ඇමරිකන් ගගනගාමින් සඳමතට ගෙනගිය රොකටය නිර්මාණය කරණ ලද ජර්මානු ඉංජිනේරු කංඩායමේ ජීවතුන් අතර සිටි අවසන් ඉංජිනේරුවරයා වු ඔස්කාර් හොල්ඩෙරර් (95) ඇමරිකාවේ ඇලබාමා හි දී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්කාර්ගේ පුතු මිචෙල් පැවසුවේ තම පියාට පසුගිය සතියේ ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවයි.
ඔස්කාර් හොල්ඩෙරර් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවට ගෙන ගිය ජර්මානු ඉංජිනේරුවරුන් 120 දෙනාගෙන් එක් ඉංජිනේරුවරයෙකි. මොවුන් ජර්මනිය සෑදු වී 2 රොකට්ටුවේ තාක්ෂණය ඇමෙරිකාවේ දී වැඩිදියුණු කළහ. වී 2 රොකට්ටුව දෙවැනි ලෝක යුද්ධයේ අවසන් කාලයේදී ජර්මනිය තම සතුරු රටවල් වෙත ප්‍රහාර එල්ල කිරීමට යොදාගනු ලැබිය.මොහු විසින් 1969 දී ඇමරිකානුවන් සඳ මතට පාතැබු සැටර්න් 5 රොකට්ටුව නිර්මාණයේදී ප්‍රධාන කාර්යභාරයක් සිදුකලේය.
මෙම ජර්මානු ඉංජිනේරු කංඩායම පළමුව ස්ථාන ගතව සිටිනා ලද්දේ නිව් මෙක්සිකෝවේ වයිට් සැන්ඩ්ස් නගරයේවන අතර 1950 හිදි රෙඩ්ස්ටෝන් ආර්සෙනල් ඇලබාමා වෙත පිටත් ව ගොස් ඇත්තේ සැටර්න් 5 රොකට්ටුව නිර්මාණය පිණිසය
මිචෙල් හොල්ඩෙරර් පැවසුවේ තම පියා විසින් සැටර්න් රොකට්ටුව නිපදවීමේදී එහි සවිකරණු ලැබු අධිවේගී සුලං උමග සහිත කොටස නිර්මාණය කල බවයි.
හොල්ඩෙරර් මහතා 1955 හිදී ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් අතර නාසා ආයතනයෙන් 1974 දී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු විසින් පුහුණු වීම් සඳහා යොදා ගන්නා උපාංග සාදා තිබේ. මෙම උපාංග ඇමරිකාවේ හන්ට්ස් විලේ පිහිටි ඇමරිකානු අභ්‍යාවකාශ සහ රොකට් මධ්‍යස්ථානයේ තවමත් භාවිතා කරයි.
කලින් නාසා හි ප්‍රකාශක ඊඩී බක්බේ පැවසුවේ හොල්ඩෙරර් මහතා හැකියාවන් විශාල ප්‍රමාණයකින් පරිපූර්ණ වු ඉංජිනේරුවරයෙක් බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිනිසා හඳට යැවූ මිනිසා අවසන් ගමන් යයි