X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මැරතන් ශුරයාට බෝම්බ ගසා ගස් යයි

2013 වර්ෂයේ අප්‍රේල් මස මැරතන් ධාවන තරගයක යෙදී සිටි තරගකරුවන් ඉලක්ක කළ බෝම්බ ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරුවෙකු වූ විසි එක්හැවිරිදි ඩෝස්කාර් ටාර්නෙව් හට මරණ දඬුවම නියම කිරීමට බොස්ටන් මහාධිකරණය පසුගියදා කටයුතු කළේය.

මිනී මැරීම,මිනී මැරීමට හවුල්වීම,තුවාල සිදුකිරීම ආදී චෝදනා 30 කට ඔහු වැරදිකරු යැයි තීරණය වූ අතර එම චෝදනා අතරින් චෝදනා 17 ක් සැළකීමේදී ඔහුට මරණ දඬුවම නියම කිරීම වඩාත් සුදුසු යැයි විනිසුරුගේ අදහස විය.

බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගිය අතර 280 කට ආසන්න සංඛ්‍යාවක් තුවාළ ලැබීය.එම තුවාළ ලැබූවන් දැන් සුවපත්වී සිටින අතර ඔවුන් අතරින් බහුතරයකට තම අත්පා අහිමිය.

බෝම්බ ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස ඩෝස්කාර් ගේ වැඩිමහලූ සොහොයුරා වන ටමෙර්ලාන් ටාර්නෙව් හඳුනාගැනීමට පොලිසිය සමත්ව විය.නමුත් දෙදෙන අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සිදුවූ වෙඩි හුවමාරුවට මැදිව ඔහු මියගියේය.සොහොයුරා මළ පසු ඩෝස්කාර් පොලිසියට යටත් වූවේය.

මේ දෙදෙනට තවත් බාල සොහොයුරෙකු සිටින අතර බෝම්බයක් ඇටවීමට තැත් කළේයැයි චෝදනා ලැබ සිටින ඔහු මේ වන විට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.

ඩෝස්කාර්ට ලැබුණු තීන්දුව සම්බන්ධයෙන් පසු අවස්ථාවක ඔහුගේ මව වන සුබෙයිඩාට් ටමෙර්ලාන් අදහස් දැක්වූ අතර තම පුතුන් මිනීමරුවන් බවට පත්කළේ ඇමරිකාව බව ඇය චෝදනා කළාය.නියම ත‍්‍රස්තවාදියා වන්නේ ඇමරිකාව යැයි හඳුන්වාදුන් ඇය මේ දක්වා ඩෝස්කාර්ට සහය පළකළ සියලූ දෙනාට තම ස්තූතිය පළ කරන බවත් දේව කැමැත්තෙන් තම පුතණුවන් නිදහස්ව පැමිණෙන දිනයේ නිවසේ දොර ඔහු වෙනුවෙන් හඬ නැගූ සියලූදෙනාට විවෘත බවත් කීවාය.

සුබෙයිඩාට් ටමෙර්ලාන් හා ඇයගේ සැමියා කජිගිස්තානයේ වාසය කළවුන් වන අතර ඔවුන් ඇමරිකාවට පැමිණ ඇත්තේ චෙච්නියා ගරිල්ලන්ගෙන් තමන්ට ජීවිත තර්ජන ඇතැයි කියමිනි.ස්ථාවර වූ පසු ඔවුන් තම පුතුන්වද ඇමරිකාවට ගෙන්වාගෙන ඇත.

ටමෙර්ලාන් අන් ආගමික මත නොඉවසන දැඩි මතධාරීන් ලෙස හැඩගැසෙන්නට ගෙන ඇත්තේ ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදීය.ඔවුන්ගේ වෛරය අවසානයේ පුපුරා ගියේ බොස්ටන් බෝම්බයෙන්ය.

තම සොහොයුරා හා තමා මෙම ප‍්‍රහාරය එල්ල කළේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ අසරණ ඉස්ලාම් භක්තිකයින් මරා දමමින් සිදුකරන මහා සංහාරයට විරෝධය පළකිරීමක් ලෙස බව ඩෝස්කාර් වරක් තම නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවකදී සදහන් කළේය.මොවුන් දෙදෙන හා ත‍්‍රස්ත සංවිධානයක් අතර සම්බන්ධයක් ඇතැයි බොහෝ දෙනා සිතා සිටියද පසුව එවැන්නක් නොමැති බව අනාවරණය විය.

ඩෝස්කාර්ට මරණ දඩුවම නියම වීම සම්බන්ධයෙන් බොස්ටන් ප‍්‍රහාරයට හසුව දිවි ගලවාගැනීමට සමත්වූ පුද්ගලයින් පළකරන්නේ මිශ‍්‍ර අදහස්ය. ප‍්‍රහාරයට හසුව මියගිය හා ජීවිත කාලයටම ආබාධිතව සිටින පුද්ගලයින්ට එයින් අත්වන ඵලක් නැතැයි ඇතැමුන් කියන අතර තවත් අය කියන්නේ මහා විනාශයක් සිදුකළ ඩෝස්කාර්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් සතුටුවන බවය.

2761B87700000578-3030519-image-m-105_1428527094981 2762DD3B00000578-3030519-image-a-5_1428531984019 2762DD4600000578-3030519-image-m-4_1428531769916 2762DF2200000578-3030519-image-a-10_1428532268064 2744445E00000578-3030519-Suspect_Prosecutors_claim_Tsarnaev_seen_emerging_from_a_boat_dur-a-75_1428516082047 2763488100000578-0-image-m-4_1428540372850



අදහස් (0)

මැරතන් ශුරයාට බෝම්බ ගසා ගස් යයි

නුවන් Friday, 10 April 2015 09:19 AM

මුන්ව තම රටට ගෙන්න ගත්ත එකට ඇමරිකාවට ගහන්න ඕන ඉස්සෙල්ලා! (ම)

:       0       0

රජින්ද Friday, 10 April 2015 09:57 AM

ධර්මය මනුෂ්‍යත්වයට එදිරි වූ කල. (ස)

:       0       0

රජින්ද Friday, 10 April 2015 09:57 AM

ධර්මය මනුෂ්‍යත්වයට එදිරි වූ කල. (ස)

:       0       0

ගොඩී Friday, 10 April 2015 10:57 AM

සාමයේ ආගම. ඔවුනට මේ මිනීමරුවා වීරයෙක් . (ස)

:       0       0

විපුල Friday, 10 April 2015 12:18 PM

යක්ෂයව අදහන මිනිස්සු!! (අ)

:       0       0

කීර්ති Friday, 10 April 2015 01:27 PM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

සරත් Friday, 10 April 2015 02:26 PM

ඔය වගේ පිනතුර ඕන තරන් අපේ රටේ ගන්න පුළුවන් කොපි කරපුවා (අ)

:       0       0

විජිත Friday, 10 April 2015 03:22 PM

මේ දේවල් වලින් මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? (නි)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 04:44 AM

අනුන්ව හපන්න ඇතිකළ සර්පයන් තමන්ට දෂ්ටකළ මොහොතක් (නි)

:       0       0

බටුගෙදර Saturday, 11 April 2015 08:04 AM

ඇමෙරිකාවට ඕනෑවුණෙත් රුසියාවට ගහන්න. අන්තීමට ඇමෙරිකාවම ඉල්ලන් කෑවා.අනේ අපේ උදවිය දන්නා දේවල්? (නි)

:       0       0

පුබුදු Saturday, 11 April 2015 12:52 PM

නයා ගෙට දාගෙන කනවෝ කියනවා වගේ වැඩක් තමයි ඇමෙරිකාවට වෙලා තියෙන්නේ. (බ)

:       0       0

නාමල්-නිව්යෝක් සිට Saturday, 11 April 2015 04:20 PM

මෙතන සමහරු ඇමරිකාව කලුද සුදුද කිලල නොදැන ඇමරිකාවට බනිනවා.. ජිහාඩ් ත්‍රස්තවාදය ඇමරිකාව ඇතිකළ ඉලව්වක් නෙමේ.. ඒක ශතවර්ෂ ගනනක් තිස්සේ (කුරුස යුද්ධය කාලයේ සිට ) මැදපෙරදිග තිබුණු අන්තවාදය.. ඇමරිකාව කරන්නේ ලෝකයේ අනෙක් දියුණු රටවල් සමග එක ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරන එක. ලංකාවේ ඉන්න අයගේ ලෝකය ගැන දැනුම මෙතනින් පේනවා...(බ)

:       0       0

ලංකා Sunday, 12 April 2015 02:18 AM

අනේ නාමල්-නිව්යෝක් සිට 2015-04-11 16:20:53, ඔයා ඇමරිකාවේ ඉදලත් ඇමරිකාව ගැන දන්නේ නැහැනේ! 1980 ගණන්වල සෝවියට් රුසියාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන කොට ඊට විරුද්ධ වූ මුජහදීන් ගරිල්ලන්ට උදව් කලේ ඇමරිකාව තමයි. මේ මුජහදීන් ගරිල්ලන් තමයි පසුව තලෙය්බාන් ත්‍රස්තවාදීන් වුනේ. මේ මැතදී, සිරියාවේ අසාද්ට විරුද්ධව කැරලි කරුවන්ට අයුධ හා අනුබල දුන්නෙත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්. හැබැයි, මේ යුධ ආධාර ගත්තු සමහර කොටස් තමයි ISIS ත්‍රස්තවාදීන්. දැනගෙන් කතා කරන්න.. (බ)

:       0       0

නාමල් Monday, 13 April 2015 04:25 AM

ඔය ලංකා (ලංකා 2015-04-12 02:18:25) කියල කොමන්ට් කරන කෙනා ඉතිහාසය ඉගෙනගෙන ඇත්තේ ලංකාවෙ පත්තර වලින් වෙන්නඇති.. මුජහඩීන්ලට ඇමරිකාව උදවු කරන කාලයේ (1980-87) ඔවුන් වහබි අන්තවාදීන් නෙමේ.. සාමාන්‍ය ඇෆ්ගනි ජාතිකයින්.. ඔවුන් අන්තවාදීන් වෙන්නේ සවුදි අරාබිය වගේ රටවලින් ඇෆ්ගනිස්ථානයට 90 දශකයේ එන අන්තවාදය නිසා.. ඒ අන්තවාදය කුරුස යුද්ධය කාලයේ සිට මැදපෙරදිග පැවතෙන එකක්...(බ) සිරියාවේ අසාද් කියන්නේ ඒකාධිපතියෙක්.. ඇමරිකාව උදවු කලේ සිරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන පිරිසට හෙවත් (Free Syrian Army) එකට. සිරියාවට Islamic State එන්නේ ඉරාකයෙන්.. පුලුවන්නම් ඉන්ග්‍රීසියෙන් පලවන මාධ්‍යකින් ලෝකය ගැන හදාරන්න.. ලංකාවෙ මාධ්‍ය වලින් විතරක් ලෝකය දකින්න හදන්න එපා..

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site