ද නිරීක්ෂණ කණ්ඩායම් පවසා ඇත්තේ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් තමන්ට ලැබුණු බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැතිවරණය දුෂිතයි: ඉම්රාන් ඛාන් කියයි
ගාමිණී-සිරි Tuesday, 14 May 2013 12:43 PM
තුන් වතාවක්ම පිටපිටම අගමැතිකම එක් අයෙකුටම යාම ටිකක් හොඳ මදි වුණත්,ජනතා කැමැත්තනේ. අපි හිතුවේ ඉම්රාන් ඛාන්ට ජය ලැබෙයි කියලා. කමක් නැහැ. ඊළඟ වතාවේ හරි බලමු. (නි)
රිස්වි Tuesday, 14 May 2013 02:18 PM
හා පෝ... එහෙත් එහෙමද මෙහෙත් එහෙමයි. (ස)
චන්දන Tuesday, 14 May 2013 05:39 PM
පාකිස්තානේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (නි)
ගයාන් Tuesday, 14 May 2013 07:11 PM
කවුරුත් පැරදුනාම කියන්නේ ඔය කතාවනේ.පැරදුනු කවුද කියලා තියෙන්නේ, මෙච්චර ඡන්ද මට එන්න විදියක් නැහැ, මට වඩා ජනතාව කැමති එයාට, ඒක නිසා මගෙන් සුබ පැතුම් කියලා? (නි)
ෆර්සාන් Tuesday, 14 May 2013 08:59 PM
හික් හී.. ඉස්ලාම් බ්‍රදර් හුඩ් එකේ තරම පේනවා අපිට. (නි)
හේරත් Tuesday, 14 May 2013 11:58 PM
ඒකනේ මම මැතිවරණයට ඉල්ලුවේ නැත්තේ. ඒ විතරක් නෙමෙයි, වේදිකාවත් දුෂණයෙන් පිරිලා. (නි)
හේරත් Wednesday, 15 May 2013 07:23 AM
ඉම්රාන් අයියේ, බෝලය වේගයෙන් පිටිය දිගේ ලිස්සා ගීයා. සීමාවේදී රැක ගත්තා. ලකුණුත් නැහැ. කාලය අවසන්. ඊළඟ මැච් එකේදී පුරුදුවෙලා හොඳට සෙල්ලම් කරමු. පිට්ටනියට, තණ කොළ වලට බැනලා වැඩක් නෑ දැන් (නි)