නව සත්ත්ව විශේෂයක් දකුණු අප්‍රිකා හිටපු නායක නෙල්සන් මැන්ඩෙලාට ගෞරව පිණිස නම්කරන ලදැයි එම සත්ත්ව විශේෂය සොයාගත් ආචාර්ය උපාධි අපේක්ෂිකා දිවා අමෝන් මහත්මිය පවසයි.
මෙලෙස නම්කැර ඇත්තේ මුහුදේ ජීවත්වන කොට පොකිරිස්සෙකි. ඇය මේ සත්ත්වයා නම් කැර ඇත්තේ මුනිඩොප්සිස් මැන්ඩෙලායි යන නමිනි.
2013 වර්ෂයේ දී ඉන්දියන් සාගරයේ නිරිත දිග වැටිය යනුවෙන් හදුන්වන ප්‍රදේශයේ දී මතුපිට සිටි මීටර 750ක් ගැඹුරකින් මේ සත්ත්වයා සොයාගත් බව ඇය පවසයි. මිලි මීටර හතක් පමණ උඩු කබොල්ලක් සහිත කොට පොකිරිස්සා දිග වලිගයක් ද සහිත සත්ත්වයෙකි. පොකිරිස්සකුට වඩා කකුළුවකුට සමාන රූපකායක් ඇති මේ සත්ත්වයා මුහුදු පත්ලේ ද මුහුදු මතුපිට ද ජීවත්වීමට හැකි සත්ත්වයෙක් බව අමෝන් මහත්මිය පවසයි.
දැනට ලෝකයේ පොකිරිස්සන් විශේෂ 900ක් පමණ වාර්තා වී ඇත. ඔවුන් විවිධ ආකාරයේ ආහාරවලට පුරුදුව සිටියි. ඇතැම් විශේෂ මුහුදු ජලයේ පාවී යන ක්ෂුද්‍ර ශාක හා සත්ත්ව කොටස් හෙවත් ශාක ප්ලවාංග හා සත්ත්ව ප්ලවාංග සමග ජලය මුඛයට ගෙන ඒවා පෙරා ආහාරයට ගැනීම සිදුකරයි. ඔවුන් හදුන්වන්නේ පෙරා බුදින්නන් ලෙසිනි. ඇතැම් විශේෂ ඛාදනය වී ගිය ගල් කැබලි ආහාරයට ගනිති.
මෙම නව විශේෂය අයත්වන මුනිඩොප්සිස් ඝනයේ සතුන් ගැඹුරු මුහුදේ වාසය කරයි. ගිලුණු නැව්වල ලි කැබලි, මුහුදට ගසාගෙන ගිය ගස් සහ දිරාගිය නැව් ක
දන් ආහාරයට ගැනීමට ඔවුහු අනුවර්ථනය වී ඇත.
සිය ආචාර්ය උපාධිය සදහා ගිලුණු නැව් සහ මුහුදු පත්ලේ ඇති තල්මස් ඇටකටු ගැන අධ්‍යයනය කරමින් සිටි අමොන් හට මේ කූණිස්සා හමුවී ඇත.
ඇය තමන්ට හමුවූ මේ සත්ත්වයා කෞතුකාගාරයේ පර්යේෂකයන් වන ස්පාඤ්ඤයේ සෙන්ට්රෝ ඩි ස්ටුඩියෝස් හි අචාර්යය එනරිකිව් මැක්පෙරිසන්සා වෙත යවන ලද්දේ එම සත්ත්වයා හදුනාගැනීමේ අපේක්ෂාවෙනි. ඇයට ලැබුණු පිළිතුර වූයේ මේ පොකිරිස්සා මෙතෙක් ලෝකයේ හදුනාගෙන නොමැති විශේෂයක් බවයි.
'' ඉන්දියන් සාගරයේ දී මේ සත්ත්වයා හමුවූ කොටස අපි කලින් අධ්‍යයනය කැර තිබුණේ නැහැ. මේ සොයා ගැනීම අනුව ඉතාමත් ම පපැහැදිලිය මහ සාගර පරිසරයේ අපි හදුනා නොගත් ජීවී විශේෂ අති විශාල ප්‍රමාණයක් සිටින බව. " යැයි ඇය කියන්නීය.
මේ නව සත්ත්ව විශේෂයට නෙල්සන් මැන්ඩෙලාගේ නම යෙදීම දකුණු අප්‍රිකානු නායකයාට මහත් ගෞරවයක් වනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැන්ඩෙලා නමින් පොකිරිස්සෙක්
ගාමිණී - සිරි Sunday, 12 January 2014 09:29 PM
දුක් , කම් කටොලු , රාශියකට මුහුණ දෙමින් ,ජීවිත කාලයම කැප කර රටත්,ජනතාවත් වෙනුවෙන් වසර ගණනාවක් සිරබත් කාලා ලෝකයේ 1 වෙනි කළු ජාතික ජනාධිපති වරයා වශයෙන් පිදුම් ලත් නෙල්සන් මැන්ඩෙලා ට ගෞව්රව කිරීමක් වශයෙන් පොකුරිස්සෙකු තෝරා ගැණීම එතුමාට ගෞව්රව කරනවාට වඩා අපකීර්තියට පත් කිරීමක් බව යන්න මගේ හැගීමයි.(නදී)
සත්‍යයා Monday, 13 January 2014 03:10 AM
නෙල්සන් මැන්ඩෙලා ඇත්තෙන්ම වීරයෙක්. එතුමා ලංකාවේ ත්‍රස්තවාදය සාධාරණී කරණය කරන්න ගත් උත්සාහය නිසා මට එතුමා ගැන තිබුන ගෞරවය මදකින් හෝ අඩු උනා. හරිනම් යෝධ තල්මසෙකු ටයි මේ නම දාන්න තබුනේ. දැන් කමක් නැහැ පුංචි පොකිරිස්සෙකුට ඒ නම දාපු එක. ප්‍රභාකරනුත් ජීවතුන් අතර නැහැනේ. (නදී)
සනත් Tuesday, 14 January 2014 08:51 AM
එතකොට සමහරු ආඩම්බරෙන් කියයි"මම මැන්ඩෙලා පොකිරිස්සෙක් කෑවා" කියලා. මරාගෙන කන සතෙකුට නැතුව මලක් වගෙ දෙයක් නම් කරන්නයි තිබුනෙ.... (දී)