මැලේසියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු අතර, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය දිනා ගැනීමට කිසිදු පක්ෂයක් සමත් වූයේ නැත.
මහ මැතිවරණයේ දී තියුණු සටනක් පැවැතියේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් ප්‍රමුඛ ඔහුගේ 'පක්ටාන් හරප්පාන්' සන්ධානය සහ හිටපු මැලේසියානු අග්‍රාමාත්‍ය මුහිදීන් යසීන් ප්‍රමුඛ ඔහුගේ 'ජාතික සන්ධානය' අතරේය.
මැලේසියානු පාර්ලිමේන්තුව ආසන 222 කින් සමන්විතය. ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී 'පක්ටාන් හරප්පාන්' සන්ධානය ආසන 82 ක් දිනාගෙන සිටි අතර 'ජාතික සන්ධානය' දිනා ගෙන සිටියේ ආසන 73 කි.
වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකූබ් සහ ඔහුගේ 'බර්සියන් ජාතික සන්ධානය' දිනා ගත්තේ ආසන 30 ක් පමණි.
අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකූබ් සහ ඔහුගේ 'බර්සියන් ජාතික සන්ධානය' ජනතා අප්‍රසාදයට පත් වූයේ එල්ල වී ඇති දූෂණ චෝදනා හේතුවෙනි. 'බර්සියන් ජාතික සන්ධානය' මැලේසියාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ මැලේසියාවට නිදහස ලැබූ දා සිටය.
මැලේසියානු දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නව හවුල් රජයක් පිහිටුවීමේදී 'බර්සියන් ජාතික සන්ධානය', 'පක්ටාන් හරප්පාන්' සන්ධානය සමඟ හෝ 'ජාතික සන්ධානය' සමඟ හෝ එක්වීමට ඉඩ ඇති බවය.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැලේසියා මැතිවරණයෙන් කාටවත් බහුතරය නෑ