X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මැලේසියා ගුවන් සමාගම බංකොලොත්

මැලේසියා ගුවන් සමාගම බංකොලොත් භාවයට පත්ව ඇති බැවින් එහි සේවකයන් 20,000 සිට 14,000 දක්වා 6,000කින් අඩු කරණ බව එම සමාගමේ ප්‍රධාන විධායක ක්‍රිස්ටෝපර් මුලර් පවසයි. පසුගිය මැයි මාසේය් දී ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්ව ආ මුලර් පවසන්නේ සේවකයන් ප්‍රමාණය අඩුකිරීමනේ ගුවන් යානා මෙහෙයුම්වලට බාධාවක් නොවන බවයි.

සමාගම මේ තත්ත්වයට පත්ව ඇත්තේ පසුගිය වසරේ සිදුවූ ගුවන් යානා අනතුරු හේතුවෙනි.

පසුගිය වසරේ  මාර්තු මාසයේදී මැලේසියානු ගුවන් සමාගමේ එම්එච් 370 ගුවන් යානය මගීන් 239 ක් සමග අතුරුදන් විය. තවමත්  මෙම ගුවන් යානය ගැන කිසිදු තොරතුරක් නොමැත. ඊට මාස හතරකට පසු එම්එඩ් 17 ගුවන් යානය යුක්රේන ගුවන් පථයේදී එල්ල වුනු මිසයිල් ප්‍රහාරයකින් මගීන් 298 ක් සමග විනාශ විය.

මේ හේතුවෙන් කලාපයේ ඇති තරඟකාරිත්වය හමුවේ වසර කීපයක්ම පාඩු ලැබු මැලේසියානු ගුවන් සමාගමට තවත් අහිතකර තත්වයක් උදාවිය.

මැලේසියානු ගුවන් සමාගම සැප්තැම්බර පළමුවැනි දා සිට නව වෙළඳ නාමයකින් කටයුතු කිරීමට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් මෙහි නාමය හා සළකුණ  වෙනස් කරණවා ද නැද්ද යන්න පිලිබඳ තවම කිසිවක් ප්‍රකාශ කල නොහැකි බව මුලර් පවසා තිබේ.

කෙසේ වෙතත් මැලේසියානු ගුවන් සමාගම දැන් සායම් සේදුනු මලානික වෙළඳ නාමයක් බවට පත්ව ඇතැයි ද ප්‍රධාන විධායක පවසා තිබේ.

ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ඇතැම් ගමනාන්තයන් දක්වා දිවෙන ගුවන් ගමන් ප්‍රමාණය අඩු කරණ බවත් ඇතැම්  ගුවන් ගමන් සඳහා යොදා ගන්නා විශාල ගුවන් යානා වෙනුවට කුඩා ගුවන් යානා යෙදවීමට බලාපොරොත්තු වන බවත්ය.

ගුවන් ගමන් වාර අඩු කිරීමට පෙර තමන් තවත් ගුවන් සමාගමක් සමග හවුලේ ව්‍යාපාරයක් ඇරඹීමට බලාපොරොත්තු වන බවද මේ සඳහා සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කරණ බවද හෙතෙම කියා තිබේ.

තමන්ගේ සැලසුම 2015 දි පාඩු අවම කර ගැනීමෙන් ඊළඟ වසරේදී ස්ථාවර තත්වයකට පත්කරලීමට මෙන්ම නැවත සාර්ථකව ලාභදායි ලෙස 2017 සිට මෙම ගුවන් සමාගම ඉදිරියට ගෙන යාම බව මුලර් මාධ්‍යයට පවසා තිබේ. මැලේසියානු ගුවන් සමාගමේ ප්‍රධාන විධායක ලෙස මුලර් පත්වීමෙන් පසු ප්‍රසිද්ධියේ  ඔහු මාධ්‍ය හමුවක් පැවැත්වු ප්‍රථම අවස්ථාව මෙයයි.



අදහස් (0)

මැලේසියා ගුවන් සමාගම බංකොලොත්

උදිත් Tuesday, 02 June 2015 08:28 AM

අපේ කට්ටියගෙන් උපදෙස් ගත්තනම් මෙහෙම වෙන්නේ නෑ. (ර)

:       0       0

අරෝෂා Tuesday, 02 June 2015 09:51 AM

තියෙන ශ්‍රී ලංකන් එක නඩත්තු කොරන්න දන්නෙති මේ අයගෙන කිසිම අදහසක් මැලේසියන් අයට ඕනේ නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site