මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (21) බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් විශේෂ දේශනයක් පැවැත් වීමට නියමිතව සිටියාය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, බි‍්‍ර‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතීමට අවස්ථාව උදා වූ පස් වැනි විදේශිකයා වන්නේ සූ කීය.
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතීමට සූ කීට අවස්ථාව උදා වීම සූ කීට පමණක් නොව මියන්මාරයට ද වැදගත් ඓතිහාසික අවස්ථාවක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
අවසන් වරට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් මේ අයුරින් දේශනයක් පවත්වා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාය.
සූ කීගේ දේශනය පැවැත්වීමට නියමිතව තිබුණේ බි‍්‍ර‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් 11 වැනි සියවසේ ඉදිකළ වෙස්ට්මින්ස්ටර් ශාලාවේය.
දේශනය පැවැත්වීමට පෙර සූ කී සහ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. යුරෝපා සංචාරයක යෙදෙමින්, සූ කී බි‍්‍රතාන්‍යයට පැමිණියේ ඉකුත් 19 වැනිදාය. ඒ ඇගේ 67 වැනි උපන් දිනය විය. ලන්ඩන් නුවරට පැමිණි ඇය බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් පමණක් නොව බි‍්‍රතාන්‍යයේ වෙසෙන මියන්මාර ජාතිකයන් විසින් ද ඉතා උණුසුම් අයුරින් පිළිගැණුනාය.
සූ කී බි‍්‍රතාන්‍යයට පැමිණියේ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ විශේෂ ආරාධනාවකට අනුවය. හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ සිටි සූ කී නිදහස ලැබීමෙන් පසු ඇය බැලීමට අගමැති කැමරන් ඉකුත් අපේ‍්‍රල් මාසයේදී මියන්මාරයට ගියේය. බි‍්‍රතාන්‍යයේ සංචාරයකට පැමිණෙන්නැයි අගමැති කැමරන් සූ කීට එම අවස්ථාවේදී ආරාධනා කළේය.
සූ කී විවාහ වී සිටියේ බි‍්‍රතාන්‍ය ජාතික මයිකල් ඒරීස් සමඟය. 1960 දශකයේදී සැමියා සහ පුතුන් දෙදෙනා වන කිම් සහ ඇලෙක්ස් සමඟ සූ කී පදිංචි වී සිටියේ ද ඔක්ස්ෆර්ඞ් ප‍්‍රදේශයේයි. පෙරේදා (20) ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී ඇයට ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද පිරිනැමුණි.
සූ කී ට එම ආචාර්ය උපාධිය පිරිනැමීමට කටයුතු යෙදී තිබුණේ 1993 වසරේදීය. මියන්මාර හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ පසුවූ හෙයින් සූ කීට එය ලබා ගැනීමට බි‍්‍රතාන්‍යයට පැමිණීමට නොහැකි විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මියන්මාර විපක්ෂ නායිකා සූ කී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතයි
චමින්ද Saturday, 23 June 2012 12:16 PM
අපේ අයව අනුකරනය කරනවා වගේ.....යන ට්‍රැක් එකනම් හරි නෑ වගේ....