දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේට් පළාතේ කූණූ කඳුකර ගමේ සුදු පැහැ කූඩාරමක තැන්පත් කර තබූ නෙල්සන් මැන්ඩෙලා දේහය ඉදිරිපිට ඉටිපන්දම් 95ක් දැලිවිණි.
ඒ අතර දහස් ගණන් දෙනා සිය නායකයාට , වීරයාට, විමුක්තිකාමියාට අවසන් ගෞරව දැක්වූහ.
පසුගිය දෙසැම්බර 05 වැනි දා මැන්ඩෙලා මිය ගියේ පෙනහළු ආබාධයකිනි.
මැන්ඩෙලාගේ දේහය තැන්පත් කළ මංජුසාව හමුදා පෙරහරකින් එහි කූඩාරමේ තැන්පත් කැරිණි.
මැන්ඩෙලා සිනාමුසු මුහුණින් සිටින දැවැන්ත පින්තූරයක් පසෙක විය.
මැන්ඩෙලාගේ සිරුර ඔහු ඉප දී ජීවත් වෙමින්, කෙළි සෙල්ලම් කළ පුංචි ගමට ළඟ වූයේ සෙනසුරාදා ය.
මේ ගමට ඔහු තදින්ම ඇළුම් කළේය.
කුඩා කළ මැන්ඩෙලා එහි ගමේ ගවයන් හා එළුවන් බලා ගත්තේ ය. ඔහුගේ නෑයෝ ගමේ සොහොනේ නිදති.
තාත්තා සැබවින්ම අයිති තැනට ආවා යැයි මැන්ඩෙලාගේ දියණිය මාර්කි මැන්ඩෙලා කීවාය.
ජාතිවාදී, වර්ණභේද වාදයට එරෙහිව සටන් කළැයි මැන්ඩෙලා 27 වසරක් සිරබත් කෑවේය.
1990 දී හිරෙන් නිදහස් වූ ඔහු ඉන් සිව් වසරකට පසු එහි ප්‍රථම කළු ජනපති විය. සාමය, සංහිඳියාව සමාව දීම වැනි උතුම් ගුණාංග දකුණු අප්‍රිකාවටම කියා දෙමින් වෛරය හා ක්‍රෝධය පිටු දකිමින් ක්‍රියා කළ ඔහු අන්තර් ජාතික වශයෙන් පිළිගත් සාම දූතයෙක් විය.
කූණූ ගමට දේහය රැගෙන ඒමට පෙර ප්‍රිටෝරියා නුවර දින තුනක් රාජ්‍ය ගෞරව සඳහා තම්පත් කර තැබිණි.
ලොව රට රටවල් රැසක් නායකයෝ ද ඔහුට අවසන් ගෞරව දැක්වූහ.
ඉතා සංවේදී හා නෙතට කඳුළු ගලා ආ අවමඟුලක දී --ප්‍රිටෝරියා ගුවන් තොටේ දී -- දේහය පාලක අප්‍රිකා ජාතික කොංග්‍රසයට භාර දීමෙන් අනතුරුව යුද හමුදා හෙලිකොප්ටරයකින් කූණූ ගමට රැගෙන යනු ලැබීය.
ගමේ දී දේහය රැගත් පෙරහර තැන තැන නතර කිරීමට සිදු විය. ඒ ගමේ මිනිසුනට අවසන් බුහුමන් දැක්වීම සඳහාය.
යුද හමුදාවෙන් දේහය ඔහුගේ නිවසේ වැඩිහිටියනට බාර දුන් පසු පෙට්ටිය වසා තුබූ දකුණු අප්‍රිකා ජාතික කොඩිය ඉවත් කැරිණි.
ඒ වෙනුවට ෂෝෂා ජනයාගේ සංකේතය වන සිංහ සමකින් පෙට්ටිය අවාරණය කැරිණි.
රෑ බෝ වූ පසු ගම් නායකයෝත්, ගෝත්‍රික නායකයෝත්, ඔහුගේ පවුලේ අයත් තෙම්බු ගෝත්‍රික සිරිතට දේහය මුර කළහ.
අවසන් අවමඟුල් උළෙලට මැන්ඩෙලා පවුලේ සාමාජිකයෝ, බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා, ජනාධිපති ජේකබ් සූමා ඇතුළු මැති ඇමැතිවරු ද, ප්‍රාදේශීය හා විදේශ අමුත්තෝ ද පැමිණියහ. අඩුගණනේ හාරදහස් පන්සිය දෙනෙක් එහි සිටියහ.
දැවැන්ත රූපවාහිනී තිර මගින් අවමඟුලේ සජීවි ඡායාරූප ගම පුරා ප්‍රදර්ශනය විය.
සම්ප්රදාය අනුව යමින් ඉර මුදුන් වූ පසු මැන්ඩෙලා කූණු ගමේ නිල් කඳුකරය අතර වළක මිහිදන් කැරිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැන්ඩෙලා ගමේ සැතපේ
ඉන්දික-නාපොලි Monday, 16 December 2013 05:17 AM
මොක් සුව අත්වේවා! (නදී)
උත්තරා Tuesday, 17 December 2013 07:00 PM
අවුරුදු 27 හිරේ සිටීම හැර ඔහු කල වෙනත් දේ මොනවද? ඔහු දේශපාලන පරිණාමය විසින් නිර්මාණය කල චරිතයක් නොවන්නේද? අපේ රටේ යුද්දය නිමවීමට බොහෝ සේ බලපෑවේද මේ ආකාරයේ ලෝක සහ රට තුල දේශපාලන පරිනමයන්ය. (අ)
සුරේෂ් Tuesday, 17 December 2013 01:27 PM
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
ගයාත්‍රී Tuesday, 17 December 2013 11:55 AM
කළු ජාතිය නැගිටවු ඔබ සදා අමරණීයයි. ඔබ වැනි මිනිසෙකු සදා අප අතරත් ඉපදේවා! ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
විරාජ් කාලිංග Monday, 16 December 2013 11:56 PM
මෑත කාලයේ ලෝකයට බිහි වූ මානුෂවාදී නායකයාණෙනි, ඔබගේ සේවයට කැපවීමට අපගේ ආචාරය (අ)
සංජීව තුෂාර Monday, 16 December 2013 10:02 PM
ඔහු නියම තීක්ෂන බුද්ධිමත් නායකයෙක්. (නදී)
ආනන්ද ආර් Monday, 16 December 2013 09:39 PM
මහත්මා ගාන්ධිගෙන් පසු අසන්නට ලැබුණු ශ්‍රේෂ්ඨතම ජනතා නායකයා; එතුමාට නිවන් සුව පතමු. (නදී)
අසින්ත Monday, 16 December 2013 07:41 PM
ඔබතුමාට නිවන් සුව ලැබේවා උතුමාණෙනි.(නදී)
අසෝක සිරිදේව ගාල්ල Monday, 16 December 2013 06:26 PM
මේ වගේ ජනධිපතිලා නැතිඋනම මුළු ලොවම දුක් වෙනවා. (දිල්)
අසෝකා Monday, 16 December 2013 05:17 PM
බැලුවෙමි අවසන් වනතුරුම- අවසන් ගමන් යන නුඹේ අවසන් ගමන.... ලෝක පුජිතව නුඹ , කළු හමට ලබා දුන් තැන සිතන විට , අප සැවොම ණයගැතිද කොතරම් නුඹට? (නි)
ඩික්සන් Monday, 16 December 2013 02:14 PM
අමරණිය අසහාය නායකයාණනි ඔබට නිවන්සුව පතමු. (නදී)
දීප්ති ලියනගේ Monday, 16 December 2013 11:53 AM
අමරණිය නායකයෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා (දිල්)
පිටබැද්දර ජයා Monday, 16 December 2013 10:48 AM
ලෝක දේශපාලන ඉතිහාසය පුරාවට රන් අකුරින් ලියුන නමක් ඇත්නම් , දකුණු ඇෆ්රිකානු ජනතාවගේ ආදරණිය පියා ලෙස විරුදාවලි ලත් ඒ නෙල්සන් මැන්ඩලාමය(දිල්)
ජයන්ත Monday, 16 December 2013 10:24 AM
ලෝකයට කලාතුරකින් පහල වෙන අසහාය නායකයෙක්.(නදී)
සන්ද්‍යා Sunday, 15 December 2013 02:59 PM
ලෝකයටම හොදම දේ නිවන් සුව(දිල්)
ජීවන් Monday, 16 December 2013 12:34 AM
චාර්ල්ස්, කැමරන්, වගේ එංගලන්තේ උදවිය එද්දී දකුණු අප්‍රිකානු ආණ්ඩුව පාරාවල් ගානේ හු තිය තිය එංගලන්තෙට විරුද්දව පෙළපාලි ගියේ නැද්ද? (නදී)
අනුර-නාවලපිටිය Sunday, 15 December 2013 08:09 PM
ඔබට නිවන් සුව! (නදී)
ලක්මාල් වෙරෝනා Sunday, 15 December 2013 07:52 PM
නෙලසන් මැන්ඩෙලා මා කැමතිම නායකයා. ඔබට නිවන් සුව. (නදී)
කඩවත හේමසාර හිමි Sunday, 15 December 2013 07:29 PM
අසහාය නායකයාණනි ! ඔබට නිවන් සුව පතමු.(නදී)
කඩවත හේමසාර හිමි Sunday, 15 December 2013 07:25 PM
අසහාය නායකයාණනි ! ඔබට නිවන්සුව පතමු .(නදී)
අමිල කටුනායක Sunday, 15 December 2013 05:55 PM
ගෞරවනීය නායකයානනි, ඔබට සුව බර නින්දක්. දෙව් මව් තුරුලේ සැතපේවා.(නදී)
දිනේෂ් Sunday, 15 December 2013 05:26 PM
ලෝකයට හොද ආදර්ශයක් දුන්න නායකයෙන්(දිල්)
මංජු Sunday, 15 December 2013 04:45 PM
ජගත් කොටි හිතවාදීන් පිලිබඳව ඔතරම් දුක් නොවන්න (අ)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 15 December 2013 03:58 PM
ලොවටම ආදර්ශවත්වූ සැබෑ වීර නායකයෙක්. ඔබතුමාට නිවන් සුව අත්වේවා.(අ)
සේනානායක Sunday, 15 December 2013 03:19 PM
ලොවක් අවදිකළ අභීත නායකයානෝ සාමදානයේ සැතපේවා! (නදී)
ජගත් ලියනගේ Sunday, 15 December 2013 03:05 PM
ලංකාවෙන් 60 ක් ද කොහෙද ගියා නේද? මේ පින්තුර වල නම් එක්කෙනෙක් වත් නැහැ නේ. (නදී)
ජගත් ලියනගේ Sunday, 15 December 2013 03:01 PM
සැබවින්ම ඔහු ලෝක පුජිත වීරයෙකි. ලංකාදීප ප්‍රවෘත්තිය කියවන විට මාගේ දෑසට කදුළු එනවා .මක්නිසාද යත් මා ඔහුගේ අනුගාමිකයෙකි. ඔහුට නිවන් සුව අත් වේවා. (දිල්)