මියන්මාර හමුදාව සමඟ සබඳතා ඇති කර ගනිමින්, ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඇමෙරිකාව සූදානම් බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පවසයි. ”මියන්මාරයේ සිදුවන දේශපාලන පෙරැළිය සතුටුදායකයි. මියන්මාර සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් කි‍්‍රයාවට නංවා තිබෙනවා. ඒවා ගැන ඇමෙරිකා රජය පැහැදීමකට ලක් වී සිටිනවා. ආසියා කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ ඇතිව මියන්මාර හමුදාව සමඟ ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඇමෙරිකා රජය සූදානම් වෙනවා” යැයි පැනේටා කියා සිටියේ පෙරේදා (2) සිංගප්පූරුවේ පැවැත්වුණු ආසියා ආරක්ෂක සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය. මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන පැහැදීමට ලක් ව සිටින ඇමෙරිකා රජය මේ වනවිට මියන්මාරයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට ද කටයුතු කර තිබේ. ඇමෙරිකාව පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ සෙසු බටහිර රටවල් ද මියන්මාරයට එරෙහිව පනවා තිබුණු සම්බාධක ලිහිල් කිරීමට කටයුතු කර ඇති අතර මියන්මාරය සමඟ තානාපති සබඳකම් ද ආරම්භ කර තිබේ. ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් මියන්මාරයට සම්බාධක පැනවූයේ මියන්මාරයේ වසර 60 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති හමුදා පාලනයට විරෝධය පළ කරමින්ය. එහෙත් 2010 වසරේ මහ මැතිවරණයෙන් පසු දැන් මියන්මාරයේ පවතින්නේ සිවිල් රජයකි. එම රජය, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින්, ඒවා නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම නිසා මියන්මාරයේ දේශපාලනයේ පෙරැළියක් සිදු කර ඇත. ආසියා රටවල මෙන්ම බටහිර රටවල ද අවධානය මේ වනවිට මියන්මාරයට යොමු වී ඇත්තේ එහෙයිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මියන්මාරය සමඟ හමුදා සබඳතා ඇති කර ගන්න ඇමෙරිකාව සැරසේ