X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


මැලේසියා යානය ගැන අලුත් හෙළිදරව්වක්

පසුගිය මාර්තු මාසයේදී අතුරුදන්ව මේ දක්වාම කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිව තිබෙන මැලේසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 ගුවන්යානය මගීන් සමගම විනාශ කර ඇතැයිද එම විනාශ කිරීම පසුපස සිටින්නේ ඇමරිකාව යැයිද ඇමරිකා ලේඛකයකු වන මාර්ක් ඩුගේන් කියයි.

මෙම යානය සැප්තැම්බර් 11 ඇමරිකා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප‍්‍රහාරය හා සමාන ප‍්‍රහාරයකට යොදාගැනීමේ සැලසුමක් අනාවරණය වීම නිසා මෙසේ විනාශ කර දමා ඇති බව ඔහු පවසයි.

ඔහුට අනුව යානය විනාශ කර ඇත්තේ ඇමරිකා නාවුක කදවුරක් පිහිටි ඩියේගෝ ගාර්සියා දූපත ආසන්නයේදීය. යානය මේ දූපත ආසන්නයෙන් පියාසර කර ඇතැයි මීට පෙරද සැක කෙරුණු අතර එසේ වුවත් කඳවුරේ රේඩාර් උපකරණයෙන්ගේ සටහන්ව තිබූ තොරතුරු යානය සොයා සිදුවන පරීක්ෂණ කටයුතු සඳහා ලබාදීම ඇමරිකාව ප‍්‍රතික්ෂේප කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු සෙවීමේ නිරතව සිටින තමා හට දැන් ජීවිත තර්ජනයන් පවා එල්ලවෙමින් තිබෙන බව සඳහන් කරන මාර්ක් ඩුගේන් වරෙක ලැබුණු ඇමතුමකින් ‘වැඩිය කරදර නොවන්න.කාලයට ඉඩදී නිකන් ඉන්න‘ යැයි පැවසුනු බවද කියයි.

අලූත් පොතක් එළිදැක්වීමට ගන්නා උත්සාහයක් ලෙස සලකමින් ඔහුගේ අදහස් බැහැර කිරීමට බහුතරයක් කටයුතු කර ඇතත් ඇතැමෙක් ඒවායේ ගතයුතු යමක් තිබෙන බව පවසයි.

අතුරුදන්වූ යානය සම්බන්ධව කිසිදු තොරතුරක් මේ දක්වාම සොයාගැනීමට නොහැකිවී තිබීම ඇත්තෙන්ම අභිරහසකි. ඕස්ටේ‍්‍රලියාව, ඉන්දුනීසියාව ඇතුලූ රටවල් ඩොලර් ලක්ෂ ගණන් පිරිවැය දරමින් තවමත් යානය සොයා මෙහෙයුම් කටයුතු කි‍්‍රයාත්මක කරමින් සිටියද,එම මෙහෙයුම් කටයුතු දිනෙන් දින යාවත්කාල කිරීම සිදුකළද, ඒවායින් ප‍්‍රතිඵල අත්වන බවක් පෙනෙන්නට නැත.



අදහස් (0)

මැලේසියා යානය ගැන අලුත් හෙළිදරව්වක්

ජයත් Thursday, 25 December 2014 06:58 AM

කුමාර් ඔබ හරි. එයාල මේ වගේ වැඩ වලට හරිම දක්ෂයෝ (නදී)

:       0       0

නෙලුම් බණ්ඩාරනායක Monday, 29 December 2014 03:45 AM

මේ ගුවන්යානය තවමත් සඟවා තිබෙන බවත් කීප දෙනෙක් මියගොස් ඇතිබව පමණක් කිවහැකියි. ඇමරිකාව කියන්නේ ගුවන්යානා එකක් නොවෙයි දහයක් වුණත් සඟවා තබාගන්න හැකි ප්‍රදේශ තියෙන රටක්. (අ)

:       0       0

සරත් පියසේන Sunday, 28 December 2014 08:29 AM

ඇමරිකාව ඔච්චර පහත දේ කරන්න කැමති ද පරීක්ෂණ නොමග යැවීමක් (බ)

:       0       0

බණ්ඩා Saturday, 27 December 2014 09:53 AM

තමන්ගේ රටට ප්‍රහාරයක් එල්ල කරන්න එනවා නම් පහර දෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

සෑම් Friday, 26 December 2014 08:30 PM

ග්‍රහලෝක වල තිබෙන දේවල් හොයන්න පුළුවන් රටවලට අපේ ලෝකයේ දේවල් හොයන්න බැරි එක ලොකුම බොරුවක්. කවුරුහරි පිටුපස ඉන්නවා මේකේ. (නි)

:       0       0

තුෂාර Friday, 26 December 2014 05:50 PM

මේක නම් පුදුම වැඩක් (නි)

:       0       0

චන්දන Friday, 26 December 2014 05:18 PM

ඇයි අපේ කෙනෙකුත් කිවුවාලු නේද මේ යානය එක පැහැරගෙන ගියා කියලා? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 25 December 2014 04:46 PM

මම මේ ගැන මාස ගණනකට කලිනුත් කිවුවා (නි)

:       0       0

කල්ප Thursday, 25 December 2014 12:35 PM

මට ඔය ගැන ඊට කලින්ම සැක තිබුන. මොකද මෙම යානය මාලදිවයිනට ඉහලින් අහසේ තරමක් පහතින් ගිය බවට එහි පුද්ගලයන් වාර්තා කරතිබුන. එම ගිය දිශාව අනූව යා යුත්තේ දියාගෝ ග්‍රීසිය පැත්තට. (අ)

:       0       0

සූරසේන Thursday, 25 December 2014 07:35 AM

අර දින 3 කින් පසු තොරතුරක් ලැබෙනවා කියූ චන්ද්‍රසිරි බන්ඩාර කෝ. එයාගෙන් එපායැ මේවා අහන්න. (නදී)

:       0       0

ප්‍රශීන් Wednesday, 24 December 2014 11:27 AM

මේ වගේ වැඩ වලින් තමයි ඇමෙරිකාව බලවතෙක් වෙන්නේ. (අ)

:       0       0

අනුර Thursday, 25 December 2014 06:21 AM

ඇමෙරිකාවට බැන බැන, උදව් ගන්න එක, බෙහෙත් ගන්න යන එක ඉගෙන ගන්න යන එක තමා අපේ අය කරන්නේ. (නදී)

:       0       0

ශාන්ති Thursday, 25 December 2014 06:01 AM

අනිල් මටත් කියන්ඩකෝ ඔයා අංජනම බලපු ස්ථානයේ නම හදිස්සි අවස්ථාවකට යන්ඩ (බ)

:       0       0

ඉන්දි Thursday, 25 December 2014 05:01 AM

මේක වැඩ කරනවද? (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 December 2014 04:37 AM

උපාලි විජේවර්ධනටත් උනේ ඔහොම දෙයක් තමයි. (ස)

:       0       0

අනිල් Thursday, 25 December 2014 12:01 AM

යානාවත් මගීනුත් ජීවතුන් අතර, අංජනමකින් බැලුවා. (නදී)

:       0       0

කුමාර් Wednesday, 24 December 2014 09:03 PM

එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කෙනෙකුත් කොන්ගෝ ප්‍රශ්නය වෙලාවේ ගුවන් යානයෙන් යද්දී විනාශ කරා (නදී)

:       0       0

ප්‍රනාන්දු - පැරිස් Wednesday, 24 December 2014 05:38 PM

ඇමරිකාව, ලෝකයට පිළිකාවක්. (නදී)

:       0       0

පත්මසිරි මාපලගම Wednesday, 24 December 2014 12:30 PM

මේ කතාව ඇත්තක් වන්නට ඉඩ තිබෙනවා. ඇමරිකාව අතීතයේ සිට අද වනතුරු කරපු සහ කරන්නා වූ දේවල් දුටුවම (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site