X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මිතුදම් තරකර ගන්න ඇමෙරිකා රාජ්‍ය ලේකම් සෞදියට යයි

සිරියාව සහ ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ ප‍්‍රතිපත්ති, සෞදි රජ පවුලේ දැඩි දෝෂ දර්ශනයට හේතුවීම නිසා, ඒ ගැන සාකච්ඡා කර මිතුදම් තරකර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ (4) සෞදි අරාබියට පැමිණියේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා, නියෝජිත පිරිසක් ද සමඟ සෞදි අරාබියේ රියාද් නුවරට පැමිණියේ දින 11 ක අරාබි සංචාරයක් ආරම්භ කරමිනි.
රියාද් ගුවන්තොටුපොළේදී ජෝන් කෙරී ඇතුළු ඇමෙරිකන් නියෝජිත පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පිළිගනු ලැබුවේ සෞදි විදේශ ඇමැති සෞද් අල් ෆයිසාල් කුමරුන් විසිනි.

සිරියාව සහ ඉරානය සම්බන්ධයෙන්, ජනපති ඔබාමාගේ විදේශ ප‍්‍රතිපත්තිවලට සෞදි රජ පවුලේ අප‍්‍රසාදය පළ වූ නිසා,  ඇමෙරිකාවත් සෞදියත් අතර පවතින මිතුදම් පමණක් නොව, තෙල් ගනුදෙනුවලට බාධාවක් එල්ලවී තිබුණි.

වසර දෙකක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදයේදී, සිරියානු රජය පෙරැුළීමට එරට කැරැුලිකරුවන්ට ඇමෙරිකාව සහාය දේවි යන්න සෞදි රජයේ අවශ්‍යතාව වී තිබුණි.

එහෙත් සිරියානු රජයට සහාය දක්වන රුසියාව මැදිහත් වී, සිරියානු රජයේ කැමැත්ත සහ ඇමෙරිකාවේ අනුමැතිය ලබාගෙන එරට රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කොට ඒවා විනාශ කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රසායනික අවිහරන කමිටුවට අවස්ථාව ලබා දුන්නේය.

ඒ නිසා ඇමෙරිකා ජනපති ඔබාමා, සිරියාවට පහර නොදුන්නේය. සිරියානු කැරැුලිකරුවන්ට හෝ විපක්ෂ කණ්ඩායම්වලට බලය අත්පත් කර ගැනීමට නොහැකි විය.

සිරියානු අර්බුදයේ දී එරට කැරැලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට රටේ පාලන බලය අත්වනු දැකීමේ කැමැත්තෙන් සිටි මැදපෙරදිග රටවල් අතර සෞදි රජය ද සිටියේය.

සිරියා අර්බුදය උත්සන්න වී, තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑමට ආසන්න වෙද්දී, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය නොදක්වන්නේ නම්, ඒ වෙනුවෙන් රුසියානු රජය සමඟ ප‍්‍රධාන පෙළේ අවි ගනුදෙනු ඇතිකර ගැනීමටත්, එරට ගෑස් අලෙවියට අභියෝගයක් නොකිරීමටත්, රුසියාව මේ වන විට සිරියාවේ පවත්වා ගෙන යන නාවික කඳවුර මැදපෙරදිග කලාපයේ දිගටම පවත්වාගෙන යෑමට ඉඩ සලසා දීමටත් සෞදි රජය සූදානමින් සිටියේය.


 

සෞදි විදේශ ඇමැති අල් ෆයිසාල් කුමරු, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගනිමින්...

 



අදහස් (0)

මිතුදම් තරකර ගන්න ඇමෙරිකා රාජ්‍ය ලේකම් සෞදියට යයි

ෂෙරිෆ් Tuesday, 05 November 2013 12:25 PM

ලෝකේ ඉන්න ඕනෑම නායකයෙක් තෙල් ටික වෙනුවෙන් අරාබිකාරයෝ ඉදිරියේ දණ ගහනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site